රුහුණු සරසවියේ ශස්ත්‍රපිඨ ශිෂ්‍ය සංගමයෙහි සභාපති පොලිසියට කැදවයි

පසුගිය මස 21 වන දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය තුල කරන ලද විරෝදතාවයේදී ශිෂ්‍යයන්ට පහරදීම හේතුවෙන් ඊට සමගාමීව රුහුණ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය ලෙස 23 සිදු කරන ලද විරෝදතාවයේදී නාඳුනන පුද්ගලයෙකු විසින් ඡුායාරූප ගැනීම හේතුවෙන් ඔවුන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමට යෑමේදී පොලිස් නිලදාරීන් විසින් ශිෂ්‍යයන් තල්ලූකර දමා එම පුද්ගලයා බේරා ගැනීමට තැත් කල අතර එම පුද්ගලයාගේ අනන්‍යතාවය ඔප්පු කිරිමට නොහැකි වීම නිසා සිසුන් විසින් ඔවුන්ව වට කර ගැනිමට කටයුතු කලේය.
එම සිදුවීමට අදාලව පසුගිය දිනවලදී සිසුන් අත්අඩංගුවට ගනිමින් මහමගදී පැහැර ගනිමින් ආණ්ඩුවෙි පොලිස් මැරයන් යොදා ගනිමින් ඉතා නින්දිත ලෙස කටයුතු කල අතර අද දවසේ නැවතත් මර්දනය කි‍්‍රයාත්මක කරමින් ශිෂ්‍යයන්ගේ නිවෙස් වෙත පොලීසිය යවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින්  ඇත. ඊට ආසන්න සිදුවීම ලෙස 07/20 වන දින රුහුණ විශ්වවිද්‍යාලීය ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ සභාපති වීරසුරිය ආර්ච්චිගෙ ලහිරු සහෝදරයාගේ නිවසට තුන් වරක් ගොස් ඇති අතර නිවසේ කිසිවෙකු නොමැති බැවින් 2017/07/21   pm/399 පනිවිඩයට අනුව දහවල් 12.00ට දික්වැල්ල පොලීසියට පැමිණ කටඋත්තරයක් ලබා දෙන ලෙස ලිඛිතව සටහනක් තබාගොස් ඇත.
එම දිනයේම මේ වන විට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අවසන් කර සිටින රාජිත චතුරංග සහෝදරයාගේ නිවසට ලුණුගම්වෙහෙර පොලීසියෙන් ගොස් ඔහුව අත්තඩංගුවට ගැනීමට උත්සාහ කර ඇති අතර ඔහු එම සිදුවීමට කිසිඳු සම්බන්ධ වීමක් වත් එම දිනයේ විශ්වවිද්‍යාලයටවත් නොපැමිණි අතර මෙලෙස දිගින් දිගටම එම සිදුවීමට සම්බන්ධ නොමැති සිසුන් බියගන්වමින් හා පැහැර ගනිමේ නිර්ලජ්ජිත කි‍්‍රයාවක යෙදී සිටින අතර මේ වන විට සිසුන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් ඛියවද්දා අත්අඩංගුවට ගැනීම හා මහමගදී පැහැර ගැනිම නැවත ආරම්භ කොට ඇති බව  හොඳින් පැහැදිලිය.මර්දනය සිසුන් ලුහු බදිමින් ඇත.සමාජය තුල භීෂණය දලු ලමින් තිබේ.තවදුරටත් සංවිදානය වීම අත්‍යවශය මොහොතක් බව ඔප්ප්ඣ් කරමින් ඇත.මර්දනයට එරෙහිව හඩ නැගිය යුතුය.
                                                                   (ලහිරු සහොදරයා)

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>