මෛත්‍රි ආණ්ඩුව කොලේ කණපිට ගහල පාසල් අධ්‍යාපනය විකුණනවා- නජිත් ඉන්දික

අපි මෙම මාධ්‍ය සාකච්ඡාව කැදෙව්වේ පහු ගිය 29 වන නව තාවකාලික රජය මගින් අතුරු අයවැයක් නිකුත් කළ දිනයේම සවස නිකුත් කරන ලද පාසල් සඹ්බන්ධ චක‍්‍රලේඛයක් පිළිබඳ ඔබේ අවධානය යොමු කිරීමටයි. අංක 05/2015 යටතේ ජනවාරි 29 වන දින පාර්ලිමේන්තුවේ අයවැය සාකචඡ කරන අතරතුර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම චක‍්‍රලේඛය නිකුත් කර ඇත.

මෙම චක‍්‍රලේකයේ මාතෘකාව ලෙස සඳහන් කර තිබුණෙ ‘‘පාසල් වලින් අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරන්න’’ යනුය. නව අධ්‍යාපන අමාත්‍යවරයා පත් වුණ මොහොතේ සිට ඔහු සඳහන් කළා පාසල් වල මුදල් අය කිරීම ප‍්‍රශ්ණයක් බව. නමුත් ඔහු එහිදී සඳහන් කළා පාසල් වලින් අය කරන අනවශ්‍ය මුදල් අය කිරීම් නවත්වන්න ඉදිරියේදී කටයුතු කරනව කියලා. පහු ගිය දවසක මාධ්‍ය සාකච්ඡාවකදීත් ඔහු ඒ බව කිව්වා. අනව්‍ය මු දල් අය කිරීම් කියන එක ප‍්‍රශ්ණයක්. ඔහු ඒ කියන්නේ එහි දී පැහැදිලිව පිළිගන්නව අවශ්‍ය මුදල් අය කිරීම් තිබෙන බව. නමුත් අපි දන්නව නිදහස් අධ්‍යාපනය කියන්නේ අවශ්‍ය හෝ අනව්‍ය කියලා මුදල් අය කරන දෙයක් නොවන බව. අපි පහුගිය දිනවල දිගින් දිගටම කිව්වා මේ අවශ්‍ය අනවශ්‍ය කියලා ප‍්‍රශ්ණයක් දාන එකෙන්ම ආණඩුව තබන ඉදිරි පියවර ගැන ප‍්‍රශ්ණයක් තිබෙන බව. ඔවුන් මැතිවරණ සමයේදිත් ඔවුන්ගේ ප‍්‍රතිපත්තිය වුණෙ අධ්‍යාපනය විකිණීමයි. එවන් තත්ත්වයක් තුළ තමයි මෙම චක‍්‍රලේකය නිකුත් කරන්නේ. මෙහි සඳහන් කරන්නේ ‘‘පාසල් වලින් අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරන්න’’ යනුය. මෙය බැලූ බැල්මට ඉතාම හොඳ යෝජනාවක් ලෙස ඔබට සිතෙන්නට පුඵවන්, මොකද මෙහි යම්කිසි විධියකට මුදල් අය කිරීම තහනම් කර තිබෙනව. 

