අන්තරෙන් අද(25) විරෝධතා පා ගමනක්

මෛත‍්‍රිපාල අණ්ඩුව යටතේද පසුගිය රාජපක්ෂ ආණ්ඩුව තුළ සිදු කල නව ලිබරල් වැඩපිලිවෙලම කිසිම වෙනසකින් තොරව ක‍්‍රියාත්මක කරමින් සිටී. ඒ බව පසුගිය කාලය තුල සිදු කල දේ වලින් පැහැදිලි වේ. අධ්‍යාපනය පෞද්ගලීකරණය සඳහා පිඹුරුබත් සකසමින් පාසල් තුළ මුදල් අය කිරීම නීත්‍යානුකූල කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යමින්, ‘‘ශිෂ්‍ය ණය” වැනි වැඩපිලිවෙලවල් හදුවා දෙමින් සිදු කරනුයේ එම වැඩපිළිවෙල වේ. එමෙන්ම මෙම නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ජනතාව මර්දනය කිරීම සඳහ අවශ්‍ය මිලිටරි බලය ගොඩ නගා ගනිමින් රාජපක්ෂ ආණ්ඩුව තුළ සිදු කල පරිදිම හමුදාවට පොලිස් බල තල ලබා දෙමින්, අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත තවත් අවුරුදු 2කකට දික් කරගෙන ඇත. මෙම මර්දන වැඩපිලිවෙලට සහා පාසල් තුළ මුදල් අය කිරීම නිතිගත කිරීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි විරුද්ධ වූ අතර එයට එරෙහි ක‍්‍රියාමාර්ගද ගන්නා ලදී.

තවද මේ වන විට පාඨමාලා ගාස්තු ඉහල දැමීමට එරෙහිව දින 70 කටත් අධික කාලයක් තිස්සේ අඛන්ඩ සත්‍යග‍්‍රහයක් විවෘත විශ්වවිද්‍යාලයේ පවතී. නමුත් මේ වන තෙක්ම එයට සාධාරණ විසදුමක් ලබා දීමට පාලකයින් කටයුතු කර නොමැත. එබැවින් විවෘත විශ්වවිද්‍යාලයේ සිසු ඉල්ලීම වහා ලබා දෙන ලෙසත්, පාසල් තුල මුදල් අය කිරීම නීතිගත කල නව පාසල් චක‍්‍රලේඛය හකුලා ගන්නා ලෙසත්, මාලඹේ, කොතලාවල ඇතුළු සියළු උපාධි කඩ අහෝසි කරන ලෙසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුලන මර්දන වැඩපිළිවෙල හකුලා ගන්නා ලෙසත් හා යෝජිත ශිෂ්‍ය ණය ක‍්‍රමය හකුලා ගන්නා ලෙසත් බල කරමින් අද(25) දහවල් 12.00ට විවෘත විශ්වවිද්‍යාලය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ වේ.







අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>