පෙරටුගාමි සමාජවාදී පක්ෂයට හා කුමාර් ගුනරත්නම් සහෝදරයාට එරෙහිව එල්ල වී ඇති රාජ්‍ය මර්දනය නවතනු!

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වන කුමාර් ගුනරත්නම් සහෝදරයාට එරෙහිව මේ වන විට රාජ්‍ය මර්දන හස්තය යොමුව ඇත. රාජපක්ෂ ආණ්ඩුව පැවති සමයේ ඇති වූ සිදුවීම් වලින් පසු හිටපු ආරක්ෂක ලේකම් ආදීන්ගේ මැදිහත්වීම මත බලහත්කාරයෙන් ලංකාවෙන් පිටුවහල් කර සිට ඔහු නැවත ලංකාවට පැමිනියේ පසුගිය ජනාධිපතිවරණ සමයේයි. මේ වන විට "ඔහුට ලංකාවේ පුරවැසිකම නොමැති." හා " සංචාරක වීසා මඟින් පැමිණ දේශපාලනය කිරීම" යන චෝදනා එල්ල කොට නැවත ලංකාවෙන් පිටුවහල් කිරීමට උත්සහ ගනිමින් ඇත. මෙම උත්සහය අපි තරයේ හෙළා දකිමු.

 අපගේ මතය අනුව ලංකාව තුළ ජනතාව අතර හිඳිමින් දේශපාලනය කිරීමේ නිදහස ඕනෑම කෙනෙකුට ඇත. එය විදේශිකයකුට වුවත් තිබිය යුතුය. මීට සියවසකට පෙර ලංකාව තුළ බ්‍රිතාන්‍යයන්ට එරෙහි සටනේ ඉදිරියෙන් සිටි ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, ඇමරිකානු ජාතික හෙන් රි ස්ටීල් ඕල්කට් වැන්නවුන් "ජාතික වීරයින්" ලෙස පාලකයන් පවා වර්තමානයේ හුවා දක්වයි. පාලකයන්  සමඟ එකපෙළට හිටගත් කල එවැනිය. නමුත් කුමාර් ගුනරත්නම් ලංකාවේ ඉපිද, ලංකාවේ පාසලක අධ්‍යාපනය ලබා, පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබ, ශිෂ්‍ය ව්‍යාපාරයේ 87-89 කාලය තුල අන්තරේ කැදවුම් කරුවෙකුව සිටි පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබූ දීප්තිමත් ශිෂ්‍ය නායකයෙකුව සිටි රන්ජිතම් ගුනරත්නම් මොහුගේ සහෝදරයා වන අතර ඔහු සමඟ ශිෂ්‍ය ව්‍යාපාරයේ එවකට ක්‍රියාකාරිකයකු වූ වාමාංශික දේශපාලනයක නිරතව සිටින කුමාර් ගුනරත්නම් පාලකයන්ට අනුව ලංකාවේ දේශපාලනය කිරීම තහනම්ය. මෙම පරස්පරයට හේතුව කුමක්දැයි අපි විමසා සිටිමු. 

මෙය අලුත් තත්වයක් නොවේ. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදුකළ ක්‍රියාවලියේම දිගුවකි. ගෝඨාභය රාජපකැෂ හිටපු ආරක්ෂක ලේකම් සෘජුව මැදිහත් වී 2012 වර්ෂයේ පිටුවහල් කළ ඔහුට විරුද්ධව ආගමන විගමන දෙපාර්තුමේන්තුවට දැන් පැමිනිලි කර ඇත්තේ නව ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙනි. එමෙන්ම කිසිම හිරිකිතයක් නොමැතිව " ඔහු ලංකාවේ පුරවැසියකු නොවේ" යයි ආණ්ඩුව පවසමින් සිටී. පාලකයන් වාමාංශික දේශපාලනයට දක්වන ප්‍රතිරූපය එවැනිය.

පසුගිය කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව එල්ල කළ මර්ද්නයද පැමිනියේ මෙම තර්ක වලින්මය. අ.වි.ශි.බ.ම. හිටපු කැඳවුම්කරු සංජීව බන්ඩාර සහෝදරයා " සරසවි ශිෂ්‍යයකු නොවේ" යැයි ඔහුගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරීමට මුල් වූ පාලකයන් විසින්ම හදුන්වමින් ඔහුට සරසවි තුළට ඇතුල්වීම තහන්ම් කරමින් වාරන නියෝගයන් අධිකරනයකින් ලබා ගන්නා ලදී. ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව නීතිය යොදාගනිමින් උද්ඝෝෂණවලට එරෙහිව අධිකරණ නියෝග ගැනීම, ශිෂ්‍ය නායකයින් බොරු චෝදනා මත සිරගත කිරීම ආදියද සිදුකළේද එවැනිම ආකාරයෙනි.

එබැවින් මෙය රාජ්‍ය මර්දන්ය විනා අන් කිසිම දෙයක් නොවන බව අපි තරයේ ප්‍රකාශ කරමු. සියළු වාමාංශික පක්ෂ, කම්කරු සමිති, ගොවි සංගම්, ධීවර සංගම් ඇතුළු වැඩකරන ජනතාවගේ ව්‍යාපාරය සමඟ එක්ව කටයුතු කරන අපි මෙම මර්දන ක්‍රියාවලිය තරයේ හෙළා දකිමු.

පෙරටුගාමි සමාජවාදී පක්ෂයට හා කුමාර් ගුනරත්නම් සහෝදරයාට එරෙහි එල්ල වී ඇති රාජ්‍ය මර්දනයට එරෙහිවෙමු!

වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් මර්දනය නවතනු!

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>