තවත් උපාධි කඩයක් ආරම්භ කිරීම සඳහා ආණ්ඩුවේ තැතක්..


මාලඹේ සයිටම් උපාධි කඩය හරහා වෛද්‍ය උපාධිය ඇතුළු උපාධි මුදලට විකිණීම බරපතල සමාජ ගැටළුවක් බවට පත්ව ඇති මොහොතක තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කැඳවා තිබු මාධ්‍ය  සාකච්චාවකදී ඊයේ(19) හෙළිදරව් කළේය.
  මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. පසුගිය ජනවාරි 27 වැනිදා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය සහ  සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය මගින් අමාත්‍යංශ සන්දේශයක් යොමු කරලා තියෙනවා.මෙහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය සහ පුද්ගලික ව්‍යවසාය අතර ගිවිස ගන්න ලද සහයෝගිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යනුවෙන්.මේ කැබිනට් සංදේශය මගින් අවසර ඉල්ලා සිටිනවා අපේ රටේ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාත් අත්සන් කරන ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා.මේ අමාත්‍යංශ සංදේශය තියෙන්නේ ඉන්දියාවේ මනිපල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් මෙරට පිහිටුවීම සඳහායි.ලංකාවේ උසස් අධ්‍යාපනය සමත් එහෙත් විශ්වවිද්‍යාල සඳහා අවස්ථාව අහිමි විශාල පිරිසක් ඉන්නවා.ඒ යට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදෙන්න කියල තමයි මේ යෝජනාව ගේන්නේ.පසුගිය දිනක සයිටම් ආයතනය සම්බන්දයෙන් සාකච්චාවකට සම්බන්ද වුණා මෛත්‍රිපාල සිරිසේන සමග.එතුමා කිව්වේ ලංකාවෙන් වසරකට උසස් අධ්‍යපනය සඳහා වසරකට 75000ක් පමණ විදේශ ගත වෙනවා.ඒ සඳහා මෙරට මුදල් විශාල ප්‍රමාණයක් විදේශ රටවලට යනවා.එකට විසඳුමක් ලෙස පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවා කියල.මනිපාල විශ්වවිද්‍යාලය ගෙනල්ල මේ රටෙන් පිටට යන සල්ලි නවත්තගන්න හදනවා.ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලය මේ රටේ ආරම්භ කරට පස්සේ එකට සල්ලි දීල මේ රටේ ශිෂ්‍යයෝ ඇතුලත් වෙනවා.ඒ සල්ලි මේ රටේ තියාගෙන ඉන්න ඉන්දියාවේ මනිපල් විශ්වවිද්‍යාලයට පිස්සුවක් තියෙන්න ඕන.ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක් මේ රටේ දල ඒ සල්ලි මේ රටේ තියාගෙන ඉදිද?ඒ සල්ලි අනිවාර්යෙන්ම නැවත ඒ රටට ගෙනියනවා.බොරු තර්ක ගෙනල්ල අපිට මවාපනවා ලොකූ ප්‍රශ්නයක් තියෙනවා කියල.රජයට අදායම් එන මාර්ග සියල්ල අහිමි කරලා කියනවා රජයට අධ්‍යාපනය දෙන්න ප්‍රමාණවත් මුදල් නෑ කියල.
        මේ සංදේශයේ තියෙනවා දවැනි අධියරේදී පටන් ගන්නවා වෛද්‍ය විද්‍යාව.අක්කර 100ක කළුතර ප්‍රදේශයේ ඉඩමක් මනිපල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ආරම්භ කිරීමට වෙන්කරන්න අවසර ඉල්ලනවා.සබරගමුව වෛද්‍ය පීඨය ඉදිනොකිරීමට මේ ආණ්ඩුවෙන් හම්බුන උත්තරේ රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් නොවෙයි කියල.එහෙනම් ආණ්ඩුව කතාකරන්න ඕන මනිපල් විශ්වවිද්‍යාලය මෙහෙ දාන එක ගැන නෙමෙයි,කොහොමද රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් කරලා සබරගමුව වෛද්‍ය පීඨයක් ඇතිකරන්නේ කියලා.විදේශ රටවලට යන මුදල් නවත්තන්න ඕන නම් එකම විසඳුම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීම.ඒක මෙවෙනි යෝජනා ඉදිරිපත් කර අධ්‍යාපනය විකුනන්න කටයුතු කරනවානම් අපි ආණ්ඩුවට කියනවා පරිස්සම් වෙන්න කියල.
         මෙහිදී අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියේ මිට විරුද්ධව තවත් දැවැන්ත විරෝධතා ක්‍රියාත්මක කරන්න සුදානම්බවත් ඒ සඳහා මේ රටේ මහජනතාව සම්බන්ද කරගන්නා බවත්ය.




අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>