බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග‍්‍රහයට මැර ප‍්‍රහාරයක්

ඉලලීම් දහයක් මුල් කරගෙන ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව මගින් සංවිධානය කරන ලද අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අදට දින 17 කි. කිසිඳු විසඳුමක් මෙතෙක් ලබා නොදී ඇති මෙම සත්‍යග‍්‍රහයට විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් ඇත.

  මෙහි ආසන්නතම සිදුවීම ලෙස ඊයේ (01) රාත‍්‍රී කිසියම් පිරිසක් විසින් භික්‍ෂූන් වහන්සේලාට ගොම ප‍්‍රහාරයක් එල්ල කර ඇත.සත්‍යග්‍රහයට පොලිස් ආරක්ෂාව තිබියදීම සුදුපාට කැරවන් රථයකින් පැමිනි පිරිසක් විසින් මෙම ගොම ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබේ.ආණ්ඩුව දිගින් දිගටම ශිෂ්‍ය ව්‍යාපරයේ බලය හමුවේ පරාජය වීමත් සමඟ වියරූ වැටී ඇත.එබැවින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලගේ ප්‍රශ්න විසදනවා වෙනුවට මෙවැනි මිලේච්ච ක්‍රියා කරමින් සිටි.

ඊට විරෝධය පා 2014-10-02 දින උදෑසන 07.30 ට හෝමාගම පිටිපන හංදියේ දී උද්ඝෝෂනයක් පවත්වයි.














අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>