සබරගමුව සරසවියේ සියළු ප්‍රශ්න වහා විසදනු!- අ.වි.ශි.බ.ම

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් අද(08) දින කැදවූ මාධ්‍ය සාකච්චාව.
මෙම මාධ්‍ය සාකච්චාව කැදවීමට හේතුව පසුගිය දින කිහිපය තුළ සබරගමුව සරසවියේ සිදු වූ සිදු වීම හා මේ වන විටත් සබරගමුව සරසවිය මුල් කරගෙන මතු වෙලා තිබෙන අර්බුදකාරී තත්වය සම්බන්දයෙන් මාධ්‍ය හරහා දැනුවත් කරන්න.

පසුගිය ඉරිදා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සබරගමුව විශ්වවිද්‍යාලයට කල සන්චාරය,එතනින් පසු ඇති වූ තත්වය එතනින් පසු ශිෂ්‍යන්ට එල්ල කල ප‍්‍රහාරය , විශ්වවිද්‍යාලය වසා දැමීම මේ ආකාරයේ සිදුවීම ගනනාවක් නිසා සබරගමුව සරසවිය වසා දමලා ශිෂ්‍යයින්ට එතනින් පිටවෙන්න නියෝග කරලා තියෙන්නේ. නමුත් තවමත් ශිෂ්‍යයින් ඒ අඛන්ඩ අරගලයත් එක්ක ?දී ඉන්නවා. ඒ නිසා මේ සම්බන්දයෙන් විවිධාකාරයේ සාකච්චා හැදෙමින් තියෙන්නේ ආණ්ඩුව පැත්තෙන් , ඇමතිවරයගේ පැත්තෙන්, විශ්වවිද්‍යාල පරිපාලනය පැත්තෙන් විවිධාකාර ප‍්‍රකාශ නිකුත් කරල තමන්ගේ ඒ ඒ නිරුවත වහගන්න හදනවා. ඒ නිසා එහි සැබෑ තත්වය හා ඉදිරි ක‍්‍රියාමාර්ග දැනුන්දීම තමයි අද දවසේ මාධ්‍ය සාකච්චාවේ අරමුණ.

එහිදී අදහස් දැක්වූ සබගමුව මහා ශිෂ්‍ය සංගමේ උප සභාපති නුවන් බුද්දික
මෙම මාධ්‍ය සාකචචාව අපි කැදවන්නේ සබරගමුව වහලා දාලා තිබෙන තත්වයක් තුළ. මේ වන විට විශ්වවිද්‍යල පරිපාලනය හා දේශපාලනාධිකාරිය දැන් උත්සහකරමින් ඉන්නවා විශ්වවිද්‍යාලය වහලා දලා තියෙන එක ශිෂ්‍යයින්ගෙ කර මත පටවන්න ඒක සාධාරනීකරනය කරන්න. ඒ සඳහා  ප‍්‍රකාෂ නිකුත් කරමින් ගම්වාසින් ලෙස හදුන්වන ආණ්ඩුවේ හෙන්චයියන් ලවා මාධ්‍යට ප‍්‍රකාෂ නිකුත් කරමින් සිටිනවා. අපි ශිෂ්‍යයෝ විදියට ගෙනියන සටනට සමාජය තුළ ප‍්‍රතිවිරෝධයක් හදන්න කටයුතු කරමින් සිටිනවා. මේ වන විට විශ්වවිද්‍යාලය වසා දාන්න හේතු වූ තත්වය ලෙස පරිපාලනය ප‍්‍රාකාශ කරන්නේ ශිෂ්‍යාවන් විසින් ශිෂ්‍ය