මෙහි ඉතිහාසය ගත් කළ ලංකාවෙ 1947 මැයි 27 නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මණ්ත‍්‍රන සභාවෙ සම්මත කළ දින සිට වසර 60ට අධික කාලයක් තිස්සේ මෙය තමයි මෙතෙක් ලංකාවේ පැවතුන අධ්‍යාපන ප‍්‍රතිපත්තිය. එය ක‍්‍රියාත්මක කරමින් ඇවිල්ලා මෙය තමයි 1977 දී විවෘත ආර්ථිකය නැතහොත් එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද නව ලිබරල් ධනවාදි ප‍්‍රතිසංස්කරණ. 1981 අධ්‍යාපන ධවල පත‍්‍රිකාවක් ගෙන ආවත් ඒක සම්මත කර ගන්න බැරි වුණා. 80 දශකයේ මුල් වසර 3 තුළ පාසල් වලින් මුදල් අය කිරීම සම්බන්ධව පළමු නීතිය සකස් කරනව. එනම් පාසල් වලින් පහසුකම් හා සේවා ගාස්තු ලෙස වසරකට රුපියල් 3ක් අය කිරීමට හැකි යැයි නීතියක් සකස් කරනව. මෙය තමයි ශිෂ්‍යයන්ගෙන් හා දෙමාපියන්ගෙන් මදල් අය කිරීමට තැබූ පළමු පියවර. හැබැයි රුපියල් 3යි. එම නිසා එය වැඩිපුර කථා බහට ලක්වෙන්නෙ නෑ. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය විධියට අපි විරෝධය ප‍්‍රකාශ කළත් එය ක‍්‍රියාත්මක වුණා. මෙය 2014 ජනවාරි මස නව චක‍්‍රලේකයක් ම`ගින් සංශෝධනය කර රුපියල් 3ක ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 600 දක්වා වැඩි කරනව. ඒ අවස්ථාවෙත් අපි අපේ විරෝධය දැක්වුවා. නමුත් ඒකත් කි‍්‍රයාත්මක වුණා. මේ මෙහි නිල ක‍්‍රියාවලියයි.මෙහි නොනිල ක‍්‍රියාවලිය පාසල් දරුවකු ගෙදර ඉන්න  ඕනම කෙනෙක් දන්නව. අද පාසල් වල මුදල් අය කිරීම කියල කි‍්‍රයාවලියක් බොහොම එළිපිට ක‍්‍රියාත්මක වෙනව. පහුගිය සමයෙ රාජපක්ෂ ආණ්ඩුව යටතේ එය විශාල වශයෙන් ඉදිරියට ගෙනාව. පාසලේ සෑම දෙයකටම මුදල් ගෙවන තත්ත්වයක් ඇති වුණා. ඩෙස් එකට, බංකුවට, 1 වසරට ඇතුලත් කරද්දි, එම පාසල වෙනස් කළත් නොකළත් 6 වසරට ඇතුලත් කරද්දි, උසස් පෙළට ඇතුලත් වෙද්දි, පාසලෙ තීන්ත ගාන්න, ජල විදුල්බිල් ගෙවන්න වැනි සෑම දෙයකටම මුදල් අය කරනව. නමුත් මේවා සිද්ධ වෙන්නෙ නොනිල වශයෙන්. පාසලේ විදුහල්පතිගේ හා ගුරුවරුන්ගෙ පඩි ගෙවීම හැර සියල්ල සිදු කරනුයේ දෙමාපියන්ගෙන් අය කර ගන්නා මුදලිනි. මෙය අද විශාල සමාජ ප‍්‍රශණයක් බවට පත් වී ඇත. මීට නිදසුනක් තමයි හොරණ ප‍්‍රදේශයේ 8 ශ්‍රේණියේ සිසුවියක් පාසලට ගෙවිය යුතු මුදල සොයා ගැනීමට පොල් හොරකම් කිරීම සම්බන්ධ නඩුව. මේ සිද්ධියත් සම`ග මාසල් වලින් මුදල් අය කිරීම පිළිබඳ සාකච්ඡුාව මතු වුණා. අද දෙමාපියන් දරුවන් තවදුරටත් පාසල් යවනවද කියන තැනට පත්වෙලා. අපි අන්තර් විශ්වවිද්‍යල ශිෂ්‍ය බල මණ්ඩලය විධියටත් තොරතුරු රැස් කරල පෙන්නුව. නමුත් පාර්ලිමේන්තුවෙදි හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියනව පාසල් වලින් මුදල් අය කරන්නෙ නැහැ තියෙනව නම් කියන්න කියල. මේ විධියට පහු ගිය ආණ්ඩුව බොහොම හොර රහසේ තමයි මෙය කි‍්‍රයාත්මක කළේ. මොකද රාජපක්ෂ ආණඩුව පවා බය වුණා පාසල්වලින් මුදල් අය කිරීම වැනි සමාජයේ ආන්දෝලනයක් ඇතිවන දෙයක් නීති ගත කරන්න. එම නිසා ඔවුන් එය නීති ගත නොකර හොරෙන් කරගෙන ගියා. ඒකට ගුරු සංගම්, දෙමාපියන්, විශ්වවවිද්‍යාල ශිෂ්‍යයො විධියට අපි බැනර් පවා අත්සන් කළා.

