පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 01

අවුරුද්දකට උසස් පෙළ විභාගයෙන් 150000ක් පමණ සරසවි ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා. හැබැයි විශ්වවිද්‍යාලවලට බඳවාගන්නේ 25000 කටත් වඩා අඩු සංඛ්‍යාවක් පමණයි. සෑම වර්ෂයකම තවත් ලක්ෂ ගාණකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි වෙනවා. මොවුන් වෙනුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන එකේ ඇති වැරැුද්ද මොකද්ද? 

මේ කරුණු ගැන අපිට කිසිම විවාදයක් නෑ. 2015 වර්ෂයේ උසස් පෙළින් 155457 ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න සුදුසුකම් ලැබුවා. හැබැයි බඳවාගෙන තියෙන්නේ 25000කටත් වඩා අඩු ප‍්‍රමාණයක් පමණයි. තව 130000ට වඩා වැඩි පිරිසක් ඉන්නවා උසස් පෙළ සමත් ශිෂ්‍යයෝ. හැබැයි ඔවුන්ට උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් නෑ. මේ හැමෝටම උසස් අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය අපි පිළිගත යුතුයි. ඒ විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් වැදිය යුතුයි. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල මේ ප‍්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. 

මේ බොහෝ දෙනෙක්ට විශ්වවිද්‍යාලවලට යන්න බැරිවෙලා තියෙන්නෙ ලකුණු ප‍්‍රමාණවත් නැති නිසා නෙවෙයි. විශ්වවිද්‍යාලවලට තේරිච්ච අයයි නොතේරුණ සමහර ශිෂ්‍යයොයි අතරේ ලකුණුවල වෙනස සමහර විට ලකුණක් දෙකක්, නැත්නම් දශමස්ථානයක් වෙන්නත් පුළුවන්. මේ අතර ශිෂ්‍යයෝ ඉන්නවා. ඔවුන්ට විෂයන් තුනටම ් සාමාර්ථ තියෙනවා. හැබැයි ඔවුන් විශ්වවිද්‍යාලවලට බඳවාගන්නෙ නෑ. අපි අහනවා, උසස් පෙළ විභාගයෙන් මීට වඩා ගන්න තියෙන සාමාර්ථය මොකද්ද? 
මොවුන් මේ තැනට එන්න කොයිතරම් නම් වෙහෙස මහන්සි වෙන්න ඇත්ද? උදේ පාන්දරම ඉස්කෝලෙට යන දරුවෝ ආයෙත් ගෙදර එන්නේ හැන්දෑවේ අඳුරත් අරගෙන. උදේට ඉස්කෝලේ, හවස් වරුව, නිවාඩු දවස් ගෙවෙන්නේ ටියුෂන්වලට. මොවුන්ට ජීවිතේ කිසිම විවේකයක් නෑ. ? තිස්සෙ නිදි කිර කිරා, කකුල් වතුර බේසම්වල ඔබාගෙන පාඩම් කරන්න දුක් විඳින හැටි අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඔවුන්ට ළමා කාලයක් නෑ. තාරුණ්‍යයක් නෑ. දරුවො විතරක් නෙවෙයි, දෙමව්පියන් ගත්තත් මේ තත්ත්වය කිසිම වෙනසක් නෑ. දරුවන්ගෙ අධ්‍යාපනයට දරන්න සිද්ධ වෙලා තියෙන බර කොයි වගේද කියල, දෙමව්පියෝ විදහට ඔබට අපි කියන්න  ඕන නෑ. මේ රටේ දෙමව්පියෝ හරි හම්බකරන්න, නොවිඳිනා තරම් දුක් විඳිනවා. ? නිදි මරාගෙන වැඩ කරනවා. පැය 8 ක් වැඩ කරලා ලැබෙන සොච්චමෙන් දරුවන්ගෙ අධ්‍යාපනයට යන පිරිවැය දරාගන්න බෑ. ඒ නිසා හැමදාම පැය දෙක තුනක්  ඕටී (දඩැර එසපැ* කරන්න වෙනවා. 
පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 6 
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය 

විවේකය ගැන හිතන්නෙ නැතිව, සෙනසුරාදා, ඉරිදා, නිවාඩු දවස් මේ හැමදාම වැඩ කරන්න වෙනවා. එහෙම කරලා, උපයන හැම තඹ සතයක්ම වියදම් කරන්නෙ මොකටද? දරුවන්ට. ඔවුන්ගේ අධ්‍යාපනයට. අපිට අහන්න තියෙන ප‍්‍රශ්නය තමයි, දෙමාපියොයි, දරුවොයි දෙගොල්ලොම ඒ තරම් කැපකිරීම් කරලා උසස් පෙළින් විෂයන් තුනටම ් සාමාර්ථ ගත්තත් විශ්වවිද්‍යාලයකට යන්න බැරිනම් මොකද්ද ඒ දරුවන්ට තියෙන අනාගතය. මේ නිසා ඔවුන්ට මේ සමාජය ගැන වෛරයක් ඇති වෙන එක වළක්වන්න බෑ. අන්තිමේ හැම බලාපොරොත්තුවක්ම ඉවරයි කියලා හිතලා, ඇතැම් ශිෂ්‍යයෝ සියදිවි හානිකරගන්න තැනට පවා වැටෙනවා. 
අපි අහනවා ඔබෙන්, කවුද ඔබේ දරුවට මේ අසාධාරණය කළේ? කවුද ඔවුන්ව මෙතැනට ඇදල දැම්මේ? ඇයි ඔවුන්ට විශ්වවිද්‍යාලයකට යන්න බැරි? සුදුසුම් නැති නිසාද? නැත්නම් කරුමෙද? පවද? දෙවියන්ගෙ කැමැත්තද? ඔබට අවශ්‍ය නම් මේ මොකක් හරි එකක් කියලා හිතලා හිත හදාගන්න පුළුවන්. හැබැයි අපි හිතනවා, ඔබේ දරුවට මෙවැනි ඉරණමක් අත්වෙන්න හේතුව මේ එකක්වත් නෙවෙයි. 

ප‍්‍රශ්නෙ තමයි විශ්වවිද්‍යාලවලට බඳවාගන්නේ 25000යි. මොකද දැන් තියෙන විශ්වවිද්‍යාලවල ඊට වඩා ශිෂ්‍යයෝ බඳවාගන්න ඉඩ පහසුකම් නෑ. ඒ නිසා හරි පැහැදිලියි උසස් පෙළ විභාගයට ලියන සියලූම ශිෂ්‍යයෝ සියලූම විෂයන්ට ‘‘ඒ’’ සාමාර්ථ අරගෙන සමත් වුණත් බඳවාගන්න පුළුවන් 25000ම තමයි. ඉතින් අපි අහනවා ඔබෙන්, ඔබේ දරුවට යන්න විශ්වවිද්‍යාලයක් නැති එකට කවුද වැරදි? අන්තරේද?

දැන් හු`ගක් අය අහනවානෙ අපෙන්, මේ දරුවෝ ඉගෙනගන්න එපාද කියලා. අපි ඔබෙන් අහන්න කැමතියි, ඒ ප‍්‍රශ්නය අහන්න  ඕන අපෙන් ද නැත්නම් ආණ්ඩුවෙන් ද? රටේ දරුවන්ගෙ අනාගතය ගැන හිතන එක රජයේ වගකීම. ඒක කරන්න  ඕන ආණ්ඩුව මිසක් අපි නෙවෙයි. ඒක නොකරනව නම් අපිට සිද්ධ වෙනවා, ආණ්ඩුවට බල කරන්න, අපිට ඉගෙනගන්න දෙන්න කියලා. ආණ්ඩුවට  ඕනකමක් තියෙනව නම් මේ ප‍්‍රශ්නය විසඳන්න බැරි නෑ. විශ්වවිද්‍යාලවලට ප‍්‍රතිපාදන වැඩි කරලා, පහසුකම් පුළුල් කරා නම්, දැනට තියෙන විශ්වවිද්‍යාලවලට අමතරව අළුතෙන් විශ්වවිද්‍යාල පටන්ගත්තා නම් මේ ප‍්‍රශ්නය එන්නෙ නෑ. මේ හැමෝටම ඉගෙනගන්න අවස්ථා හදන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවට දැනට වෙන් කරන ප‍්‍රතිපාදනත් කපලා විශ්වවිද්‍යාල වහන්න හදද්දි, ඉඩ තියෙන ප‍්‍රමාණයටවත් බඳවා නොගද්දි මෙවැනි තත්ත්වයක් ඇති වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ නිසා අපේ දරුවොත් ඉගෙනගත්තම මොකද කියල අන්තරෙන් අහල වැඩක් නෑ. අපි ඔක්කොම ඒක ආණ්ඩුවෙන්, පාලකයන්ගෙන් අහමු. මොකද ඔවුන් තමයි මේවට වගකියන්න  ඕන. 
