මේ අවුරුදු කාලේ

හැමදේම මුදලට ලාභයට යට කර වූ යුගයක තවත් අලූත් අවුරුද්දක් ඇවිත්. නිවාඩුවට ගමේ ආපු පරණ සබඳකම් දලූලන්න පටන් ගෙන. වෙළඳපලෙන් මිදිල, අමනුස්ස සමාජ ක‍්‍රමය ටිකක් ඈත් කරල, ඇත්තටම අපි කැමති, මනුස්සකම් දකින විඳින දවස් කිහිපයක්, අලූත් අවුරුද්ද.
නිදහස් අධ්‍යාපන අයිතිය වනසන පාලකයන්ගේ කුඩුකේඩු කම් ගොඩක් දැනෙන ඉසව්ව තමයි සරසවිය. ඉතිං අපි ලොකු සටනක, අරගලයක ඉන්නේ. අපේ උන්ගේ හෙට පරම්පරාව වෙනුවෙන්.  මේ අරගලයට විවේක, නිවාඩු නෑ. ඒ හම්බවෙන මනුස්සකම් පිපිලා සුවඳ දෙන දවස් කිහිපයටවත් අපිට එන්න වෙන්නෑ. මේ පාරත් ගමේ එන්න වෙන්නෑ යාළුවේ.
තරහ වෙන්න එපා ගමේ නාවට. මේ කරන්නේ අපේ අනාගතය වෙනුවෙන් කරන යුතුකමක් වගේම වගකීමක්. අපි මේක අද දවසේ නොකළොත් හෙට පරපුරකට හිමිවිය යුතු අයිතියක් පාලකයෝ උදුර ගන්නවා නියතයි. අපිට ඒවාට ඉඩදීල අවුරුද්දට ගමේ එන්න බෑ යාළුවෙ.
හැමෝම මතක් කළා කියන්න ආදරෙන්, ඔයාලට සුබ අලූත් අවුරුද්දක් !
‘‘ නිදහස් අකුරෙ විලංගු     බිඳලා
   අවුරුදු අරගෙන එන්නම් දුවලා’’

























අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>