ලලිත් ඇතුලත් සැමරුමට ජපුර සිසුන් බලෙන් රැගෙන යාමේ උත්සහයක්


ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 23 ගුණ සමරු උත්සවය පසුගිය මැයි මස 9 වනදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා ඇත. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. මෙම උත්සවයට සහබාගී වන ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ පළමුවසර කණ්ඩායම් වල සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල පරිපාලනයෙන් දැනුම් දී තිබේ. මෙහිදී උප ශාලාධිපතිවරුන් මැදිහත් වී බලහත්කාරයෙන් සිසුන්ගේ නාම ලේඛන සකස් කර ඇති බවටද වාර්තා වේ.

ඒ අනුව පසුගිය 9 වනදා බස් රතැහැ යොදවා පළමු වසර සිසුන් මෙම වැඩසටහන සඳහා රැගෙන යාමට උත්සහා කලද එම උත්සාහය අසාර්ථක වී ඇත.
හාස්‍යජනකම කාරනයය් වනුයේ මෙවර විශ්වවිද්‍යාල සඳහා ඇතුල් කරගත් සිසුන් ට තවමත් මහපොළ හෝ ශිෂ්‍ය්ධාර මුදල ලබා දීමට හෝ මේ ආණ්ඩුව කටයුතු කර නොමැත. එසේ තිබියදීත් උපකුලපතිවරුන්ට අණ කර මෙසේ සිසුන් බලහත්කාරයෙන් රැගෙන යාමට ආණ්ඩුව කටයුතු කිරීම පිළිකුල් සහගතය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>