දැන් මෙන්න මේ ප‍්‍රශ්නයට තමයි ආණ්ඩුව කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල අරින්න  ඕන කියලා. එතකොට අන්න ඒකට විරුද්ධවෙන අය, අන්තරේ, වමේ පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් ක‍්‍රියාකාරිකයින් මේ කාට වුණත් අන්තිමේ ද්‍රෝහී ලේබලය ඇලවෙන එක වළක්වන්න බෑ. මේ රටේ හැම දරුවෙක්ටම මුදල් ගෙවීමකින් තොරව, හොඳ අධ්‍යාපනයක් ලබාගැනීම වෙනුවෙන් පෙනී ඉන්න අපි ද, නොමිලේ ලබාදිය හැකි අධ්‍යාපනයටත් මිලක් නියම කරලා, ධනපතියො කීප දෙනෙක්ට අධ්‍යාපනයත් විකුණන්න අවස්ථාව හදලා, අධ්‍යාපනය හරහාත් මේ රටේ ජනතාව කොල්ලකන්න හදන අය ද සැබෑ ජනතා ද්‍රෝහීන් කියන එක ඔබ තීරණය කළ යුතුයි. 
අධ්‍යාපනය විකුණනවට අපි විරුද්ධයි. හැබැයි සමහරු කියන්න උත්සාහ කරනවා වගේ අපි විරුද්ධ වෙන්නේ උසස් පෙළ සමත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලයක් දෙන්න හදනවට නෙවෙයි. අපි ඉල්ලන්නෙත් මේ ශිෂ්‍යයින් සරසවියට බඳවාගන්න.. ඔවුන්ටත් ඉගෙනගන්න දෙන්න.. අපි ඒකට විරුද්ධ නෑ. හැබැයි එහෙම කියලා පෞද්ගලික විශ්වවිද්‍යාල දානවට අපිට එකඟවෙන්න බෑ. 
මොකද අපි මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ වෙන්නෙ මේ ප‍්‍රශ්නයට උපාධි කඩ අරින එක උත්තරයක් නොවෙන නිසයි. මේ අරින උපාධි කඩවලට උසස් පෙළ සමත් වුණා කියලා ඔබේ දරුවට යන්න බෑ. මේවට බඳවාගැනීමේ මූලික සුදුසුකම උසස් පෙළ සමත්වීම නෙවෙයි. අයකරන ගාස්තු ගෙවන්න පුළුවන් ද කියන එක. ඒ නිසා ගෙවන්න බැරි කාටවත් මේවගෙ ඉගෙනගන්න තියා පස් පාගන්නවත් අවස්ථාව ලැබෙන්නේ නෑ. 
