බලහත්කාරී හමුදා පුහුණුව වහ නවතනු - නජිත් ඉන්දික

najith indika
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට මාධ්‍ය හමුවක් කැදවන්න තීරණය කලේ මේ වෙද්දි නැවත වතාවක් වත්මන් ආණ්ඩුව විසින්  සරසිවි ප්‍රවේශයට නියමිත ශීෂ්‍ය ශීෂ්‍යාවන්ට ලබා දෙනු ලබන හමුදා පුහුණුව සිව්වන වරටත් ආරම්භ කොට තිබෙනවා.මේ වන විට ශීෂ්‍යයින්ට හමුදා කදවුරු තුලදි එම පුහුණුව ලබා දෙනු ලබනවා.මෙම පුහුණුව ලෝකයේ කිසිදු රටක නැති අයුරින් නැතිනම් ලෝකයේ දරුනු ඒකාධිපතීන් සිටින කාලයන්හි තිබු අයුරින් ක්‍රියාත්මක කරනවා. විශ්ව විද්‍යාල ප්‍රෙවේශය ලබන සිසුන්ට ඇතුල්වීමට අදාල පුර්ව දැණුම ලබා දිම හෝ එම පහසුකම් වැඩිදියුනු කරනවා වෙනුවට හමුදා කදවුරු තුල රදවා ගනිමින් නායකත්ව පුහුණුව ලෙස නම් කරමින් සිවු වන වරටත් පුහුණුවක් ලබා දීමට කටයුතු යොදා ඇති  තත්වයක් තුල අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපේ අදහස් ප්‍රකාශ කරන්න තමයි අපි අද මාධ්‍ය සාකච්චාව කැදවලා තියෙන්නේ.

2011 වසරේ පළමු වරට ලංකාව තුල සරසවි සිසුන්ට හමුදා පුහුණුව ආරම්භ කරනු ලබනවා.ලෝකයේ අධ්‍යාපනය දියුණු රටවලවත් සරසවි ප්‍ර වේශයට සුදුසුකම් ලත් සිසුන් හමුදා කදවුරු තුල ගාල් කර ගෙන පුහුණුවක් ලබා දිමක් සිදු කරන්නේ නැහැ.විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුව හමුදා කදවුරු තුල ලබා දෙන්න පුථවන් කියල විශ්වාසයක් ලෝකෙ කිසිම තැනක නැහැ.නමුත් ලංකාව ඇතුලෙදි මෙය ක්‍රියාත්මක වෙනවා.

හමුදා පුහුණුවට දැන් වසර හතරක් ගත වෙලා.බොහෝ පිරිස් මෙය සාමාන්‍යකරනය කොට ගෙන තිබෙනවා.ලංකාව තුල ප්‍රජාත්‍රන්තවාදය ගැන කථා කරන පක්ෂ,සංවිධාන,පුද්ගලයන් පවා සරසවි සිසුන්ට ලබා දෙනු ලබන හමුදා පුහුණුව පිළිබදව සාකච්ජා කිරීම නතර වෙලා තිබෙනවා.

ආණ්ඩුවේ දේශපාලන අභියෝග ජයග්‍රහනය කිරීම සදහා සරසවි සිසුන්ට හමුදා පුහුණුව ලබා දෙනු ලබනවා.ආණ්ඩුවට තිබෙන දේශපානය අභියෝගය වන්නේ 2010 ජනාධිපතිවරයා දෙවන වරට පත් වෙලා එස්බීල බන්දුලල අධ්‍යාපන ඇමතිල වෙලා අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමේ ව්‍යාපෟතිය එක හෙළාම ක්‍රියාත්මක කරන්න පටන් ගැනීමේදි මෙම අවශ්‍යතාවය මතු වනවා.2010 වසරෙන් පස්සෙ අධ්‍යපන ඇමතිවරු ආණ්ඩුව සෟජුවම අධ්‍යාපනය විකුණන ඒ වෙනුවෙන් ප්‍රථිපත්ති හදන ඒ වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් විරුද්ධව කටයුතු කරනු ලබන බළවේග වලට විරුද්ධව නිළ ප්‍රකාශ කරන තත්වයක් නිර්මාණය වී තිබුනා.
හමුදා පුහුණුව පැමිනෙන්නේ එකවර නොවෙයි 2010න් පසුව දිගින් දිගටම අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ප්‍රථිපාදන අඩු කරමින් විශ්ව විද්‍යාලවල ශීෂ්‍යයින්ට අදාල මර්ධනය දියත් කරමින් එක්පැත්තකින් පුද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත කරල ඒවාට අදාල පණත් ගෙනල්ල කටයුතු කරමින් රජයේ විශ්ව විද්‍යාලයන්තුල පවා උපාධිය විකිණීමට අදාල කටයුතු කරා.රජයේ අනුග්‍රහය ඇතිව කොතලාවල වගේ රජයේ හිමිකාරිත්වය තිබෙන ආයතන වල පවා මුදල් ගෙවා උපාධිය ලබා ගැනිමේ අවස්ථාව සැලසනු ලැබුවා.

