සබරගමුව සරසවියේ අඛන්ඩ සත්‍යග‍්‍රහ අට්ටාලය පොලිසියෙන් බලෙන් ඉවත් කරයි

 
සබරගමුව විශ්වවිද්‍යාලයේ තහනම් කළ මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් 5 වහා ස්ථාපිත කරන ලෙසත්, අත්තනෝමතික පන්ති තහනම් 8 ඉවත් කරන ලෙසත්, විශ්වවිද්‍යාලය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කල අඛන්ඩ සත්‍යග‍්‍රහයට අදට(18* 47කි. අද දින පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ගෙන සිසුන් බලහත්කාරයෙන් අට්ටාලයෙන් ඉවත් කර, අට්ටාලය කඩා ඉවත් කර තිබේ. මේ සඳහා කැරළි මර්දන ඒකකයෙන්  හා  පොලිස් නිළදාරීන් 300කට අධික පිරිසක් පැමින ඇත. අට්ටාලය කඩා ඉවත් කලද සිසුන් තවමත් එම ස්ථානයේම රැුදී සිටින අතර පොලිසිය සිසුන්ට පහරදී සිසුන් සමඟ ගැටුමක් ඇති කර ගැනීමට උත්සහා කරමින් සිටී.

පසු ගිය 10වන දින රාත‍්‍රියේ  ආණ්ඩුවේ මැරයන් විසින් සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන්ට අමාෂික ලෙස පහර දුන් අතර එලෙස පහර දුන් මැරයන් හදුනාගෙන තිබියදී ඔහුන් අත් අඩංගුවට ගැනීමට මෙතෙක් කිසිදු ක‍්‍රියාමර්ගයක් ගෙන නොමැත. නමුත් ීඊ දිසානායක ඇමති තුමාට විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට බදා කලායැයි චෝදනාව මත පසුගිය 14 වන දින සිසුන් 12 දෙනෙකුට උසාවියේ පෙනි ඉන්නැයි නියෝග කර තිබුනු අතර ඔහුන් නිදහස් කිරීමට ඇප ලබා දීමට සිදු විය.

මෙම සිදුවීම් මඟින් පැහැදි වන්නේ රාජ්‍යයේ දේශපාලනය වේ. අධ්‍යාපනය විකිනීට එරෙහිව සිසුන් සටන් කරන විට ලපාලකයින්ගේ බලය අභියෝගයට ලක් වන විට මර්දනය කැදවයි. ඒ සඳහා රාජ්‍යයේ පොලිසිය, අධිකරණය  ඇතුළු සියළු මර්දන උපකරන බාවිතා කරන බවයි.

ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අපට  පැවසීමට තිබෙන්නේ කෙලෙස ශිෂ්‍ය මර්දනය කැදවුවද හෙට දිනයේද නැවැතත් අඛන්ඩ සත්‍යග‍්‍රහය ආරම්භ කරන බවත් අරගල බිමට වඩාත් ධෛර්යවන්ත ලෙස සටන් කිරීමට පැමිනෙන බවත් සහා වසා දැමු සබරගමුව විශ්වවිද්‍යාලය වහා විවෘත කරන ලෙසත්ය.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>