සබරගමුව සරසවිය සරසවියක්ද?

           
     2011.02.23 සබරගමුව සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිවව්න වසර අධ්‍යන කටයුතු කරමින් සිටි එරේෂ් තනුක සොයුරා නේවාසිකාගාරය තුලදීම විදුලි සැර වැදී සදහටම දෙනෙත් පියා ගත්තේ සබරගමුව සරසවියේත්, ලාංකේය සමාජයේ බොහෝ දෙනෙකුගේත් දෙනෙතට කඳුලක් ඉතිරි කරමිනි. මෙම සිද්ධිය සිදුවූයේ සරසවි නේවාසිකාගාරයේ ගෑවී නොගෑවී ගමන් කරමින් තිබූ 33 000ඪ අධිබල විදුලි රැහැන් පද්ධතිය හේතුවෙනි. එමෙන්ම එම අනතුරින් පසුව නේවාසිකාගාරයේ ඉදිරිපස කොටස කඩා ඉවත් කර එය නැවත චාන්දනී නේවාසිකාගාරය ලෙස ශිෂ්‍යාවන්ට ලබාදීමට පරිපාලනය කටයුතු කළේය. මෙම ප‍්‍රථම ඛේදවාදකයේ උණුසුම තුලම චාන්දනී නේවාසිකාගාරයේ බිත්තියක් නේවාසිකාගාර කාමර තුලට කඩා වැටුනේ එහි ශිෂ්‍යාවන්ගේ ජීවිත මාරාන්තික අවධානමකට ලක් කරමිනි. එමෙන්ම පසුගිය කාලය තුළ සබරගමුව සරසවියේ ඉදිකිරීම් බොහෝමයක් ඉතා ඉක්මනින් අබලන් තත්වයට පත්ව ඇති අතර ගොඩනැගිලි ඉරි තලා ගොස් ඇත. මෙම ඉදිකිරීම් පරිපාලනයට අනුව උසස් ප‍්‍රමිතියෙන් යුතු බැව් සදහන් කරයි. එසේම පසුගිය දිනවල ඇතිවූ සුළං තත්වය හේතුවෙන් රවීන්ද්‍ර කාන්තා නේවාසිකාගාරයේ වහලය ගලවාගෙන ගියේ පරාලද සමගය. 

අධිබල විදුලි රැහැන් නේවාසිකාගාරයේ ශිෂ්‍යයන්ට අනාරක්‍ෂිත බව ශිෂ්‍යයන් විසින් පරිපාලනයට දන්වා තිබුණද සරසවි පරිපාලනය විසින් කිසිදු පියවරක් නොගැනීම නිසා එයින් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ අහිංසක සරසවි සිසුවෙකුටය. ඒ වන විටත් ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති ලෙස SB දිසානායක කටයුතු කල අතර ඔහුගේ ප‍්‍රමිති මිනුම් දඩු කොපමණ දිග පළලද යන්න ඉදිකිරීම් දෙස සුපරික්‍ෂාකාරීව බලන්නෙකුට වටහා ගත හැක. එමෙන්ම ගොඩනැගිලි ඉදිකිරීමට පෙර සබරගමුව සරසවියේ භූගෝලීය පිහිටීම, සුළං දිශානතිය ආදී කරුණු සැළකීම අත්‍යවශය වන අතර එසේ වුවද නේවාසිකාගාරය තුළදී සිසුන්ට විදුලි සැර වැදීම, සිසුවියන් සිටින කාමරවල නේවාසිකාගාරයේ බිත්ති ගලවාගෙන වැටීම, අලූත් ගොඩනැගිලිවල බිත්ති ඉතා ඉක්මනින් පුපුරා යෑම, අබලන් වීම, නේවාසිකාගාරවල වහල සුලගින් ගලවාගෙන යාම, එම නේවාසිකාගාරයන්හි ප‍්‍රමිතිය පිළිබද සැළකූ ආකාරය කොපමණකදැයි මනාව පෙන්වන්නකි. මෙසේ සබරගමුව සරසවි සිසුවෙකු මරා දැමීමේ සිට සිසුන්ගේ ජීවිත ආරක්‍ෂාව අවධානයට හෙලීමේ වගකීම සබරගමුව සරසවි පරිපාලනය සහ වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා භාරගත යුතුව ඇත. 
මෙහි කණගාටුවට කරුණු නම් ඓතිහාසිකව එවන් තත්වයක් සබරගමුව සිසුන්ට උරුම කර දී තිබියදී ඉතා අනාරක්‍ෂිත ලෙස ඉදිකල නේවාසිකාගාරයක් සහ පහසුකම් සම්පූර්ණ නොකල හා පැරණි නේවාසිකාගාර තුල තිබූ අබලන් වූ ඇදන් හා අනෙකුත් උපකරණ යොදා සකස්කල නේවාසිකාගාරයක් (මෙම නේවාසිකාගාරය අනාරක්‍ෂිත යැයි පවසන්නේ නායයෑමක් මගින් ගොඩනැගිලි දෙක ආරක්‍ෂා කිරීම සදහා නිර්දේශ කරන ලද පැති බැම්ම ඉදි නොකිරීමයි.) විවෘත කිරීමට  SB අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වවිද්‍යාලය තුලට පැමිණිමයි. තවද මෙම නේවාසිකාගාරයේ කාමර දෙකක් පමණක් ඇමතිවරයාගේ සංදර්ශනය රඟ දැක්වීම සඳහා ලී ඇදන් යොදා අලංකාර ලෙස සකසා තිබීම ඛේදවාචකයකි.