නිදසුනක් විදිහට, ඔබ නිකමට හිතන්න ඔබේ දරුවා උසස් පෙළ ඉහළින්ම සමත්. විද්‍යා අංශයෙන් සියලූම විෂයන්ට ් සාමාර්ථ ලබාගත්ත කියලා. කොහොම හරි ලකුණක් දෙකක් මදිවෙලා රජයේ විශ්වවිද්‍යාලවල කිසිම වෛද්‍ය පීඨයකට යන්න බෑ. ඒ ලකුණු මදි නිසා නෙවෙයි. මේ පීඨවල ඉඩ පහසුකම් මදි නිසා. දැන් ඔන්න මාලඹේ සයිටම් එක තියෙනවා. ඒක පටන්ගත්තේ ඔබේ දරුවා වගේම උසස් පෙළ සමත්, රජයේ ඒවට යන්න බැරි අයට යන්න කියලනේ. දැන් අපි අහන්න කැමතියි, ඔබේ දරුවට මාලඹේ සයිටම් එකට ගිහින් වෛද්‍ය වරයෙක් වෙන්න පුළුවන් ද? ඔබ කම්කරුවෙක් නම් ඔබේ මාසික ආදායම කීය ද? උපරිම වුණොත් රු. 30000 ක් වෙයි. ඉතින් ඔබට පුළුවන් ද ඒ වැටුපෙන් ලක්ෂ 120 ක් ගෙවලා ඔබේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න.. සාමාන්‍ය රජයේ සේවකයෙක්ට, පෞද්ගලික අංශයේ සේවයෙක්ට, ගොවියෙක්ට, ධීවරයෙක්ට පුළුවන් ද ඔවුන්ගෙ දරුවෝ සයිටම් එකට යවන්න. ලක්ෂ 120 ක් ගෙවන්න මේ කාටවත් පුළුවන් කියලා 
අපි හිතන්නේ නෑ. 
අපි හිතමු ඔබ වැඩ කරන්නෙ මාස් හෝල්ඩින් කම්පැණි එකේ කියලා. මේක ඇඟළුම් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ සමාගමක්. ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන්වන විදිහට, මේ සමාගමේ සේවක සේවාවිකාවෝ 79000 ක් පමණ සේවය කරනවා. මේ පිරිසෙන් වැඩිම පිරිස සමාන්‍ය වෙළඳ සේවක සේවිකාවෝ කියන එක හරි පැහැදිලියි. මොවුන්ගේ අවම වැටුප 15000 යි. කම්කරු නීතිවලට අනුව සතියකට කරන්න පුළුවන් උපරිම අතිකාල සේවා ප‍්‍රමාණය පැය 12 යි. මේ පැය 12ත් කරලා, හැමදාම ඇවිත් ඒ කියන්නේ මළ ගෙදරක්, ම`ගුල් ගෙයක්, තමන්ගෙ දරුවගෙ පාසලේ රැුස්වීම මේ ඔක්කොම අත ඇරල වැඩට ඇවිත් පැමිණීමේ දීමනාවයි, හොඳටම වහලෙක් වගේ වැඩකරාම හම්බවෙන තරුයි ඔක්කොම අරගෙන අන්තිමේ 25000 - 28000 ක් අතර වැටුපක් ගන්න පුළුවන්. මේ ටිකක් හොඳයි කියලා සමහරු හිතාගෙන ඉන්න ගාමන්ට් පැක්ටරි එකක තත්ත්වය. අනෙකුත් ඒවගෙ තත්ත්වය මීටත් වඩා අන්තයි. මුළු මාසයක් වැඩකරත් රු. 25000 ක් ගන්න බෑ. ඇතැම් ඒවගෙ කම්කරුවෝ අතිකාල පැය 30 - 40 ක් විතර වැඩ කරලත් 30000ක් ගන්න බෑ. සතියකට පැය 30ක්  ඕ.ටි කරා කියලා හිතුවොත් දවසකට පැය 3 ක් 4 ක් පැය 8ට අමතරව වැඩ කරල, සෙනසුරාදා ඉරිදා, නිවාඩු දවස් මේ හැමදාම වැඩ කරල තමයි මේ සොච්චම් පඩිය ගන්න පුළුවන්. ගාමන්ට් පැක්ටරි 280 ක, මේ විදිහට වැඩකරන කම්කරුවෝ 375000 ක් විතර ඉන්නවා. ඔබ හිතනව ද මේවගේ කම්කරුවෙක්ට තමන්ගෙ දරුවා ලක්ෂගාණක් ගෙවල උගන්වන්න පෞද්ගලික විශ්වවිද්‍යාලවලට දාන්න පුළුවන් කියලා. අඩුම තරමේ මෙවැනි කම්කරුවන්ට මේ ලැබෙන සොච්චමෙන් මාසෙ අවම නඩත්තුව වත් කරගන්න බෑ. හැබැයි මේවගෙ අයිතිකාරයන්ට පුළුවන් ඔවුන්ගේ දරුවෝ මේවට යවන්න. ආණ්ඩුව කා වෙනුවෙන් ද පෞද්ගලික විශ්වවිද්‍යාල අරින්නේ. ගාමන්ට්වල වැඩකරන 375000ක් වෙච්ච කම්කරුවො වෙනුවෙන් ද? නැත්නම් මේ සියලූ කම්කරුවන්ගෙ ශ‍්‍රමයේ වටිනාකම් කොල්ලකන ධනපතියො කීපදෙනා වෙනුවෙන් ද කියන එක හරි පැහැදිලියි. 