මෙවන් තත්ත්වයක් යටතේ නව අධ්‍යාපන අමාත්‍යවරයා ප‍්‍රකාශ කරනව පාසල් වලින් එක එක විධියට මුදල් අය කිරීම හරිම ප‍්‍රශ්ණයක් කියල. එවිට ජනතාව දෙමාපියො බොහොම බලාපොරොත්තුවෙන් බලන් හිටිය මීට විසඳුමක් ලැබෙයි කියල. නමුත් මේ කථා අතරෙ ජනතාවට නොතේරුනු දේකුත් තිබුණ. අනවශ්‍ය ලෙස මුදල් අය කිරීම්, අවිධිමත් ලෙස කරන අය කිරීම් කියලත් මේ කථා අතරෙ තිබුණ. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි පසුගිය 29 වන මෙම චක‍්‍රලේකය නිකුත් වෙන්නෙ. මෙහි මාතෘකාව ලෙ සඳහන් වෙනව ‘‘පාසල් වලින් අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරීම’’ ලෙස. මේක සිය`ඵම අධ්‍යක්ෂකරෙැ, ලේඛම්වරු, කලාප අධ්‍යක්ෂකවරු, විදුහල්පත්වරු වෙත මේ වන විට මෙය යවා අවසන්.

මෙම චක‍්‍රලේකයෙ මුල් කොටස කියවන විට ඔබට යම් බලාපොරොත්තුවක් ඇති වෙනව.
1 රජයේ පාසල් වල විවිධ කටයුතු හොවා දක්වමින් සිසුන්ගෙන් දෙමාපියන්ගෙන මුදල් අය කිරීම බහුලව සිදුවන බවට පහු ගිය කාලය පුරාවටම නිරීක්ෂණය විය. එමෙන්ම එම මුදල් එකතු කිරීමේ කි‍්‍රයාවලියේ විධිමත් බවක් ප‍්‍රදර්ශණය කිරීම සඳහා පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම් වලට අමතරව පංතිකව, සුභසාධක සංගම් ආදි ව්‍යූහයන් නිර්මාණය කර ගනිමින් මුදල් අය කර ගැනීමද සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත.
2 වත්මන් රාජ්‍ය ප‍්‍රතිපත්ති අනුව වහාම කි‍්‍රයාත්මක වන පරිදි පාසල්වල සිසුන්ගෙන් හා දෙමාපියන්ගෙන් මුදල් අය කර ගැනීම සපුරා තහනම් කරමි. මෙය පැහැර හරිමින් ක‍්‍රියාකරන අවස්ථා වෙතොත් විදුහල්පත් වගකිව යුතු අතර මීට අපි එකගයි. නමුත් මෙය දිගට කියවන විට මෙහි ඇති ගැට`ඵව මතුවේ. 5වන වගන්තියෙ සිට ඇත්තේ වෙනත් කතාවකි.
5 පාසල විදුහල්පතිවරයෙකුට නිසි පරිදි නිල කුවිතාන්සියක් නිකුත් කොට මුදල් අය කරගත හැකි අවස්ථා පහත පරිදිවේ. 
5.1 අනුමත පහසුකම් හා සේවා ගාස්තු
5.2 පාසලේ අත්‍යාවශය වියදම් පියවා ගැනීමට (විදුලි බිල, දුරකථන බිල්, ආරක්ෂක කටයුතු වැනි මුල්‍ය අවශ්‍යතා)
6 අංක 5.2 යටතෙ මුදල් අය කර ගැනීමට පෙර සෑම විදුහල්පතිවරයෙකුම පහත ක‍්‍රියාවලිය අනුමත කළ යුතුවේ.
පාසලේ අත්‍යාවශ්‍ය වියදම් ඇස්තමේන්තුවක් සකස් කිරීම
එම ඇස්තමේන්තුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ වෙනත් රාජ්‍ය ආයතන වලින් ලැබෙන මුදල් පුරෝකථනය කොට අ හා ආ අතර පරතරය ගණනය කිරීම
එම පරතරය පාසලේ සිසුන් සංඛ්‍යාවෙන් බෙදා එක් සිසුවෙකුට අදාල වන මුදල ගණනය කිරීම
ඉහත පරිදි සකස් කළ වාර්ථාව අධ්‍යාපන අමාත්‍යාංශය එවා එක් සිසුවකුගෙන් පාසලේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් අය කිරීම් සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම
දැන් මේ තියෙන්නේ මොකක්ද?