මෙසේ දේශපාලන සංදර්ශන සදහා දේශපාලකයින් සරසවිවලට පැමිණීම අප ප‍්‍රතික්‍ෂේප කරමු. ඒ මන්ද යත් අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සැපයීම අත්‍යවශය කටයුත්තක් හා එය සාමාජීය අවශ්‍යතාවක් වන අතර එහිදී වියදම් කරන්නේ ජනතාවගේ මුදල් විනා ඇමතිවරයාගේ පුද්ගලික මුදල් නොවේ. මෙවන් බොහොමයක් ව්‍යාපෘති තුලින් ඇමතිවරුන් කරන්නේ මහජනතාවට පෙනෙන ලෙස වෙන්කලා යැයි පවසන මුදලින් වැඩි කොටසක් ගසාගෙන කෑම, වංචා කිරීමයි. මෙසේ ජනතා මුදල් යොදා සිදුකරන ඉදිකිරීම් තමන්ගේ පුද්ගලික පරිත්‍යාග ලෙස සළකා සංදර්ශන කිරීමට සරසවියට රිංගීමට අප එකග විය යුතුද? එසේම ආණ්ඩුව පසුගිය කාලය පුරා සිදුකල ව්‍යාපෘති රැසකම ව්‍යාපෘතියට වඩා වැඩි වියදමක් සිදුකර විවෘත කිරීමේ සංදර්ශන කිරීම ප‍්‍රමුඛ කරගෙන ඇතිබව පැහැදිලිය.

මෙහි බරපතල ඛේදවාචකය වන්නේ SB ඇමතිවරයා සරසවි තුල සංදර්ශන රඟ දැක්වීමට පැමිනෙන්නේ සරසවි සිසුන්ට තමන්ගේ අධ්‍යන කටයුතු දේශපාලනික, සංස්කෘතික සංවාද විවාද සාහිත්‍ය කටයුතු කලාව ආදී කිසිදු දෙයක නිරතවීමට, අධ්‍යනය කිරීමට ඇති අයිතිය උල්ලංඝණය කරමින් තිබූ අවධියක වන අතර එම අයිතීන් අහිමි කිරීමේ ප‍්‍රධාන වගඋත්තරකරු වන්නේ SB දිසානායකය. මේ වන විටත් සබරගමුව සරසවියේ මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් 05 තහනම් කර දින 572 වන අතර එම ශිෂ්‍ය සංගම් නැවත පිහිටුවන ලෙස මානව හිමිකම් කොමිසම මගින් ලබාදුන් නිර්දේශය නොසලකා හැර දින 192ක් ගතව ඇත. එයින් තහවුරු වන්නේ සබරගමුව සරසවිය තුල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මූලික අයිතිවාසිකම් මේ ආණ්ඩුව විසින් උදුරාගෙන ඇති බවයි. එසේම සබරගමුව මහා ශිෂ්‍ය සංගම් සභාපති සහෝදරයා ඇතුලු ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් 08 දෙනෙකු වසර දෙකකට ආසන්න කාලයක් පන්ති තහනම් කර තිබේ. තවද සබරගමුව සරසවියේ ප‍්‍රථම වසර ශිෂ්‍යයෙකු වන සන්දිරකුමාර් සුදර්ශන සහෝදරයා තමා විසින්ම තමන්ව කපා ගත්තේ යැයි චෝදනා කරමින් ත‍්‍රස්ත විමර්ශන අංශය විසින් පැහැරගෙන ගොස් අදට දින 60 ඉක්මවා ඇත. සබරගමුව සරසවිය තුල විවිද සංවාද සාකච්ඡ මණ්ඩප, කලා උළෙල සදහා කල ඉල්ලීම් ඉවතට විසිකරමින් සරසවි පරිපාලනය ඒ වෙනුවට ජාතිවාදය හා ආණ්ඩුවේ දේශපාලන උවමනාව සදහා සරසවි ශිෂ්‍යයන් භේද කිරීම සිදුකරමින් සිටී. 

SB ඇමතිවරයා සබරගමුව සරසවිය පැමිණ කල කතාවේ මෙම ආණ්ඩුවේ නිරුවත හෙලිකර තිබේ. එනම් තමන් සරසවියට පැමිණියේ දේශපාලන සංදර්ශනයකට බවත්, ඡන්දය වෙනුවෙන් ජනතාව රැවටීම තමන් සිදුකරන බවත්ය. එසේම ඡන්දය ලබාගත් පසුව ජනතාවගේ උවමනාවන්, අවශ්‍යතාවයන් තමන්ට අදාල නොවන බවත් ඡන්දයට පෙර රවටා පසුව හොදහැටි ආරක්‍ෂක අංශ මගින් සලකන බවත් ප‍්‍රකාශ කර තිබේ. මෙයින් අපේ රටේ ආදරණීය ජනතාව තේරුම්ගත යුතුව ඇත්තේ මෙය සරසවි සිසුන්ට පමණක් නොව මෙය සමස්ථ මහජනතාවගේ ඉරණම වන බවයි. අද වන විට මේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය පවා උදුරා ගනිමින් තිබේ. අධ්‍යාපනය ලැබීම, සෞඛ්‍ය සේවය ලැබීම, පිපාසයට වතුර බීමට ඇති මූලික අයිතියද උදුරාගෙන තිබේ. ඒ නිසා ඔබ අපගේ සියලූ අයිතීන් දිනාගැනීම සදහා එක්වෙමු. සංවිධානය වෙමු. සටන් කරමු යන්න අප ඔබට යෝජනා කරන්නෙමු.           


ක‍්‍රීඩාපිටිය

පුපුරා ගිය බිත්ති


කාන්තා නේවාසිකාගාරයේ කඩා වැටුන බිත්තිය



මිය ගිය  උදයංග සොයුරා




අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>