කැළණි විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙක් දින 14 කට බන්ධනාගාර ගත කරයි


කැලණිය විශ්වවිද්‍යාලයේ සහෝදරයෙකු දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහර අධිකරණයෙන් අද(11) නියෝග කර ඇත. ඒ විශ්වවිද්‍යාලයේ සේවක මණ්ඩලයේ පුද්ගලයෙකුට පහර දුන් බවට බොරු චෝදනා එල්ල කරමිනි.

කැළණි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පමණක් වසා දමා ඇති විට ප්‍රධාන ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ජලය සහ විදුලිය කපා දැමීමට විශ්වවිද්‍යාලයේ පරිපාලනය කටයුතු කර තිබිණ. ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට අදාළ සේවක මහතා හමුවීමට ගිය අවස්ථවේ ඇතිවූ බහින් බස් වීමක් පදනම් කරගනිමින් සිදු කල පැමිණිල්ලකට අනුව මෙම සිරගත කිරීම සිදු කර ඇත. 
පැට්‍රික් රත්නායක ආචාර්යවරයා සහෝදරියන් දෙදෙනෙකුගේ සාක්කු වට ඇත දමා බලහත්කාරයෙන් හැදුනුම්පත් ලබා ගැනීමේ සිදුවීමට සම්බන්ධව විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කල පැමිණිල්ල මෙතෙක් විමර්ශනයට ගෙන නැත.
මාලඹේ SAITM හොර උපාධි කඩය තුල හොර වෛද්වරු 13 දෙනෙකු සේවය කරන බවට නම් සහිතව ලබා දුන් පැමිණිල්ලට මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල ඉදිද්රිපිට පත්‍රිකා බෙදමින් සිටි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට විදුහල්පතිවරයා ඇතුළු පිරිසක් පහර දී ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ල විදුහල්පතිවරයා සිරගත කලේ නැත. 
කට උත්තරයක් ගැනීමට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී පොලිසියේ රඳවාගෙන උසාවියට ඉදිරිපත් කිරීම පොලිසිය පුරුද්දක් ලෙස සිදු කරනු ලබයි. එසේම අදාළ සිසුන්ගේ නිවෙස් වලට ගොස් තර්ජනය කිරීම දෙමාපියන් බිය වැද්දීම ද නිර්ලජ්ජි ලෙස සිදු වන්නකි.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>