මිනිමරු ආණ්ඩුවට එරෙහිව විශ්වවිද්‍යාල සියල්ලේම උද්ඝෝෂණ

සබරගමුව විශ්වවිද්‍යාල සිසුන්ට ඊයේ(10) රාත්‍රියේ ආණ්ඩුවේ ආ‍යුද සන්නද්ද මැරයන් විසින් පහර දීමට එරෙහිව සියළු විශ්වවිද්‍යාල වල උද්ඝෝෂන පැවැත්විය. ආරක්ෂක අංශ සාමාජිකයන් හා ආණ්ඩුවේ නිල නොලත් මැරයන් යොදා ඊයේ රාත්‍රියේ සබරගමුව විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග්‍රහ අට්ටාලයට පැට්‍රල් බෝම්බයක් දමා ගසා සිසුන්ට අමානුෂික ලෙස පහර දෙන ලදී. මැරයන් කඩු හා යකඩපොලු රැගෙන් මුහුනු ආවරනය කර හෙල්මට් පැලද පැමින තිබේ. මෙම මැරයන් මනා පුහුනුවක් ලැබු පිරිස් වේ. පහර කෑමෙන් සිසුන් 12 දෙනෙකු රෝහල් ගත කරන ලදී. පහර දෙන අවස්ථාවේදි පොලිසියට දැනුම් දීම සිදු කලද කිසිදු මැදිහත් වීමක් පොලිසිය විසින් සිදු කර නොමැත. මෙය සෘජුවම ආරක්ෂක අමාත්‍යන්ශ්ය සම්බන්ද වී එල්ල කල පහර දීමක් වේ.

මෙම පහර දීම් වලට එරෙහිව අද දින පේරාදෙනිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් ගලහ හන්දිය ඉදිරිපිට දහවල් 11.00ට උද්ඝෝශණය පැවැත්විය. රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් විශ්වවිද්‍යාලය ඉදිරිපිට 12.30ට පමණ උද්ඝෝශණය පැවැත්විය. රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය  විසින් වැල්ලමඩම පරිශ්‍රයේ සහා ගාල්ල නගරයේ ඩහවල් 12.00ට උද්ඝෝශණය පැවැත්විය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මඟින් විජයරාම මන්සන්දියේ දහවල් 12.00 උද්ඝෝශණය පැවැත්විය. විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරීකමිටුව විසින් නාවල විශ්වවිද්‍යාලය ඉදිරිපිට දවහල් 12.00ට උද්ඝෝශණ පැවැත්විය. සෞන්දර්‍ය් විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මඟින් ලිප්ටොන් වට රවුමේ අද දහවල්1.00ට පමණ උද්ඝෝශණය පැවැත්වූ අතර එයට විවෘත විශ්වවිද්‍යාල සිසුන් හා අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික සහෝදරයාද සහබාගි විය. සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් පඹහින්න මන්සන්දියේ උද්ඝෝශණය පැවැත්වූ අතරමෙයට ගම්වාසින්ද සහය පලකරමින් සහභාගි විය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින්  දහවල් 2.00ට පිටිපන මන්සන්දියේදි උද්ඝෝශණය පැවැත්විය.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

ජයවර්දනපුර විශ්වවිද්‍යාලය


විවෘත විශ්වවිද්‍යාලය


පේරාදෙනිය විශ්වවිද්‍යාලය


රජරට විශ්වවිද්‍යාලය


රුහුණ විශ්වවිද්‍යාලය


සබරගමුව විශ්වවිද්‍යාලය


සෞන්දර්‍ය් විශ්වවිද්‍යාලය


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>