පාසලේ අත්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීම කියල දෙන උදාහරණ විදුලි, දුරකථන බිල්. දැන් සමස්ථය් වශයෙන් මේ රටේ මෙතෙක් කල් රහස්ගතව කළ දේ, රාජපක්ෂ ආණඩුව පවා කිරීමට පසුබට වූ දේ අද එලිපිටම නීතිගත කරල තියෙනව.
පැහැදිලිවම පෙනෙනව මෙය පාසල් වලින් මුදල් අය කිරීම නවතන චක‍්‍රලේකයක් නෙමේ මෙය නිදහස් අධ්‍යාපනයෙන් පස්සෙ ලංකාවේ පළවෙනි වතාවට වසර 68කට පමණ පසු පාසල්වලට සිසුන්ගෙන් හා දෙමාපියන්ගෙන් මුදල් අය කර ගැනීම නීති ගත කරල තියෙනව. එයට නිල බාවයක් දීල, කරීමට අවශ්‍ය ක‍්‍රමයත් පෙන්නල දීල තියෙනව.
නමුත් ජනතාව බලාපොරොත්තු වුණු දෙයක් තියෙනව.  අධ්‍යාපන අමාත්‍යවරය දැනුත් මාධ්‍ය සාකච්ඡුාවලදි මෙහි මුල් වගන්ති කිහිපය පමණක් පෙන්නල මේ චක‍්‍රලේකය නියමයි කියනව. නමුත් ජනතාව බලාපොරොත්තු වුණේ මේකද? මේක බරපතල ප‍්‍රශ්ණයක්. ජනතාව රැුවටීමක්.
මෙතෙක් කලක් කළ වියදම් වැඩිවීමක් මිසක අඩුවීමක් වෙන්නෙ නෑ. මෙතෙක් කල් ගැලවුණා නම් දැන් ගැලවෙන්න ලැබෙන්නෙ නෑ. මොකද දැන් මේක නීතියක්. දැන් හැමෝම මේවා ගෙවන්න බැදී ඉන්නව. කලින් අපි ඔවට නෑ අපි ගෙවන්නෙ නෑ කියන්න පු`ඵවන් ධෛර්‍යයවන්ත දෙමාපියෙක් හිටියනම් දැන් එහෙම කියන්න බෑ. 
7.2 නිත්‍යානුකූල ගාස්තු ගෙවන්න අපහසු ශිෂ්‍යයන් ග‍්‍රාම නිලධාරිවරයාගෙන් සහතිකයක් රැුගෙන ආ යුතුයි. 
මෙතෙක් දෙමාපිය සමිති වල සිටි දෙමාපියන්ට මෙම ගාස්තු රජයෙන් ගෙවිය යුතුයි, අපි ඒවට බදු ගෙවල තියෙනව කියල කියන්න පු`ඵවන් වුනා නම් අපි දෙමාපියන් දැනුවත් කළ එහෙම ප‍්‍රශ්ණ කරන්න කියලා, දැන් එහෙම බෑ. එහෙම නම් ග‍්‍රාමනිලධාරියාගේ සහතිකයක් අවශ්‍යයයි. 
7.3 ගාස්තු නොගෙවන සිසුන් කිසියම් ආකාරයකින් කායිකව හෝ මානසිකව පීඩාවට පත් නොකල යුතුයි.
දැන් ගාස්තු අය කිරීම වාක්‍යක් විධියටත් නීතිගත කරල තියෙන්ව.
දැන් මේක ඇමතිවරය කියන විධියට අනවශ්‍ය වියදම් අයින් කරල තියෙන්නෙ. කලිනුත් තිබුණෙ මේ වියදම්ම තමයි, කලිනුත් මුදල් අයකළේ ආරක්ෂාවට, ඩෙස් එකට බංකුවට, විදුලි හා දුරකථන බිල් ගෙවීමට තමයි. නැතුව විදුහල්පතිගෙ ත්‍ගදරට තීන්ත ගාන්නවත්, විදුහල්පතිගෙ බිරිඳට දඹදිව සංචාරෙක යන්නවත් නෙමෙයි. මේ චක‍්‍රලෙකයෙන් කරන්නෙත් කලින් කරපු දේම තමයි. නමත් වෙනස ඉස්සර හොරෙන් කරපු දේ නීතිගත කරල තියෙනව. 