නේවාසිකාගරයකට ඇතුළු වීම. ඒ තත්වය ඇති වෙන්න බලපාපු තතවය අපි සාකච්චා කරන්න  ඕනි. ඒක ශිෂ්‍යායො ගත්ත තීරනයක් නෙවෙයි. ඒකට හේතුව විශ්වවිද්‍යාලයට අඩුපාඩුව තිබූ නේවාසිකාර ප‍්‍රශ්නෙට සිසුන් දිගින් දිගටම අරගල කලා ඒකෙ ප‍්‍රතිඵලයක් විදියට විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 2ක් හම්බවෙනවා. හැබැයි මේ නේවාසිකාගාර 2ක බරපතල අඩුපාඩු සහිතව තිබියදී පසුගිය 5 වෙනිදා උසෞ අධ්‍යාපන ආමාත්‍ය වරයා පැමින විවෘත කරනව. අපි දිගින් දිගටම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල කොමිෂන් සභාව දැනුවත් කලා මෙහි අඩුපාඩු විශාල ප‍්‍රමානයක් තිබෙනවා කියලා. හැබැයි එහි අඩුපාඩුකම් හදන්නේ නැතිව එය විවෘත කරන්න උසස් අධ්‍යාපන ඇමති තුමා ආවා. එම නේවාසිකාගාර 2කේ ආරක්ශාවට විශාල ගල් බැම්මක් නිර්දේශ වෙලා තිබුනා ඒ ගල් බැම්ම හදන්නේ නැතිව ඒ ගල් බැම්ම හදන්න බැකෝ පැය 500ක ශ‍්‍රමයක් වැය කරල විශාල අගලක් හෑරුව ඒ හාරපු අගල වහලා දාලා රු.345000ක් වැය කරලා පිඩලි හයි කරලා තිබෙනවා. මේ නේවාසිකාගර හඩන්න කෝටි 40ක් වියදම් වෙලා තියෙනවා. නේවාසිකාගරයෙ ආරක්ශක වැට හදලා නෑ. කාන්තා නේවාසිකාගාරයක් නිසා තිර රෙදි වෙන් වෙලා තිබුනා ඒවා දාලා නෑ. දැන් මේ කිසිවක් හදන සල්ලි නෑ අපි අහනවා ඒ සල්ලි වලට මොකද උනේ කියලා. මේ නේවාකාගාර වල වැසිකිලි  පද්දතිය හදන්න කොටි 2ක් ගිහින් තියෙනවා. එතකොට මේ ඉදිකිරීම ඇතුලෙ හරි පැහැදිලියි බරපතල මුදල් අක‍්‍රමිකතාවක් වෙලා තියෙනවා. තව මේ නේවාසිකාරයට වෙන් වෙලා තිබුනේ ලී ඇදන් හැබැයි පරන නේවාසිකාගාර වල තිබුන ලී ඇදන් චීත්ත පටි කපල විවෘත කරන කාමර 3ට විතරක් ගෙනත් දලා ඉතිරි ඒවට යකඩ ඇදන් ගෙනත් දාල තියෙන්නේ. එතකොට ලී ඇදන් වලට වෙන් වුනු සල්ලි වලට මොකද වුනේ. මෙවැනි ආනාරක්ශිත නේවාසිකාගාරයකට ශිෂ්‍යවන්ට යන්න බැරි නිසා ශිෂ්‍යන් ලෙස අපි තීරනයක් අරන් සිංහරාජ නේවාසිකාරය ශිෂ්‍යවන්ට ලබා දී අපි ඉවත් වුනා.

අනිත්  කාරනයේ තමයි නව පිරිමි නේවාසිකාගාරයකට මුල්ගල් තැබීම. මුල් ගල් තබන්න යෝජනා කරල තිබ්බේ  විශ්වවිද්‍යාලයේ සිට කිලෝ මීටර 3ක් දුරින් තියෙන නම්පේරියල් වතු යාය. විශ්වවිද්‍යාලය තුල  ඕනෑතරම් ඉඩ තිබියදී මේ නේවාසිකාර ගෙනියන එකට අපි විරුද්ධ වුනා.ඒකට ප‍්‍රධාන හේතුව තමයි මේ  හදන්නේ හමුදා කදවුරක් ලග. අපි දන්නවා මේ ආණ්ඩුවේ දේශපාලනය තමයි මිලිටරීකරන කියලා එක නිසා තමයි නේවාසිකාගාරය එතන හදන්නේ. ශිෂ්‍ය නායකයින්ට ආරක්ෂක අංශ මැදිහත්වුන  හැටි අපි දන්නවා. ඒක නිසා අපි ඒකට විරිද්ධයි. විශ්වවිද්‍යාල සිසුන්ට ඉන්න ශිෂ්‍ය මධ්‍යස්ථානකවත් නෑ. අනික සබරගමුව සරසවියේ උග‍්‍ර ජල අර්බුදයක් තිබෙනවා හැබැයි මේවට උත්තර නෑ. මේ වෙන විට සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් තහනම් කරලා, ශිෂ්‍යයෝ පරපතල ප‍්‍රමානයක පන්ති තහනම් කරලා මේ වන විට  ශිෂ්‍ය නායකයින් 8 දෙනෙකුගේ පන්ති තහනම් තවමත් තියෙනවා. විශ්වවිද්‍යාලය තුළ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කරලා තියෙනවා. මේවට විරුද්ධව අපි අදට දින 37ක් වූ අඛන්ඩ සත්‍යග‍්‍රහයක් පවත්වනවා. එතකොට එහෙම තියෙන අවස්ථාවක මේ සියළු දේම නිර්මාණය කරපු උසස් අධ්‍යාපන ඇමතිතුමා එතුමා හිතනවනම් විශ්වවිද්‍යාලය තුලට ඇවිල්ලා එතුමට  ඕනි විදියට සෙල්ලම් පෙන්නලා යන්න පුලූවන් කියලා ඒක එතුමට වැරදිලා එකට අපි ඉඩ දෙන්නේ නෑ. දේශපාලන න්‍යාය ප්ත‍්‍රයන්ට අනුව ඔහුන්ගෙ මාධ්‍ය සන්දර්ශන පවත්වල යන්න අපි ඉඩ දෙන්නේ නෑ.  දිසානායක ඇමති තුමාගේ හරි ජනාදිපති තුමාගෙ හරි සාක්කුවෙන්  එන සල්ලි වලින් නෙවෙයි මේ නේවාසිකාගාර හැදුවේ. මේවා හැදුවේ මේ රටේ මිනිස්සු බදු ගෙවන සල්ලි වලින් ඒක නිසා එහෙම දේශපාලන ව්‍යාපෘති වලට අනුව මාධ්‍ය සන්දර්ශන තියන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදිඋයට අපි ඉඩ දෙන්නේ නෑ. ඒක නිසා මේ සබරගමුව විශ්වවිද්‍යලයේ ඇති වී තිබෙන අර්බුද වහා විසදන්න ඒවා විසදන තුරු සටන් කරන්න අපි ලෑස්ති.

