නුවරඑළිය, රාගල සයිටම් විරෝධීන්ටත් CID යෙන් තර්ජන

"සයිටම් අහෝසි කරනු ජනහමු දහසක්" වැඩසටහන යටතේ  සයිටම් විරෝධි සිසු ජන ව්‍යාපාරයෙහි සංවිධානත්වයෙන් මේ මොහොත වන විට ජනතා දැනුවත් කිරීම් සිදුකරමින් ඇත. එම වැඩ සටහනට අනුව අද (21)දහවල් 12.00ට පමන නුවරඑළිය, රාගල ගොවිජන සේවා මධ්‍යස්ථානය  දැනුවත් කිරිම හා ජන හමුව සදහා සම්බන්ද වූ සිසුන් පිරිසට තමන් CID යැයි හදුන්වා දෙමින් යතුරු පැදියක පැමිනි දෙදෙනෙකු එහි සිටි සිසුන්ට තර්ජනය කර තිබේ.
සයිටම් ජනසතු කළ බවට ව්‍යාජ, අසත්‍ය මතයක් සමාජ ගත කරමින් ආණ්ඩුව අධ්‍යාපනය විකිණීමේ ප‍්‍රතිපත්තිය ඉදිරියටම කරගෙන යෑමට කටයුතු කරන අතර ඊට එරෙහිව හඩ නැගීම බරපතල අපරාධයක් ලෙස හුවා දක්වමින් ඇත. එබැවින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරිමට පටන් ගෙන ඇත. එකී මර්දනයෙහිම තවත් එක් රංගනයක් ලෙස මෙම තර්ජනය කිරීම්, බිය වැද්දීම් පිළිකුල් සහගතව හෙලා දකිමු.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>