නව ආණ්ඩුව මගින් මහපොළ වාරිකය අඩු කරයි


මාධ්‍ය නිවේදනයයි.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට ලබාදෙන මහපොළ වාරිකය ඉහළ දමන බවට වත්මන් ආණ්ඩුව දිගින් දිගටම ප‍්‍රකාශ කරන ලදී. පසුගිය සතියේද ආණ්ඩුවේ ඇමතිවරුන් මේ පිළිබ`දව මාධ්‍ය වලට අදහස් දක්වා තිබෙනු දැකගැනීමට හැකිවිය. එහිදී ප‍්‍රකාශ කරන ලද්දේ මෙම වසරේ ජූලි මාසයේ සිට මහපොළ වාරිකය රු.5000 දක්වා ඉහළ දමන බවයි. නමුත් මෙම ප‍්‍රකාශයන්ට මුවා වෙමින් පසුගිය සතියේ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දුන් රු.4000 ක් පමණ වන මහපොළ වාරිකය මේ වන විට නැවත රු.2500 දක්වා අඩුකර ඇත. ඒ බව පසුගිය මාර්තු 23 වැනිදා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ඩි. සිල්වා මහතා විසින් සියලූ විශ්වවිද්‍යාල වල උපකුලපතිවරුන්ට, ආයතන අධ්‍යක්ෂකවරුන්ට හා මණ්ඩපාධිපතිවරුන්ට ලිඛිතව දන්වා යවා ඇත.
එම ලිපියෙන් නියමකර ඇත්තේ මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබා දෙනතුරු පෙර පරිදිම රු.2500 බැ`ගින් සිසුන්ට මහපොළ ගෙවීම් සිදු කරන ලෙසයි. එමෙන්ම ජූලි මාසයේ සිට මහපොළ රු.5000 දක්වා ඉහළ දමන බවද ඔහු ස`දහන් කර ඇත.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස ආණ්ඩුවේ මෙම තීරණයට අපි තරයේ විරුද්ධ වෙමු. මහපොළ වාරිකය රු.4000 දක්වා වැඩිකරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව 2014 නොවැම්බර් මාසයේ සම්මත කළ අයවැය තුළිනි. එය දීර්ඝ කාලීන ශිෂ්‍ය අරගල වල ප‍්‍රතිඵලයක් ලෙස දිනාගත්තකි. 2005 වර්ෂයෙන් පසු වසර 09 ක් තිස්සේ මහපොළ හෝ ශිෂ්‍යාධාර වාරික වැඩි නොකර තිබූ තත්වයක් තුළ සිදුකරන ලද විශාල අරගලයකින් පසු පසුගිය වසරේ මහපොළ වාරිකය රු.4000 දක්වා වැඩිකර ගැනිීමට හැකිවිය. ඉන් පසු එළඹි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවක් වූයේ මහපොළ තවදුරටත් රු.5000 දක්වා වැඩිකිරීමයි. එය නව තාවකාලික ආණ්ඩුවේ අතුරු අයවැය තුළින්ද පසුගිය ජනවාරි 29 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය. එමෙන්ම ආණ්ඩුවේ ඇමතිවරු මහපොළ 5000 දක්වා ඉහළ දමන බවට දිගින් දිගටම මාධ්‍ය තුළ ප‍්‍රකාශ කරන ලදී. එම ප‍්‍රකාශවලට මුවාවී සැබෑ ලෙස සිදුකර ඇත්තේ ඒ වන විටත් ලැබෙමින් තිබූ රු.4000 බැ`ගින් වන මහපොළ වාරිකය රු.2500 දක්වා කප්පාදු කිරීමයි.
මෙම කි‍්‍රයාමාර්ගය ගැන අපි පුදුමයට පත් නොවෙමු. ජනාධිපතිවරණයට පෙර බොහෝ දේශපාලන පක්ෂ හා සංවිධාන ‘වෙනසක්’ කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන දිනවීමට යෝජනා කරන විට, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස ඉතා පැහැදිලිව ප‍්‍රකාශකර සිටියේ මෙම මාරුවෙන් කිසිදු වෙනසක් සිදු නොවන බවත්, ඒ වෙනුවට රාජපක්ෂ පාලනය විසින් එතෙක් ක‍්‍රියාත්මක කළ නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ මොවුන්ද අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවත්ය. අධ්‍යාපනය විකීණීම, නිදහස් අධ්‍යාපනය විනාශ කිරීම මොවුන්ගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියේද පදනම බව අපි ස`දහන් කළෙමු. දැන් ඔවුන් තක්කඩි ලෙස ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ කුසට පහර දීමෙන් තම ‘වෙනස’ ආරම්භ කර ඇත. රාජපක්ෂ ආණ්ඩුව කළාක් මෙන් හෙට දිනයේදී ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ හිස මතටද පහර එල්ල කිරීමට මෙම මෛතී‍්‍ර-රනිල් ආණ්ඩුව කටයුතු කරන බව අපි ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කරමු.
එමෙන්ම වැඩකරන ජනතාවගේ වැටුප් වැඩිකිරීම් ආදී පොරොන්දු පිළිබ`දවද ඉදිරියේදී මේ ආකාරයෙන්ම කටයුතු කරනු ඇත. එම නිසා පාලකයන්ගේ මෙම වැඩපිළිවෙළට එරෙහිව ඉදිරියේදී දැඩිව අරගල කිරීමට අපි කටයුතු කරන්නෙමු. එමෙන්ම මීට එරෙහිව අරගල කිරීමට සියලූ කම්කරු, ගොවි, ධීවර ඇතුළු වැඩ කරන ජනතාවගේ සංවිධාන වලට මෙන්ම සියලූ ජනතාවට ආරාධනා කර සිටිමු.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>