එහිදී අදහස් දැක්වූ නජිත් ඉන්දික සහෝදරයා

සබරගමුව විශ්වවිද්‍යලයේ  උප සභාපති වරයා පැහැදි කලා වගේම මේක තමයි සබරගමුව විශ්වවිද්‍යලයේ ඇති වූ තත්වය. උසස් අධ්‍යාපන ඇමති තුමා විශ්වවිද්‍යාලයට එනකොට තිබුන තතවය තමයි  ඕක. ප‍්‍රමිතියෙන් තොර නේවාසිකාගර හදලා ශිෂ්‍යාවන බලෙන් ඒවට ගාල් කරන්න තමයි සැලසුම් සකස් කරලා තිබුනේ. ශිෂ්‍යාවන් ඊට පෙර හිටිය නේවාසිකාග වලින් බලෙන් නිවෙස් වලට යවලා ඒවා ඉවත් කරලා තිබුනේ, එතකොට ශිෂ්‍යාවන්ට වෙන විකල්පයක් තිබුනෙ නෑ, ඒක නිසා තමයි ශිෂ්‍යයින් හිටිය සින්හරාජ නේවාසිකාගාරයට ශිෂ්‍යාවන්ට යන්න සිද්දවෙන්නේ. අපි දන්නවා සබරගමුව විශ්වවිද්‍යාලයේ පමනක් නිසි ප‍්‍රමිතියෙන් තොර නේවාසිකාගාර නිසා ශිෂ්‍යයෙක් මිය ගියා. 2011 පෙබරවාරි 23 වෙනිදා තනුක උදයංග ශිෂ්‍ය විදිලිසැර වැදිලා මිය ගියා.  එතකොට ප‍්‍රමිතියෙන් තොර ගොඩනැගිලි  නේවාසිකාගාර හදපු නිසා ශිෂ්‍යයෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ද වුනා. ඊට මාස 6කට පසු ශිෂ්‍යයෙක් මිය ගියාට පස්සේ ශිෂ්‍යයින් ඉවත් කරලා ශිෂ්‍යාවන් බලෙන් ඇතුලූ කලා. ඇතුලූ කරල 2013 ජුලි 30 වෙනිදා ශිෂ්‍යාවන් නොසිටි අවස්ථාවක එම නේවාසිකාගාරයෙ බිත්තියක් කඩා වැටුනා ඇදන් උඩට. එතකොට ශිෂ්‍යයෝ නිකන් නෙවේ මේ ප‍්‍රමිතියෙන්තොර නේවාසිකාගාර වලට විරුද්ධවෙන්නේ.  එතකොට මේ පාලකයින්ට ප‍්‍රමිතියෙන් තොරද නැද්ද කියන එක අදාල නෑ, ශිෂ්‍යයින්ගේ ජිවිත අදාල නෑ. ශිෂ්‍යයින්ට ගහලා, බැටන් පොලූ පහර දීලා ඇතුලට ඇවිත් චීත්ත පටිය කපලා අපි නේවාසිකාගරයක් විවෘත කලා කියන එක තමයි වැදගත්. 
අනිත් පැත්තෙන් ඇමති වරයා විශ්වවිද්‍යාලයට පය තබන්න හිතන මොහොතෙත් සබරගමුව විශ්වවිද්‍යාලයේ තිබුනු තත්වයක් තිබුනා, ශිෂ්‍ය සංගම් තහනම් කරලා, ශිෂ්‍යයෝ විශාල ප‍්‍රමානයක් පන්ති තහනම් කරලා ශිෂ්‍යයින්ට කිසිදු වැඩසටහනක අවසර නොදී සන්වාද කරන්න කලා ප‍්‍රසන්ගයක් කරන්න අවසර නොදී වසර ගානකින් කලා උලලක් පවත්වන්න අවසර දීලා නෑ එහෙම තත්වයක් තුල උපකුලපතිවරයා හරි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හරි මේ රටේ ආණ්ඩුවහරි හිතනවනම් විශ්වවිද්‍යාලයට ඇතුලූ වෙලා ශිෂ්‍යයින්ගේ අත්පොලසන්නාදය මැද්දෙන් චිත්ත පටි කපන්න පුලූවන් කියලා එහෙම ඉඩ දෙන්නේ නෑ. එක නිසා තමඉ විරෝදතා එල්ල කලේ.