විදුලි බිල්, ආරක්ෂක වියදම් පවා ගෙවීමට වෙලා තියෙනව, අපි දන්නව මේ රටේ යුද්ධයෙන් පස්සෙත් වැඩිපුරම මුදල් වෙන් කරන්නෙ ආරක්ෂක වියදම් වලට, නමුත් පාසලේ ආරක්ෂාවට දෙමව්පියො වෙනම ගෙවන්න වෙලා තියෙනව. එතකොට කාගෙ ආරක්ෂාවටද මුදල් වෙන් කරල තියෙන්නෙ.
මෙවර අයවැය ගෙනල්ලා බඩු මිල කිහිපයක් අඩු කරල මෙම සාකච්ඡුාව යට ගැහුව. මේ අයවැයෙන් පස්සෙ කියවෙන්න ගත්තා අධ්‍යාපනයට වෙන් කරන ප‍්‍රතිපාදන දල ජාතික නිෂ්පාදනයෙන් 6%ක් දක්වා ඉහල දමනව කියලා. ඇත්තටම මේක පට්ටපල් බොරුවක්. අපි ඉතාම වගකීමෙන් කියනව ඒක කරන්නෙ නෑ. පස්ගිය වසරෙ දල ජාතික නිශ්පාදනයෙන් 1.1%යි ගියමාර වෙන් කළේ. ඒ නිසා තමයි දෙමාපියන්ගෙන් මුදල් අය කරන්න වුණේ. එය 6%ක් නෙමේ 2%ක් කලත් පාසල් වලින් මුදල් අය කරන්න වෙන්නෙ නැහැ. මොකද මේ රටේ පාසල් 9000ක්, විශ්වවිද්‍යාල 16ක්, උසස් තාක්ෂණ විද්‍යාල 17ක් කාර්මික විද්‍යාල 37ක් පවත්වගෙන ගියෙ 1.1%. 6% නෙමේ 2%ක් දක්වා වැඩි කලත් පාසල් වල මුදල් අය කිරීම නීතිගත කරන්න වෙන්නෙ නෑ. මොකද 2%ක් කළාට පස්සෙ ඇස්මේනතු කරල ශිෂ්‍යයන්ට ගෙවන්න මුදලක් ඉතිරි වෙන්නෙ නෑ. එම නිසා මේ ආණඩුව දන්නව අධ්‍යාපනයට අවශ්‍ය මුදල් වෙන් කරනනෙ නෑ කියල. මේ ආණඩුවේ ප‍්‍රවේශය තියෙන්නෙ කලින් රාජපක්ෂ ආණ්ඩුවත් නොකරපු තරමින් මේවා නීති ගත කරමින් අධ්‍යාපනය විකිණීම නීතිගත කරන්න. අපි ඉතාමත්ම වගකීමෙන් කියනව ඒක ගැන කිසිම සැකයක් තියාගන්න එපා කියලා.
කාට හරි මේක කියල ෂතුටු වීමට අවශ්‍ය නම් ෂතුටු විය හැකි හේතු කිහිපයක්ම තියෙනව. කලින පාසලේ බිල් දැම්මෙ හාඞ්වෙයාර් එකට, දැන් විදුහල්පතිම බිලදාලා දෙනව දෙමව්පියන්ට. දැන් මේ චක‍්‍රලේකය පුරාම පැහැදිලි කරල තියෙන්නෙ නිකුත් කරන්න  ඕන කුවිතාන්සිය මොකක්ද ඒකෙ වර්ගය, කරන්න  ඕන ක‍්‍රමවේදය මොකක්ද කියන එක. නමුත් මේ රටේ දෙමාපියන්ට හා සිසුන්ට තායෙන ප‍්‍රශ්ණය කුවිතාන්සිය
මොකක්ද, ගෙවන්න  ඕන හාඞ්වෙයාර් එකටද , විදුහල්පතිටද කියන එක නෙවෙයි. ජනතාවගේ ප‍්‍රශ්ණය තමයි මුදල් ගෙවන්න වෙන එක. දැන් මේ චක‍්‍රලේකයෙන් ජනතාවගෙ ප‍්‍රශ්ණය වැඩි කරල. මෙම චක‍්‍රලේකයෙන් ලංකාවෙ ප‍්‍රථම වතාවට පාසල් වලින් මුදල් අය කිරීම නීතිගත කරල තියෙනව.
