HNDA පාඨමාලාවට හිමි උපාධි සමානතාව නැවත බලාත්මක කරනු ! - කුරුණෑගල උද්ඝෝෂණය

HNDA පාඨමාලාවට හිමි උපාධි සමානතාව නැවත බලාත්මක කරනු !
උසස් තාක්ෂණ ආයතන තුළ Top Up උපාධි මුදලට විකිණීමේ යෝජනාව හකුලාගනු! 
උසස් තාක්ෂණ ආයතන සිසුන්ට ද මහපොළ ශිෂ්‍යාධාර වාරිකය රු.5000/= දක්වා ඉහළ දමනු !
ශිෂ්‍ය නිදහස තහවුරු කරනු !
යන සටන් පාඨ මුල්කර ගනිමින් පාලකයන්ට බලකෙරෙන උද්ඝෝෂණයක් අද (17) කුරුණෑගල නගරයේදී පැවැත්විනි.,කුරුණෑගල උසස් තාක්ෂණ ආයතන පරිශ්‍රයෙන් ආරම්භ වී ප්‍රධාන බස් නැවතුම්පල ආසන්නයේදී උද්ඝෝෂණය පැවැත්විය. කුරුණෑගල උසස් තාක්ෂණ ආයතන සිසුන් ප්‍රමුඛ, 700කට අධික සිසුන් පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගී විය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>