SAITM මෙන්ම සියලු ආකාරයේ අධ්‍යාපනය විකිණීම් වලට විරුද්ධයි. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය

   
මාලඹේ සයිටම් හොර උපාධි කඩයට සහ අධ්‍යාපනය විකුණන ආණ්ඩුවේ වැඩපිළිවෙලට එරෙහිව රැකියා විරහිත උපාධිදාරී සංගමය අද(02/21) මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී මාධ්‍ය සාකච්චාවක් කැඳවා තිබිණි.
     මෙහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය නංවාලීම වෙනුවට කප්පාදු කරමින් රජය ගෙනයන වැඩපිළිවෙල විවේචනය කළ අතර, ආණ්ඩුවේ බළධාරීන් මහජන ගැටළු වෙනුවට සමාගම් කරුවන්ගේ ඒජන්තයෙකු බවට පත්ව ඇතැයි ප්‍රකාශ කළේය. 30 000ක් ඉක්මවූ උපාධිධාරීන් වෙනුවෙන් වැඩපිළිවෙළක් නොමැති ආණ්ඩුවේ ඇමතිවරු පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ට රැකියා දීමට වැඩපිළිවෙළක් සකස්කරනවා යැයි කීම ගැන තම සංගමය අවධානයෙන් සිටින බවත් ප්‍රකාශ කළේය.
SAITM මෙන්ම සියලු ආකාරයේ අධ්‍යාපනය විකිණීම් වලට තමන් විරුද්ධ බවත්, ඒ සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීමට ඒකාබද්ධ අරගලයකට තමන්ද සහය පළකරන බව මෙහිදී ප්‍රකාශ විය. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු හිමියන් ඇතුළු සාමාජිකයන් කිහිපදෙනෙක් මේ අවස්ථාවට සම්බන්ධ වූහ

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>