කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියන් පැවරූ නඩුව ජයගනී.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ 2007-2008 වසර කණ්ඩායමේ  විශේෂවේදී උපාධිය හැදෑරූ, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියන් විසින් සිය ශිෂ්‍යභාවය අහෝසි කිරීම සහ සම්පූර්ණ කරන ලද උපාධිය ලබා නොදීමට විරුද්ධව උපකුලපතිවරයා, විනයාධිකාරී ඇතුළු පාලක සභාව වගඋත්තර කරුවන් කරමින් කොළඹ අභියාචනාධිකරණයට ගොනුකළ නඩුවේ (WR-334/13) තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් (2014/08/26), දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලට අනුව චන්දානන්ද හිමියන්ට උපාධිය ලබා දියයුතු යැයි තීරණය කරන ලදි. මෙහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා ඇතුළු නීතිඥ මඩුල්ල පෙනී සිටියහ. 

වර්තමාන පාලකයන්ගේ අධ්‍යාපන පෞද්ගලීකරණ ප‍්‍රතිසංස්කරණ වලට විරුද්ධව හ`ඩනැගූ ශිෂ්‍ය නායකයන් මෙන්ම ශිෂ්‍යයන් ද මර්දනය කිරීම  ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් බව මෙම සිද්ධිය තුළින්ද පැහැදිලි වේ.  කුමන ආකාරයේ මර්දනයක් කැඳවුව ද ශිෂ්‍ය ව්‍යාපාරයේ ගමන අඩාල කිරීමට පාලකයන්ට නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු. 

- අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලය - 


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>