සබරගමුව සරසවි සිසුන්ට පහර දීමට එරෙහිව වයඹේ උද්ඝෝශන

පසුගියදා සබරගමුව විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග්‍රහයට ආණ්ඩුවේ මැරයන් විසින් ම්ලේච්ච ප්‍රහාරයක් එල්ල කරන ලදී. මෙම පහර දීමට එරෙහිව වයඹ විශ්වවිද්‍යාලයේ අද දින උද්ඝෝශනයක් පැවැත්විය.
ආරක්ෂක අංශ සාමාජිකයන් හා ආණ්ඩුවේ නිල නොලත් මැරයන් යොදා ඊයේ රාත්‍රියේ සබරගමුව විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග්‍රහ අට්ටාලයට පැට්‍රල් බෝම්බයක් දමා ගසා සිසුන්ට අමානුෂික ලෙස පහර දෙන ලදී. මැරයන් කඩු හා යකඩපොලු රැගෙන් මුහුනු ආවරනය කර හෙල්මට් පැලද පැමින තිබේ. මෙම මැරයන් මනා පුහුනුවක් ලැබු පිරිස් වේ. පහර කෑමෙන් සිසුන් 12 දෙනෙකු රෝහල් ගත කරන ලදී. පහර දෙන අවස්ථාවේදි පොලිසියට දැනුම් දීම සිදු කලද කිසිදු මැදිහත් වීමක් පොලිසිය විසින් සිදු කර නොමැත. මෙය සෘජුවම ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ද වී එල්ල කල පහර දීමක් වේ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>