ලංකාවෙ වතු කම්කරුවො ඉන්නවා 193000ක්. මොවුන්ගේ දෛනික වැටුප කීයද? රු. 500 ක් වත් නෑ. මාසෙකට ලැබෙන්නේ දින 30ම වැඩ කරත් රු. 15000 යි. එක දවසක් හරි නිවාඩු ගත්තොත් මේ ගාන ලැබෙන්නෙත් නෑ. අපි අහනවා මොවුන්ට පුළුවන් ද ඔවුන්ගේ දරුවෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවන්න. වතු සමාගම් තියෙනවා 26 ක්. 22 ක් පෞද්ගලික අංශයේ, 4 ක් ආණ්ඩුවේ. අන්න මේවගෙ අයිතිකාරයන්ටයි, කළමනාකරුවෝ තුන්හතර දෙනෙක්ටයි පුළුවන් තමන්ගේ දරුවො මේ අරින පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවන්න. එහෙම නැතුව වතුකම්කරුවන්ට නම් බෑ. ආණ්ඩුව 193000ක් වතුකම්කරුවන්ගෙ දරුවන්ට යන්න හරිහමන් පාසලක්වත් හදන්නේ නැතිව වතු කොම්පැනි හිමිකරුවො කීපදෙනෙක් වෙනුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල අරිනවා. වතුකම්කරුවන්ට විතරක් නෙවෙයි ගොවියගෙ, ධීවරයගෙ තත්ත්වය ගත්තත් මීට වැඩි වෙනසක් නෑ. ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 20 ක් පමණ ඉන්නේ ගොවියෝ. මේ ප‍්‍රමාණෙන් වැඩි ප‍්‍රමාණයක් ඉන්නේ වී ගොවියෝ. වී ගොවියන්ගෙන් 90 ක්ම අක්කර 2 ක් විතර වගා කරන අය. අක්කර 2 ක හොඳටම ගොයම් පැහුණොත් වී කිලෝ 5000 ක් ගන්න පුළුවන්. අපි හිතුවොත් වී කිලෝ එකක් රු. 40ට දුන්න කියලා (මේ ගාන කවදාවත් ලැබෙන්නේ නෑ* ලක්ෂ 2 ක් ගන්න පුළුවන් වෙයි. මේ ආදායම ගන්න වියදම යනවා 90000 ක් 100000 ක් විතර. අපි හිතුවොත් ට‍්‍රැක්ටරයක් තියෙන ගොවියෙක් කියලා, එහෙම වුණත් 80000ක් විතර යනවා. එතකොට ලාභය කීයක් ගන්න පුළුවන් වෙයි ද? උපරිම වුණොත් ලක්ෂයක් ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මාස 6 කට තමයි ලක්ෂය. මාසෙකට කීයද, 20000ක වත් ආදායමක් නෑ. අපි අහනවා මේ රටේ ගොවි ජනතාවගෙන් ඔබට පුළුවන් ද ඔබේ දරුවා ලක්ෂ 120 ක් දීල මාලඹේට නෙවෙයි අඩුම තරමේ ලක්ෂයක් දෙකක් ගෙවන විශ්වවිද්‍යාලයකටවත් දාන්න. අපි හිතුවොත් අල වගාකරන ගොවියෙක් ගැන. සාමාන්‍යයෙන් අල ගොවියො වැඩ කරන්නෙ අක්කරයයි. නැත්නම් අක්කර භාගයයි. අක්කරයක් වැඩ කරන ගොවියෙක් කියලා අපි හිතුවොත්, අක්කරයකට අල කිලෝ 800ක් විතර හැදෙනවා. හොඳටම අස්වැන්න තිබුණොත් බීජ අල කිලෝ එකකකට අල කිලෝ 8 - 10 ක් ගන්න පුළුවන්. හැබැයි මේ ගාන එන්නෙ කලාතුරකින් තමයි. මේ කාලෙ කිලෝ එකකට අල කිලෝ 4 කවත් අස්වැන්නක් නෑ. අපි හිතුවොත් බීජ අල කිලෝ එකකට කිලෝ 5 ක අස්වැන්නක් තිබුණ කියලා, එතකොට අස්වැන්න අල කිලෝ 4000 යි. අල කිලෝ එකක් රු. 80 ට දුන්න කියල හිතුවොත් (හැබැයි අපි දන්නවා අල කිලෝ එක 50ටවත් දෙන්න බැරි වෙලාවල් තියෙනවා* ගන්න පුළුවන් ආදායම 320000යි. බීජවලට විතරක් ලක්ෂයකට වඩා යනවා දේශීය බීජනම්. ආනයනික බීජ ගත්තොත්, 150000ක් වත් යනවා. තෙල් බෙහෙත් පොහොර, මේ ඔක්කොම එක්ක ගත්තම 260000ක් විතර යනවා වියදම විතරක්. එතකොට ලාභයක් කියල ලැබෙනව නම් ලැබෙන්නෙ කීය ද කන්නයකටම 170000 යි. එතකොට අල ගොවියට මාසෙකට 30000 ක් වත් ගන්න බෑ. එළවළු පළතුරු මේ මොනදේ වගා කරන ගොවියව ගත්තත් මේක තමයි පොදු තත්ත්වය. අපි අහනවා මාසෙකට 30000කවත් ආදායමක් නැති මොවුන් කාට ද පුළුවන් ලක්ෂ ගණන් දීල ඔවුන්ගේ දරුවන්ට උගන්වන්න. 
ඒ විතරක් නෙවෙයි රජයේ, පෞද්ගලික අංශයේ හා අනෙකුත් වෘත්තීන් කරන අයගේ තත්ත්වය ගත්තත් මීට වැඩි වෙනසක් නෑ. ගුරු වෘත්තියේ ඉහළම වැටුප ඒ කියන්නේ ‘‘ඒ’’ ශ්‍රේණියේ ගුරුවරයෙක්ට ලැබෙන්නෙත් 42000 - 43000 ක් අතර වැටුපක්. සාමාන්‍ය ගුරුවරයෙක්ට 32000කට වැඩිය ගන්න බෑ. ඒ ශ්‍රේණියේ ගුරුවරයෙක්ටවත් පගා ගැහුවෙ නැත්නම් තමන්ගේ දරුවෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යවන්න බෑ. ඒ විතරක් නෙවෙයි අනෙකුත් සාමාන්‍ය රජයේ සේවකයෝ සැලකුවත් මාසෙකට රු. 40000ක් ගනියි උපරිම වුණොත්. කුලී වැඩ කරන, ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ වැඩ කරන, බස් රියදුරන්ගේ, කොන්දොස්තරලගෙ, සාප්පු හා කාර්යාලවල මාසෙකට දහ පහළොස් දාහක සොච්චම් වැටුපකට වැඩ කරන මේ කාගේ වුණත් ආර්ථික තත්ත්වය මේකම තමයි. 
ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව ජනගහනයෙන් 42%ක්ම දෛනිකව ලබන්නෙ ඇමරිකන් ඩොලර් 3කට වඩා අඩු ආදායමක්. ඒ කියන්නෙ දවසකට රු. 500ක් වත් ලැබන්නෙ නෑ. මේ තමයි රටේ ජනගහනයෙන් 90%කම ජීවිතවල සැබෑ තත්ත්වය. ඉතින් අපි අහනවා මේ කාටද පුළුවන් මිලියන ගණන් දීල දරුවන්ට උගන්වන්න. ඔබ මේ කුමන තරාතිරමක කෙනෙක් වුණත් ඔබට මේ ඉදිවන පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉඩක් නෑ. ඔබේ දරුවට විෂයන් තුනටම ඒ සාමාර්ථ තිබුණා වුණත් මාලඹේ සයිටම් එකට ඔබේ දරුවා යවන්න බෑ
මොකද ඔබට ලක්ෂ 120 ක් හොයන්න බෑ. නමුත් ඔන්න ඔබ වැඩ කරන කම්පැණි එකේ ලොක්කගෙ දරුව ඉන්නවා. එයාට වැඩ තුනටම සාමන්‍ය සාමාර්ථ (s) තියෙන්නේ. නැත්නම් වැඩ තුනම ෆේල්. හැබැයි එයාට පුළුවන් ලක්ෂ 120 ක් ගෙවන්න. ඉතින් අන්න එයා සයිටම් එකට යනවා වෛද්‍යවරයෙක් වෙන්න, ඔබේ දරුවට වඩා අඩු සාමාර්ථ තිබිලත්. හැබැයි ඔබේ දරුවට ඉහළම සාමාර්ථ තිබිලත් යන්න බෑ. දැන් අපි දන්නවා බස් ඩ‍්‍රයිවර්ලගෙ, කොන්දොස්තරලගෙ දරුවො ඇති  ඕන තරම් උසස් පෙළ සමත් වෙච්ච හැබැයි සරසවි යන්න බැරි. ඒ කවුරුවත් මාලඹේට ගිහින් නෑ. හැබැයි බස් ගැමුණුගෙ දරුවා මාලඹේට යනවා. අපි මේ කියන්නෙ ගාමන්ට්, වැවිලි මේ මොන ක්‍ෂේත‍්‍රයේ වුණත් සමාගම් අයිතිකාරයන්ගෙ දරුවො හරි බස් ගැමුණුගෙ දරුවො හරි ඉගෙනගන්න එක වැරදියි කියන එක නෙවෙයි. ඔවුනුත් අධ්‍යාපනය ලැබිය යුතුයි. හැබැයි ඔවුන් විතරක් නෙවෙයි, මේ රටේ හැම දරුවෙක්ටම ඒ අවස්ථාව තිබිය යුතුයි. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්නේ මේ අතලොස්සක් වෙච්ච ලක්ෂ 120 ක් ගෙවන්න පුළුවන් පිරිසක් සහ අධ්‍යාපන කඩ දාල ලාභ උපයන්න පුළුවන් ධනපතියො වෙනුවෙන් මිසක් පොදු ජනතාව වෙනුවෙන් නෙවෙයි. ඒ කියන්නෙ මේකෙන් උසස් පෙළ සමත් වෙච්ච ඒත් සරසවි යන්න බැරි අයට සරසවි යන්න ඉඩ ලැබෙනවා කියන එක මිථ්‍යාවක් විතරයි. 
උසස් පෙළ සමත් කාටත් උපාධියක් ගන්න පුළුවන් තත්ත්වයක් හදන්න නම් අවශ්‍ය ඒකට තියෙන්නෙ එක උත්තරයයි. ඒ තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පුළුල් කරලා, අලූතෙන් තව විශ්වවිද්‍යාල පටන්ගෙන බඳවාගැනීම් වැඩි කරන එක. හැමෝටම උසස් අධ්‍යාපනට ඉඩකඩ හදන එක. ඉතින් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි, ඔබ තීරණය කරන්න ඔබ මෙතනින් මොකක් වෙනුවෙන් ද පෙනී ඉන්නෙ කියලා. උසස් පෙළ සමත් වැඩි පිරිසකට සරසවි යන්න බැරි ප‍්‍රශ්නයට උත්තරය, පෞද්ගලික විශ්වවිද්‍යාල නෙවෙයි. ඒක ව්‍යාජ විසඳුමක්. රැුවටීමක් විතරයි. ඒ නිසා අපි කළ යුත්තේ අධ්‍යාපනය මුදලට තීරණය කරන උපාධි කඩ දාන එක වෙනුවෙන් පෙනී ඉන්න එක නෙවෙයි. ඒකට විරුද්ධ වෙන එක. විරුද්ධ වෙන ගමන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කරන බඳවාගැනීම් වැඩිකරන්න බලපෑම් කරන එක. නොමිලේ කාටත් පොදු ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් සටන් වදින එක. ඒ ඇර වෙන් උත්තර නෑ. 




අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>