භික්ෂු අන්තරේ නියෝජිතයන් සිටි කියා කැරළි මර්දන ඒකකයෙන් බෞද්ධ හා පාලි විශ්විද්‍යාලය වටලයි.

2011 වසරේ සිට බෞද්ධ හා පාලි විශ්විවිද්‍යාලය පාල්කයින්ගේ දැඩි මර්දනයට ලක් විය. මහා ශිෂ්‍ය සංගමය තහනම් කොට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයකගේ පන්ති තහනම් කරන ලදී.

පසුගිය දා බෞද්ධ හා පාලී විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විශ්වවිද්‍යාලයේ දුෂිත පරිපාලනය එරෙහිවත්, ශිෂ්‍ය මර්දනයට එරෙහිවත්, අධ්‍යන සුභසාධන ගැටළු වහා විසදන ලෙසත් හා මහා ශිෂ්‍ය සංගමය වහ ස්ථාපිත කරන ලෙසත් බල කරමින් හෝමගම නගරය දක්වා පාගමනක් පැවැත් විය. 

මේ අතර ඊයේ(9) දින පොලිස් කැරලි මර්ධන ඒකකය හා පොලිසිය එක්ව පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය වටලා තමන් අධිකරණ නියෝගයක් ලබා ගෙන පැමිණි බවත් පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය පරීක්ෂා කිරීමට අවැසි බවත් පවසමින් විශ්ව විද්‍යාලය ඉදිරිපිට රැදී සිටි අතර පසුව ශීෂ්‍ය භික්ෂුන් වහන්සේලා පෙන්වා දී ඇත්තේ සරසවිය පරීක්ෂා කිරීමට බලය ඇත්තේ සරසවි පරිපානයට බවත් පොලිසියට එය සිදු කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත්ය.

තවද අන්තර් විශ්ව විද්‍යාල ශීෂ්‍ය බළ මණ්ඩලයේ සිවු දෙනෙකු සරසවිය තුල රැදි සිටින බවත් ඔවුන් වහාම ලබා දෙන ලෙසත් පොලිසිය පවසා ඇත.

සරසවිය තුල අන්තරයේ සිසුන්ට සිටීමට අවසර නොමැති නම් සිටිය හැක්කේ කාටද යන්න අප පොලිසියෙන් ප්‍රශ්න කර සිටිමු.අන්තරය යනු සරසවි සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පිහිටුවාගත් සරසවි සිසුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මිස පාතාල හෝ මැර කණ්ඩායමක් නොවේ.



අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>