අ.වි.ශි.බ.ම කැඳවුම්කරුගේ සොහොයුරාත් කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂක/කර්තෘ
2015.5.25
මහත්මයාණෙනි/මහත්මියනි,

මාධ්‍ය නිවේදනය

අ.වි.ශි.බ.ම කැඳවුම්කරුගේ සොහොයුරාත් කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි.

අන්තර් විශවවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වර්තමාන කැඳවුම්කරු නජිත් ඉංදිකගේ සොහොයුරා කොළඹ අපරාධ කොට්ඨාෂයට(ක්‍ක්‍ෘ* කැඳවා තිබේ. විමර්ෂණයක් සඳහා යැයි කියමින් මැයි 24 වන දින(ඊයේ*උදෑසන 9 ට මෙම කැඳවීම සිදුකර ඇත. ඔහු අධ්‍යාපනය හදාරන පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයට අදාල ලිඛිත දැනුම් දීම ඊට දිනකට පෙර ලබාදී තිබුණි.
පසුගිය මාස 4 ක කාලය පුරාවට තමන් විසින් ලබාදෙන බවට පොරොන්දු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට මර්දනය මුදාහැරීමට මෙම ඊනියා යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටියි.  ඒ අනුව අධ්‍යාපනය විකිණීමේ ප‍්‍රතිපත්තිය ඉදිරියට රැුගෙනයාම සඳහා එනම් පාසල් තුළ මුදල් අයකිරීම නීති ගත කිරීම, පුද්ගලික උපාධිකඩ ඇරඹීමට අවසර ලබා දීම ඇතුළු පියවර ගණනාවක් ගනිමින් සිටින ආණ්ඩුව ඊට එරෙහිව අරගල කරන ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව  මර්දනය අරඹා ඇත. මේවන විටත් සිසු නායකයින් දෙදනෙකු ඇතුළු අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු ස්වාමීන් වහන්සේලා සිව්දෙනෙකුු සිරගත කර ඇති අතර තවත් විශාල පිරිසක් පිටුපස රාජ්‍ය ආරක්ෂක අංශ ලූහුබදිමින් සිටියි. තර්ජනය කිරීම් දෛනික සිදුවීම් බවට පත්ව ඇත. නඩු පිට නඩු පවරමින් සිටියි. එමෙන්ම ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් කොළඹ අපරාධ කොට්ඨාෂයට ගෙන්වා ‘‘නීති විරෝධී’’ ලෙස තර්ජනය කිරීම මෙහි තවත් පියවරකි. 
පසුගිය සති දෙකක කාලය තුළ පමණක් ශිෂ්‍ය නායකයින් 12 දෙනෙක් අපරාධ කොට්ඨාශයට කැඳවා ඇත. අපරාධකරුවන් පිළිබඳ විමර්ෂණ කිරීමට යැයි හඳුන්වමින් පිහිටුවා ඇති කොළඹ අපරාධ කොට්ඨාෂයට ශිෂ්‍ය උද්ඝෝෂණ සමඟ ඇති සමබන්ධය කුමක්දැයි අපි විමසා සිටිමු. මේ රටේ සුවහසක් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් වැදීම අපරාධයක් වන්නේ කෙසේද? එබැවින් තවදුරටත් අප හට අදාල නොවන ආයතනයක් ඉදිරියට යාමට අපි සූදානම් නැත.
එමෙන්ම මෙම සිදුවීම හරහා වත්මන් හවුල් ආණ්ඩුව ලබාදෙන ඉඟි හා එහි අනතුර සමාජයක් වශයෙන් අප කවුරුත්  හොඳින් හඳුනාගත යුතුව ඇත. යම් පුද්ගලයෙක් තමන්ට විරුද්ධ දේශපාලනයක නිරතවන විට ඔහුගේ හෝ ඇයගේ දෙමාපියන් සොහොයුරියන්, බිරිඳ/ස්වාමිපුරුෂයා ආදීන්ගෙන් පළිගැනීම, ඔවුන්ට තර්ජනය කර බියවද්දා  එකී දේශපාලන ක‍්‍රියාකාරකම් නැවැත්වීමට බලකිරීම යහපාලනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විය හැකිය. නමුත් එය අයිති වන්නේ රාජ්‍ය ත‍්‍රස්තවාදයට බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කවුරුත් පිළිගනු ඇත.  එම නිසා මෙම සිදුවීම, සියලූ තර්ජනය කිරීම්  හා බියවැද්දීම්  තරයේ හෙළාදකිනු ලබන අතර සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව ගරුත්වය හා නිදහස දිනාගැනීමවෙනුවෙන් ඒකරාශීවන මෙන් සියලූ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි.
මීට
කැදවුම්කරු

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>