ඊට පස්සේ අපි දැක්කා අධි පීඩන ජල රථ ගෙනැල්ලා ශිෂ්‍යයින්ට ගහලා තමයි ඇතුලට ගියේ. ඇතුලට ගියින් චීත්ත පටි කැපුවට ඒ උත්සවයට කිසිදු ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් සහබාගි වුනේ නෑ. විවෘත කරපු නේවාසිකාගරයට කිසිදු ශිෂ්‍යාවක් ගියේ නැ. දැන් අන්න ඒ ලැජ්ජාව වහගන්න නොහැකියාව වහගන්න විශ්වවිද්‍යාලය වහලා දාලා තියෙනවා. ඊට පස්සේ අපි දැක්කා ඇමති තුමා ඉතාමත් බරපතල ප‍්‍රකාශයක් කරනවා අර පහර දීල ඇතුලට ගියාට පස්සේ ජන්ද නිසා තමයි අපි නිකන් ඉන්නේ නැත්නම් ඔය අට්ටාල වලට ශිෂ්‍ය අරගලවලට සලකන්නේ ඔහොම නෙවෙයි කියලා සලකන හැටි අපි දන්නවා කියලා. අපි හිත්නව මේ රටේ ජනතාව මේ ප‍්‍රකාශය ඉතා තියුනු ලෙස සැලකිය යුතුයි. මෙක තමයි මෙකොල්ලො හෙමදාම කරන්නේ. අපි දන්නවා ජන්ද නැති කලෙට හලවත දීවරී ඇන්ටනීලට, ශිෂ්‍ය අරගල වලට සැලකුවේ කොහොමද කියල. ජන්ද තියෙන කලෙට බඩු මිල අඩුකරනව  ඕක තමයි හැමදාම කරන්නේ. එහෙම කියපු ඇමති වරයට ආපහු ආපු පරෙන්වත් යන්න තරම්වත් ධෛරයක් තිබුනේ නෑ. ආපු වහන දාලා පිලිකන්න පැත්තෙන් ගියා. අපි කියනව මේ පාලකයෝ  මොන විශ්වවිද්‍යාලයෙට ගියත් අපි විරෝධය දක්වනවා. අපි ප‍්‍රකාශ කරන්න කැමති මේ වෙද්දි සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් ශිෂ්‍යාවන්  නේවාසිකාගාර වල රැුදී සිස්ටිමින් ඒ අඛන්ඩ අරගලයට සම්බන්ද වෙනවා. ශිෂ්‍යයින් විසිරුවා හරින්න මේ අරක්ෂක අංශ මේ රටේ පාලකයෝ කටයුතු කරමින් ඉන්නවා, මේ තත්වය කෙසේ උවත් කුමන ප‍්‍රහාරය ආවත් සබරගමුව සරසවියේ අරගලය ඉදිරියට ගෙනියනවා, ශිෂ්‍ය සංගම් ලැබෙන තුරු, පන්ති තහනම් ඉවත්කරන තුරු, විශ්වවිද්‍යාලය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහහුරු කරන තුරු,ඇමතිවරයා පීත්ත පටිය කපපු නේවාසිකාගරය නැවැත් නිසි ප‍්‍රමිතියෙන් හදන තුරු ඒ නේවාසිකාගරයට ශිෂ්‍යයෝ යන්නේ නෑ ඒක ස්ථිරයි,ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරය විදියට මේ සියළු අරගල අපි අඛන්ඩව ඉදිරියට අරගෙන යනවා සබරගමුවේ විතරක් නෙවෙයි මේ සියළු ප‍්‍රශ්න ඉදිරියේ අපි අරගල කරනවා සටන් කරනවා එතනින් එහා වෙන උත්තර  නෑ.  ඒ  නිසා හෙට දවසේ තව කොහාට හරි එන්න සූදානම්නන් අපි කියනව එන්න අවිල්ල ඔය ආකාරයේම ප‍්‍රථිඵල බුක්ති විදින්න වෙයි, ඒ නිසා මේ ආණ්ඩුවට අපි කියනවා සියළු ප‍්‍රශ්න විසදන්න ඉදිරිපත් වෙන්න එහේම් නැත්නම් අපි සට්න් තව තීව‍්‍රකරනවා ඒක නිස වහවම විශ්වවිද්‍යාල තුල ප‍්‍රශ්න විසදන්න මැදිහත් වෙන්න කියල අපි ආණ්ඩුවට කියනවා.  


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>