දැවැන්ත පාගමන නුවර සිට කොලඹ දක්වා

අධ්‍යාපනය විකිණීම නවතනු !
මාලබේ SAITM ඇතුළු සියලුම පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරනු !

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විදියට සංවිදානය වෙලා ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම උදෙසා සටන් කරමින් ඉන්නවා.මොකද පාලකයෝ හැමදාමත් කලේ සමාජ අයිතියක් වෙච්ච අධ්‍යාපනය විකුනන්න අවශ්‍ය කරන ප්‍රතිපත්ති සකස් කරලා කොයිතරම් සමාජ විරොධයක් එල්ල උනත් ඒවා මර්දනය කරන්න පුළුවන් උපරිම විදියට ඒවා මර්දනය කරලා සීමිත පිරිසකගේ ලාභ උවමනාවන් වෙනුවෙන් කටයුතු කිරිම.නමුත් අධ්‍යාපනය කියන්නේ සමාජ අයිතියක් වෙලදපොලේ ඉල්ලුම සැපයුම මත මිලක් නියම කරලා අධ්‍යාපනය විකුනන්න කාටවත් අයිතියක් නෑ , එහෙම කලොත් වෙන්නේ එම මිල ගෙවන්න පුළුවන් සීමිත පිරිසකට විතරක් අධ්‍යාපනය සිමා වෙනවා කියල විශ්වාස කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පාලකයොන්ගේ අධ්‍යාපන පෞද්ගලීකරණ ප්‍රතිපත්තිවලට එරෙහිව 1978 ඉඳන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විදියට සංවිදානය වෙලා සටන් කරමින් ඉන්නවා.වත්මන් ආණ්ඩුවත් රාජපක්ෂ ආණ්ඩුව නවත්තපු තැනින් අධ්‍යාපන පෞද්ගලිකරණය පටන් අරන් තියෙනවා.එකට හොදම උදාහරණය තමයි මාළඹේ SAITM එක.වෛද්‍යවරයෙක් බිහිකරන්න අවශ්‍ය සුදුසුකම් SAITM එකට නෑ , SAITM හොර උපාධි කඩෙන් උපාධියක් මිලට ගන්න කිසිම කෙනෙක්ට ලංකාවේ හෝ පිටරටක වෛද්‍යවරයෙක් විදියට කටයුතු කරන්න බෑ කියල ලංකාවේ වෛද්‍ය සභාවෙන් මහජන නිවේදනයක් නිකුත් කරලම කියල තියෙද්දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතළු ආණ්ඩුව SAITM එක ලංකාවේ තහවුරු කරන්න ලොකු උත්සහයක් ගන්නවා.ඔවුන්ම කියනවා SAITM එක තහවුරු කරනකන් තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල 8ක් ලංකාවට එන්න බලන් ඉන්නවා කියල.ඉතින් මේ විදියට හිරිකිතයක් නැතුව අධ්‍යාපනය විකුනනවා බලන් ඉන්න බැරි තැන තමයි නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගත යුතුයි කියල විශ්වාස කරන ශිෂ්‍යයෝ නොවැම්බර් 23 සිට 27 දක්වා නුවර සිට කොලඹට දැවැන්ත පාගමනකින් එන ලැස්ති වෙලා තියෙන්නේ.2008 මාළඹේ හොර උපාධි කඩය විවෘත කරපු දවසේ ඉදන් ඊට එරෙහිව ශිෂ්‍යයො විවිධ සටන් ක්‍රියාමාර්ග ගත්තා ,ජනතාව දැනුවත් කලා.නමුත් තාමත් ආණ්ඩුව තමන්ගේ පුද්ගලීකරණ ප්‍රතිපත්ති හකුලාගන්න සුදානම් නෑ.ඒ නිසා තමයි අන්තර් විශ්වවිද්යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට මේ වගේ දැවැන්ත සටන් ක්‍රියාමාර්ගයකට යන්න තීරණය කලේ.මේ වගේ දැවැන්ත පාගමනක ආසන්නතම අත්දැකීම තියෙන්නේ 2012 වර්ෂයේ සැප්තැම්බර් 24 සිට 28 දක්වා " නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙලගැසෙමු " ප්‍රධාන සටන් පාඨය පෙරටුකරගනිමින් නුවර සිට කොළඹට ආපු පාගමන.මේ පාගමන අතරතුරදී තමයි පාලකයෝ මාතලන් සහ ටෝක්කා සහෝදරවරු ඝාතනය කරන්නේ.ඒ වගේ දරුණු මර්දනයක අත්දැකීම් සහිතව උනත් මේ විදියේ දැවැන්ත සටන් ක්‍රියාමාර්ගයක් ගන්න සිදුවුනේ මාලඹේ SAITM වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රශ්නය ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුද රාශියක් උද්ගත වෙලා තියෙන නිසා.නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම උදෙසා සටන් කල යුතුයි ඒ සදහා අරගල කල යුතුයි අරගලයෙන් තොරව ජයග්‍රහණයක් නෑ කියල විශ්වාස කරන ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ දහස් ගණනක් සහෝදර සහෝදරියෝ මේ පාගමනට එකතුවෙන්න ලෑස්තිවෙලා ඉන්නවා.නොවැම්බර් 23 වෙනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භවන මේ දැවැන්ත පාගමනට එකතුවෙන්න කියල්ල ඔබ සැමටම ආරාධනා කරනවා.නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමේ සටනට ජයවේවා

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>