රෝගී ජිවිත වනසන සයිටම් හොර උපාධි කඩයට එරෙහිව නැගෙනහිර උතුරුමැද වෛද්‍යවරු මහපාරට.

        මාලඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහිව දිවයිනේ පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක කෙරෙන වෛද්‍ය වැඩවර්ජනයේ පියවරක් ලෙස ඊයේ(23)දින උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල වෛද්‍ය වැඩවර්ජනයක් ක්‍රියාත්මක විය.මිට සමගාමිව අනුරාධපුර රෝහල අසල සිට මාර්කට් පෙදෙස හරහා නව බස් නැවතුම්පල දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කල අතර අනුරාධපුර නව බස් නැවතුම්පල අසල විරෝධතා රැළියක් සංවිධානය කර තිබිණි.පාගමන සහ විරෝධතා රැලිය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය,අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය,වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව,අන්තර් විශ්වවිද්යලයීය භික්ෂු බලමණ්ඩලය සහ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පිරිස් සහභාගී විය.
     මෙම වැඩවර්ජනයට සමගාමිව අම්පාර මහරෝහල අසල සිට අම්පාර නගර සභා ශාලාව දක්වා විරෝෂ පාගමනක් සහ නගර සභා ශාලාවේ ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබු අතර ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය,අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය,වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව,අන්තර් විශ්වවිද්යලයීය භික්ෂු බලමණ්ඩලය සහ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පිරිස් සහභාගී විය.
     ඒමෙන්ම පළාත තුල රෝහල් තුල සයිටම් උපාධි කඩයට විරෝධය පළකරමින් කළු කොඩි සහ විරෝධතා බැනර් තිබෙනු දක්නට ලැබුණි.
                                        
















 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>