සිසු නායකයින්ගේ නිවෙස් වලට පොලිසියෙන් තර්ජන



මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් පසුගිය 21 දින පැවැත්වූ විරෝධතාවය මුල්කරගනිමින් අනතර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු සිසු ක්‍රියාකාරීන් තිදෙනෙක් මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර තවත් සිසු නායකයින් රැසක් අත්අඩංගුවට ගැනීමේ රහසිගත සැලසුමක් රජය සතු පවතින බව විශ්වාස ආරංචිමාර්ග සදහන් කර සිටි. 

ඊයේ දින වන විටත් තවත් සිසු නායකයින් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට පොලිසිය ගොස් එම සිසු නායකයිනට පොලිසිය බාරවෙන ලෙස තර්ජනය කර ඇති අතර එසේ බාර නොවුනොත් නිවසේ සිටින අයෙකු අත්අඩංගුවට ගන්නාබවටද තර්ජනය කර ඇත.

සැබෑ ප්‍රශ්නය යටපත් කර සිසු නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් මාලඹේ සයිටම් ගැටලුව සදහා විසදුම් සෙවීම කල නොහැකි බවත් සිසු නායකයින් මෙසේ සියගණන් සිරගත කරත්, තවත් සිසු නායකයින් දහස් ගණන් මේ ශිෂ්‍ය ව්‍යාපාරයට පණ පෙව්මට සිටින බවත් අනතර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු සදහන් කර සිටි.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>