"අපේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තමයි අධ්‍යාපනය විකුනන එක" සුනිල් ජයන්ත නවරත්න භික්ෂු අන්තරේට කියයි

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය වහා ස්ථාපිත කරන ලෙස හා තවත් ඉල්ලිම් කිහිපයක් වෙනුවෙන් ඊයේ(10) කොටුව දුම් රිය ස්ථානය ඉදිරිපිට සිට උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දක්වා පා ගමනක් පැවැත් විය. මෙය අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය මගින් සංවිධානය කර තිබුනි.

පසුගිය දා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිට හෝමගම නගරය දක්වා පා ගමනක් පවත්වා ආරම්භ කල මෙම අරගලයේ ඉල්ලිම් වූයේ
මහා ශිෂ්‍ය සංගමය වහා ස්ථාපිත කරන ලෙසත්
ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත්
අධ්‍යනය සුභ සාධන ගැටළු විසදන ලෙසත්
දූෂිත පරිපාලනය ඉවත් කරන ලෙසත් හා විශ්වවිද්‍යාලය තුලට සිදු කරන දේශපාලන අතපෙවීම් වහා නවතන ලෙසත්ය.

පා ගමන උසස් අධ්‍යාපන අමාත්‍යංශය අසලට පෙමිනීමෙන් පසු උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්චාවක ලබා දෙන ලදී. එහිදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න පවසා තිබෙන්නේ "අපේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තමයි අධ්‍යාපනය විකුනන එක එහෙම නෙති එකක් ඔහෙලගේ ආණ්ඩුවක් ආවම ගන්න" ලෙසය.

මේ අතර 9 වන දින පොලිස් කැරලි මර්ධන ඒකකය හා පොලිසිය එක්ව පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය වටලා තමන් අධිකරණ නියෝගයක් ලබා ගෙන පැමිණි බවත් පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය පරීක්ෂා කිරීමට අවැසි බවත් පවසමින් විශ්ව විද්‍යාලය ඉදිරිපිට රැදී සිටි අතර පසුව ශීෂ්‍ය භික්ෂුන් වහන්සේලා පෙන්වා දී ඇත්තේ සරසවිය පරීක්ෂා කිරීමට බලය ඇත්තේ සරසවි පරිපානයට බවත් පොලිසියට එය සිදු කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත්ය.


තවද අන්තර් විශ්ව විද්‍යාල ශීෂ්‍ය බළ මණ්ඩලයේ සිවු දෙනෙකු සරසවිය තුල රැදි සිටින බවත් ඔවුන් වහාම ලබා දෙන ලෙසත් පොලිසිය පවසා ඇත





අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>