සංජීව බණ්ඩාර සහෝදරයාගේ ඇප කොන්දේසි ඉවත් කරයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයාට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් පනවා තිබූ ඇප කොන්දේසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ පවත්නා නීතියට පටහැනි වන බව පවසමින්, අද (04) දින කොළඹ මහාධිකරණය විසින් ප‍්‍රතිසංශෝධනයක් මගින් ඉවත්කරන ලදී. මෙම ඇපකොන්දේසි නීති විරෝධී යැයි පවසමින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණය මෙම තීරුණය ලබා දී ඇත.
මහජන පීඩාවක් සිදුවන ආකාරයෙන් උද්ඝෝෂණ පැවැත්වීම, නීති විරෝධී රැස්වීම් පැවැත්වීම යන ඇප කොන්දේසි සංජීව බණ්ඩාරට එරෙහිව පනවා තිබූ ඇප කොන්දේසි වේ. 
තවද එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු විසින් ප‍්‍රකාශ කරනු ලබුවේ, පොලිසිය විසින් ඇප කොන්දේසි අවභාවිතා කිරීමේ අවධානමක් පවතින බැවින් ඒ අනුව ඇපකරු තනිව සිටින අවස්ථාවකදී වුවද නීති විරෝධී රැස්වීමකට සහභාගී වූවේ යැයි බොරු චෝදනාවක් ඉදිරිපත් කර බන්ධනාගාරගත කිරීමේ හැකියාවක් පවතින බවයි. 
සංජීව බණ්ඩාර සහෝදරයා වෙනුවෙන් නීතීඥ උපුල් කුමාරපෙරුම ඇතුළ නීතීඥ කණ්ඩායම කරුණු දැක්වීය. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>