රාජපක්ෂ පාලනය සමයේ උද්ඝෝෂණ කල ශිෂ්‍ය නායකයින් මෛත්‍රි පාලනය යටතේ පොලිසියට කැදවයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් ශිෂ්‍ය මර්දනයට එරෙහිව  හා තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින්  මීට වසරකට පෙර එනම් රාජපක්ෂ පාලන සමයේ කැළණිය විශ්වවිද්‍යාලයේ සිට පැවැත්වූ පා ගමනක් සම්බන්දයෙන් කට උත්තර දීම සඳහා මෛත‍්‍රී පාලන යටතේ අද දින(7) ශිෂ්‍ය නායකයින් පිරිසකට පොලිසියට පැමිනෙන ලෙස සිතාසි නිකුත් කර ඇත.

ජාතිවාදී යුද්ධය ජයග‍්‍රහනය කිරීමත් සමග 2010 වසරේ නැවතවතාවක් බලයට පත් මහින්ද රාජපක්ෂ මහතා එතෙක් කර ගැනීමට නොහැකිව තිබු නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ සිදු කිරීම ආරම්භ කරන ලදී. එම ප‍්‍රතිසංස්කරණ වල එක් උත්සයක්  ලෙස අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීම සඳහා සියළු පිබුරුබත් සැකසුවේය. ඒ සඳහා අවශ්‍ය ඇමතිවරයෙකුගේ සිට වැඩ ආරම්භ කරන ලදී. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාතමක කිරීමේදි ඇති ප‍්‍රබලම බාධකය ශිෂ්‍ය ව්‍යාපාරය බැවින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම ප‍්‍රථමයෙන් ආරම්භ කරමින් රාජ්‍යයේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ක‍්‍රියාතමක කිරීම ඇරබිනි. මෙහි ප‍්‍රතිපලයක් ලෙස පසුගිය රාජපක්ෂ්‍ය පාලන සමය තුල දැඩි ශිෂ්‍ය මර්ධනයක් ක‍්‍රියාතමක විය. සිසුන් 3ක් ඝාතනය කල අතර විශ්වවිද්‍යාල සිසුන් 1500කට වැඩි පිරිසකගේ පන්ති තහනම් කිරීම ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් සිදු කරන ලදී. ශිෂ්‍ය සංගම් තහනම් කිරීම් ශිෂ්‍ය ක‍්‍රියාකාරින් පැහැරගැනීම්, ශිෂ්‍ය  ක‍්‍රියාකාරින්ට මරණීය තර්ජනය කිරීම, පහරදීම් විශාල ලෙස සිදු විය. ආරක්ෂක අමාත්‍යාංශය සෘජුව මැදිහත් වී මෙම මර්දන වැඩපිලිවෙල ක‍්‍රියාතමක කලේය. එමෙන්ම අධිකරණය යොදාගෙනද විශාල ලෙස ශිෂ්‍ය මර්දනය සිදු කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල සිසුන් විශාල ප‍්‍රමාණයකට නඩු පවරන ලදී. ශිෂ්‍ය නායකයින් අත් අඩංගුවට ගන්නා ලදී.

රාජපක්ෂ පාලනය විසින් ගෙන ගිය ශිෂ්‍ය මර්දනයට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස දිඟින් දිගටම සටන් කරන ලදී. ඒ සඳහා උද්ඝෝෂණ, පාගමන්, ජනතාව දැනුවත් කිරීම් ආදිය විශාල ලෙස කලහ. පසුගිය 2014 මාර්තු 19 වන දින ප‍්‍රධාන වශයෙන් ශිෂ්‍ය මර්දනය ඇතුළු ඉල්ලීම් ගනනාවක් මුල් කර ගනිමින් කැළනිය විශ්වවිද්‍යාලයේ සිට පා ගමනක් ආරම්භ කල අතර එම පාගමනට කොටුව සම්බුද්ධාලෝක විහාරය අසලදී අසලදී පොලිස් ප‍්‍රහාරයක් එල්ල විය. එම පා ගමන නවතන ලෙස අධිකරණ නියෝගයක්ද දී තිබුනි. මෙම පා ගමන පවත්වා වසරක කාලයක් ගත වීමට ආසන්නව තිබෙන අතර මේ වන විට එම පාගමනට අදාලව හිටපු ශිෂ්‍ය නායකයින් කිහිපදෙනෙකුට ‘නව ආණ්ඩුව යටතේ’ සිතාසි නිකුත් කර තිබේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජානක ප‍්‍රදීප් සහෝදරයට, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සම්පත් වික‍්‍රමසිංහ සහෝදරයාට හා කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරී අයි.එම්.එන්. එස්. කුමාර සහෝදරයාට හා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැ`දවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියන් හට මේ වන විට මෙලෙස සිතාසි නිකුත් කර තිබේ. අද දින(7) උදෑසන කිරිබත්ගොඩ පොලිසියට පැමින කට උත්තරයක් ලබා දෙන ලෙස එහි නියෝග කර ඇත. මෙම සිතාසි එම සහෝදරවරුන් අයත් පොලිස් කොට්ටාසයේ පොලිසිය විසින් නිවසට ගොස් බාර දී ඇත. පසු ගිය රාජපක්ෂ සමයේ ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස් වලට මෙලෙස පොලිස් නිලධාරින් යවා දෙමාපියන් බිය වැද්දීම, ඔහුන් පිලිබඳ අසත්‍ය තොරතුරු ගම් වාසින් අතර ප‍්‍රචාරය කරමින් සිදු කල ක‍්‍රියාවලියම මෙම සහෝදරවරුන් හටද සිදු කර තිබේ.

ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් විශ්වවිද්‍යාල ගැටළු විසදන ලෙසත් පවසමින්  බලයට පැමිනි මෛත‍්‍රි ආණ්ඩුව මේ වන විට කරමින් සිටින්නේද රාජපක්ෂ පාලනය අධ්‍යාපනය සඳහා සිදු කල ක‍්‍රියාවලියම වේ. ශිෂ්‍ය මර්දනය පිළිබඳ, සිසු ඝාතන පිලිබඳව හෙලිදරව් කරනවා වෙනුවට රාජපක්ෂ පාලනය තුල අසාධාරන ලෙස පන්ති තහනම් වූ, ශිෂ්‍ය භාවය අහෝසි වූ සිසුන්ට නොලැබුනු මහපොළ හා ශිෂ්‍යාධාර වාරික ලබා දී සාධාරණය ඉෂ්ඨ කිරීම වෙනුවට නැවතත් රාජපක්ෂ පාලනය සිදු කල පරිදිම මර්දනය ක‍්‍රියාතමක කරමින් සිටි.



අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>