පාසල් අද්‍යාපනය තුල පසුගිය වසර 05 තුල ශීෂ්‍යයින්ගෙන් දෙමාපියන්ගෙන් විවිධ හේතු කියමින් දහස් ගනනින් මුදල් එකතු කරනු ලබනවා.එයට හේතුව අධ්‍යාපනයට වෙන් කරනු ලබන ප්‍රථිපාදන අඩු කරල මේ වන විට ඉතිහාසයේ අඩුම අගය තිබෙන්නේ.

මීට කලින් සිදු කලේ ශීෂ්‍යයන් විශ්ව විද්‍යාල තුලට ගියපසු මර්ධනය දියත් කිරීමයි.දැන් සිසුන් විශ්ව විද්‍යාල ප්‍රෙව්ශය ලබා ගැනීමේදීම එම මර්ධනය දියත් කරනු ලබනවා.සරසවි සිසුන් හමුදා කදවුරු වල ගාල් කරල දෙන නායකත්ව පුහුණුවක් නෑ.හමුදාවෙ නායකත්වය කියල හදුන්වන දෙයයි විශ්ව විද්‍යාල තුල හෝ සිවිල් සමාජය තුල නායකත්වය කියන එකයි දෙකක්.හමුදාවෙ යස් සර් ඔව් සර් කියන ප්‍රශ්න කිරීම් නැති නායකත්වයක් සමස්ථ සමාජයට අවශ්‍ය වන්නේ නෑ.සිසුන් මිලිටරි මානසිකත්වයට ඇද දැමීමත් වැරැද්දක්.ආණ්ඩුව උත්සාහ කරනවා හමුදා මානසිකත්වය සිසුන් තුලත් ඇති කිරීමට.මේ සමාජයට අවශ්‍ය වන්නේ ප්‍රශ්න කිරීම් නැති අන පිලිපදින වෙඩි තියන්න කිව්වම වෙඩි තියන,පහුබහින්න කිව්වම පහු බහින එහෙම නායක්‍ත්වයක් සමාජයට අවශ්‍ය නැහැ.එය සිවිල් සමාජයට අතිශය භයානකයි.ඒවා ලෝකයේ ප්‍රතිත්ෂේප කරපු දේවල්.ඒවා මේ ආණ්ඩුව තම දේශපාලන අරමුනු සාක්ෂාත් කර ගැනීමට ක්‍රියාත්මක කරනවා.එවැනි ක්‍රියාමාර්ගයක් තමයි හමුදා කදවුරු තුල සිදු කරන මෙම නායකත්ව පුහුණුව.

හමුදා පුහුණුව සති තුනක් කරනවා.රජයේ මුදල් වලින් කෝටි 20ක් වියදම් කරනවා මෙම පුහුණුවට.විශ්ව විද්‍යාල වල ප්‍රශ්න වලට විසදුම් ඉල්ලද්දි දෙන්න නැති සල්ලි ආණ්ඩුවට තිබෙනවා නායකත්ව පුහුණුව ක්‍රියාත්මක කිරීමට.

මෙම පුහුණුවේදි ලබා දෙනු ලබන දේශන වලදි සිදු කරන්නේ ශීෂ්‍ය ව්‍යාපාරයට විරුද්ධත්වයක් ගොඩ නැගිමයි.හමුදා පුහුණුව තුලින් සිසුන්ට කරන්නෙ ප්‍රභු වන්දනාවක් කිරිමට ඉගැන්වීමයි.ඊට අමතරව භයානක ලෙස ජාතිවාදය වැපිරවීම සිදු කරනු ලබනවා.සිසුන්ගේ අතපය කඩා ගෙන කොදු කඩා ගෙන දෙන්න යන හමුදා පුහුණුව කුමක්ද?මෙය එතරම් වටිනවාද?

ශීෂ්‍යයින්ට ලැප්ටොප් දෙනව කියල හමුදා පුහුණුව ආරම්භ කළා.දුන්නු ලැප්ටොප් එකක් නැහැ.ශීෂ්‍යයින්ට උනේ අතපය කඩා ගෙන කොන්ද කඩා ගෙන ගෙදර යන්නයි.සිසුන් දෙදෙනකු මිය ගියා.අබාධිත සිසුන් සිය ගනනක් ඉන්නවා.

සත්‍ය වශයෙන්ම සිසුන්ට නවක වදය දෙන්නෙ ආණ්ඩුව.විශ්ව විද්‍යාල වලට ඇතුල්විමට කලින්ම දෙනවා.එමගින් සිසුන් මිය ගොස් තිබෙනවා.අබාධ වලට ලක් වෙලා තිබෙනවා.

සරසවි සිසුන් මතවාදීව තමන්ට එකගකරවා ගැනීමට තමයි ආණ්ඩුව විශ්ව විද්‍යාල සිසුන්ට හමුදා පුහුණුව ලබා දෙනු ලබන්නේ.



අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>