කරුණු 11ක් පිළිබඳ සාකච්චා කරන්න එන්නැයි අධ්‍යාපන බලධාරීන්ට අන්තරෙන් ලියුමක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් අධ්‍යාපන බලධාරීනට යවූ ලියුම

කබීර් හෂීම් මහතා,
උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍ය,
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

අකිල විරාජ් කාරියවසම් මහතා,
අධ්‍යාපන අමාත්‍ය,
අධ්‍යාපන අමාත්‍යාංශය.

මහාචාර්ය රජීව් විජේසිංහ මහතා,
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය,
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.
17-02-2015

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡුාවක් ලබාගැනීම සම්බන්ධවයි

වත්මන් ජනාධිපතිවරයා හා ඔබගේ තාවකාලික ආණ්ඩුව බලයට පත්වීමෙන් ගතවී ඇති සති කිහිපය තුළ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නැවත ගැටළුකාරී තත්වයක් නිර්මාණය කර තිබේ. උසස් අධ්‍යාපන ඇමතිවරයා පුද්ගලික විශ්වවිද්‍යාල හා රජයේ සරසවි තුළ උපාධි විකිණීම ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගැනීම, අධ්‍යාපන ඇමතිවරයා විසින් පාසැල් තුළ ශිෂ්‍යයින්ගෙන් මුදල් අය කිරීම නීතිගත කරන නව චක‍්‍රලේඛයක් නිකුත් කිරීම ඒ අතරින් ප‍්‍රධාන වේ. එමෙන්ම පසුගිය රාජපක්ෂ ආණ්ඩුව මඟින් ඇතිකළ ගැටළුද බොහොමයක් තවමත් එසේම පවතියි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස මේ වන විට පවතින ආණ්ඩුව හා එහි බලධාරීන් වෙත අපගේ මූලික ඉල්ලීම් පිළිබඳව ලිඛිතව දන්වා ඇති අතර තවමත් ඒ සඳහා ප‍්‍රතිචාරයක් ලැබී නොමැති අතර, ඒ පිළිබඳ දක්වන ප‍්‍රතිචාරය පිළිබඳව අපි විමසිලිවත්ව සිටින්නෙමු.
මේ වනවිට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයන්හි සමාජ කතිකාවතකට යා හැකි මට්ටමේ ප‍්‍රතිසංස්කරණ ගෙනැවිත් තිබෙන අතර පසුගිය ආණ්ඩුවේ අර්බුදකාරී ප‍්‍රතිපත්ති ද ඒ අයුරින්ම පවත්වාගෙන යන ආකාරයක් ද පෙනෙන්නට ඇත. මෙවන් තත්වයක් තුළ ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස වගකීම් විරහිතව නිහ`ඩව සිටීමට අප කිසිසේත් නොසිතමු. දැනට සංවාදයට බඳුන් වී ඇති කරුණු අතරින් අප ඔබ සම`ග සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන කරුණු පහතින් දක්වමු. 
1. 05/2015 අංකයෙන් යුතු පාසැල් චක‍්‍රලේඛය අහෝසි කිරීම.
2. මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කිරීම.
3. රජයේ සරසවි තුළ උපාධි මුදලට විකිණීම නැවැත්වීම.
4. සරසවි තුළ ක‍්‍රියාත්මක සමාසික ක‍්‍රමය පිළිබඳ ඇගයීමක් කිරීම.
5. උසස් තාක්‍ෂණ ආයතන වල පාඨමාලා විකිණීම හා කප්පාදුව නැවැත්වීම.
6. අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම.
7. මහපොළ ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම.
8. විවිධ හේතු නිසා සිසුනට අහිමි වූ මහපොළ හා ශිෂ්‍යාධාර නැවත ලබාදීම.
9. පසුගිය පාලනය ම`ගින් ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ට පවරා ඇති සියලූ නඩු හා ඇප කොන්දේසි ඉවත්කිරීම.
10. සියලූ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් පිහිටුවීම.
11. සරසවි තුළින් ක්‍ක්‍ඔඪ කැමරා ඉවත් කිරීම.
මෙම කරුණු සම්බන්ධව ඔබ සමග සාකච්ඡුා කිරීමට හා ඔබගේ ස්ථාවරය දැනගැනීමට අදාළව මෙම සාකච්ඡුා ප‍්‍රවේශය උපයෝගී වනු ඇති බවට අපි බලාපොරොත්තු වෙමු. ඒ සඳහා දිනයක් හා ස්ථානයක් සහිතව අප නියෝජිතයන් පිරිසකට සම්බන්ධවීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරුන්ගේ මූලිකත්වයෙන් සාකච්ඡුාවක් ඉඩ සලසා දෙන ලෙස මහත්  ඕනෑකමින් ඉල්ලා සිටිමු.
ස්තුතියි.

මීට 
 නජිත් ඉන්දික
(කැදවුම්කරු)


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>