මේක අපට නිහඩව සිටිය හැකි ප‍්‍රශ්ණයක් නෙවෙයි. අපි පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධව සටන් කළා, පාසල් වල මුදල් අය කිරීමට විරුද්ධව සටන් කළා, ජනතාව දැනුවත් කළා. දැන් මේ මොහොතෙ එනම් 2015 ජනවාරි 28 වන දා ගෙන එන චක‍්‍රලේකය ම`ගින් සිය`ඵම පාසල් වලින් මුදල් අය කිරීම නීතිගත කරල තියෙනව 1947 මැයි 27 වන දිනෙන් පසුව. ලංකාවේ නිදහස් අධ්‍යාපනය මෙම චක‍්‍රලේකයෙන් අහෝසි වෙනව. මින් පස්සෙ මු`ඵ ලංකාව පුරාම තියෙන්නෙ ගාස්තු අය කරන පිසල් පද්ධතියක්. එය නිල වශයෙන් පිළිගෙන තියෙනව. මේ සියල්ල යටතෙ තියෙනව විශාල තක්කඩිකමක්. පහුගිය ආණ්ඩුව එක එක පණත් ගේනව ලස්සන නම් දාලා, ලස්සන කොළවල ඔතල ජරාවක් ගේනව. නිදසුනක් විධියට සූදුව නීතිගත කරන පණත ගේනව ආනුසාංගික කටයුතු සම්බන්ධ පණතක් කියල. මෙහිදී පැවතු ආණුඩුවට චෝදනාවක් එල්ල වුණා කොළේ වහල ගහනව කියල. දැන් මේ ආණ්ඩුව කරන්නෙ සම්පූර්ණයෙන් කොළේ අනිත් පැත්ත හරවල ගහනව. ඇත්ත කථාව සම්පූර්ණයෙන්ම වෙනස් කරල ප‍්‍රකාශ කරනව. මොකද මේක ගේන්නෙ පාසල් වලින් මුදල් අය කිරීම නවතන පණතක් විධියට, නමුත් ඇත්ත අරමුණ පාසල් වලින් මුදල් අය කිරීම නීතිගත කිරීමයි. 
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙ මැතිවරණ ප‍්‍රතිපත්තියේ සඳහන් කරනව නව අභියෝග ජයගන්නා නිදහස් අධ්‍යාපනයක් කියල. මොකක්ද දැන් ජය අරන් තියෙන අභියෝගය කියල අපි අහනව. ඔවුන්ට ජය ගන්න තිබුණු අභියෝගය පාසල් වලින් මුදල් අය කිරීම නීතිගත කර නොතිබීමද? අපි හිතුවා දවස් 100 ඉවරවෙනකන්වත් ඉදීවි කියල මෙය ප‍්‍රකාශ කරන්න, නමුත් මේ අයට දවස් විස්සක්වත් ඉන්න බැරි තරම් හදිස්සි අධ්‍යාපනය විකිණ ගන්න.
අපි අනිවාර්යෙන්ව මීට විරුද්ධව ඉදිරියේදි දැවැන්ත අරගලක් ආරම්භ කරමු. මේකට වෙන විසඳුමක් නැහැ. මේක මහා වංචාවක්, අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයො විදිහට පාසලක් පාසලක් ගානෙ, ගමක් ගමක් ගානෙ ගිහින් මීට විරුද්ධව ජනතාව එක් රැුස් කරනව. ඉදිරි සතිවලදි අපි සෑම විශ්වවිද්‍යාලයකම උද්ඝෝශන පවත්වනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් 2015.2.1 දින පාසල් තුල මුදල් අය කිරීම නිත්‍යානුකූල කර නිකුත් කර තිබෙන චක්‍රලේඛය පිලිබඳ අදහස් දැක්වීම සඳහ පැවැත්වූ මාධ්‍ය සාකච්චාව


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>