රුහුණ සරසවිය වසා දැමීමට එරෙහිව කැලණිය සරසවි සිසුහු විදී බසී

රුහුණ විශ්වවිද්‍යාලය වසා දැමීමට එරෙහිව අද දින  කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් කොළඹ නුවර මාර්ගය ඉදිරිපිට උද්ඝෝශණයක් පැවැත්විය.

 මෙහිදී අදහස් දැක්වු කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහොදරයා කියා සිටියේ  ආණ්ඩුව දිගින් දිගටම අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන කප්පාදු කරමින් වසර 9කින් මහාපොළ හෝ ශිෂ්‍යාධාර වැඩි නොකරමින්  එවාට මුදල් නෑ කියමින් දැයට කිරුළ වැනි බොරු සංදර්ශන පවත්වා  ආණ්ඩුවේ ප්‍රතිරූපන නංවා ගැනීමට සරසවිය ලබා නොදෙන බවත් විශ්වවිද්‍යාල දියුණු කිරීමටනම් එයට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත්ව. දැයට කිරුළ පැවැත්වීමට රුහුණ සරසවි සිසුන් ඉඩ ලබා නොදීම හේතුවෙන් ආණ්ඩුව මැරයන් යොදා සරසවි සිසුන්ට පහර දී ශිෂ්‍ය ව්‍යාපාරය පරාජය කල නොහැකි බවද වසා දැමූ රුහුණු සරසවිය වහා විවෘත කරන ලෙසද එසේ නොමැතිනම් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව  ඔහු කියා සිටියේය.

ඡායාරූප නැරබීමට

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>