ආණ්ඩුව ඉස්සර දොරෙන් ඇවිත් ආයුබෝවන් කියලා. පිටිපස්සේ දොරෙන් බල්ලො ලිහලා දානව- නජිත් ඉන්දික

අ.වි.ශ.බ.ම විදිහට අපි අද මාධ්‍ය සාකච්ඡුාවක් කැදෙව්වේ රුහුණ විශ්වවිද්‍යාලයේ පත්ව ඇති තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න. මේ වෙද්දි රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ උවමනාව මත රුහුණු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමුනු ලැබුවා. ඔවුන් මේ පිළිබද හේතුව වශයෙන් දැක්වූයේ ශිෂ්‍යන්ගේ ආරක්ෂාව පිළිබද ප‍්‍රශ්ණයක් නිසා කියලයි. නමුත් පසුගිය දින කිහිපය තුළ රුහුණ විශ්වවිද්‍යාලය ආශ‍්‍රිතව සිදුවූ සිදුවීම් දෙස බැලූ විට පෙනෙන දෙයක් තමයි ප‍්‍රශ්නෙ තියෙන්නේ සිසුන්ගේ නෙමෙයි, විශ්වවිද්‍යාල විවෘත කරල තියෙන එකේ නෙමෙයි. ඇත්ත ප‍්‍රශ්නයක් තියෙද්දී ඒකට උත්තර හොයනවා වෙනුවට විශ්වවිද්‍යාල වහල දාලා, ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු නවත්තලා දාන්න පාලකයෝ කටයුතු කරලා තියෙනවා. 

මේ සිදුවීම් ආරම්භ වන්නේ ‘දැයට කිරුළ’ නම් ආණ්ඩුවේ සංදර්ශණ ප‍්‍රදර්ශනය රුහුණ සරසවියේ පවත්වන්න ආණ්ඩුව සැලසුමක් ගේනවා. ඒක ප‍්‍රකාශයට පත්වුණාට පස්සේ ශිෂ්‍යයන් විදිහට අපි ඒකට විරුද්ධ වෙනවා. මේකට ශිෂ්‍යයො විරුද්ධ වෙන්නේ ඇගේ අමාරුවකට නෙමෙයි. මේක සම්බන්ධයෙන් ඉතාම පැහැදිළි හේතු ඇතුව තමයි ශිෂ්‍යයො විරුද්ධ වෙන්නේ. එක හේතුවක් තමයි වත්මන් ආණ්ඩුවේ පාලකයන්ගේ දුෂණ වංචා ගැන, ජනතා මුදල් නාස්ති කිරීම ගැන විවිධ පාර්ශව අදහස් දක්වනවා, විරුද්ධ වෙනවා. මේ දැයට කිරුළත් එහෙම එකක් තමයි. මේක ඇතුළෙ තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මාස ගණනක් මහන්සි වෙලා, කෝටි ගණනක් මුදල් වියදම් කරලා, ගිය අවුරුද්දේ වියදම විතරක් කෝටි 2000 කට වැඩියි. කොහේ හරි භූමියක් තෝරාගෙන ඒක ඇතුළෙ එක එක ඒවා කරලා අවසානයේ අකුලගෙන යනවා. මොකක්වත් ඉතුරුවෙන්නේ නෑ ඒ පැත්තේ මිනිස්සුන්ටත්, මොකක්වත් ඉතුරුවෙන්නේ නෑ සමාජයටත්. අවසානයේ ඉතුරුවෙන්නේ ආණ්ඩුවේ පුම්බපු ප‍්‍රතිරූපය විතරයි. එතකොට මේ දැයට කිරුළ කියන්නේ සමාජයට අවශ්‍යය දෙයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රතිරූප පුම්බන වැඩක්. හැමෝම දුෂණයට නාස්තියට විරුද්ධයි. වේදිකාවල ඒ ගැන කතා කරනවා. ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට අපි කතාවෙන් ඔබ්බට ගිහින් ක‍්‍රියාවෙන්ම විරුද්ධ වෙනවා. ඒක තමයි රුහුණ විශ්වවිද්‍යාලයේදී වුණේ. එක පැත්තකින් ශිෂ්‍යන්ට දැවැන්ත ප‍්‍රශ්න ප‍්‍රමාණයක් තියෙනවා. මේ රටේ ජනතාවට දැවැන්ත ප‍්‍රශ්න ප‍්‍රමාණයක් තියෙනවා. ශිෂ්‍යයන් මහපොළ වැඩි කරන්න කියලා ඉල්ලද්දි වසර 9 කින් මහපොළ, ශිෂ්‍යාධාර වාරික වැඩිකර නෑ. වසර 9ක් තිස්සේ මහපොළ වාරිකය රුපියල් 2500යි. මහපොළ වැඩිකරන්න කියලා ශිෂ්‍යයන් ඉල්ලද්දි කියන්නේ සල්ලි නෑ කියලා. ඒ විතරක් නෙවී මේ වෙද්දි දෙවන වසර ශිෂ්‍යන්ට ලබාදිය යුතු මහපොළ වාරික වලින් තවම ලබාදී ඇත්තේ වාරික 3යි. ඔවුන්ගේ පාඨමාලා කාලයෙන් භාගයක් ඉවරයි. මේව ඉල්ලද්දි කියන්නේ සල්ලි නෑ කියලා. එතකොට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රශ්න විසදන්න කිව්වම, අඵත් අධ්‍යාපන අවස්ථා ඇති කරන්න කියලා කිව්වම, පාසල් වලින් මුදල් අයකරන්න එපා කිව්වම, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුඵල් කරන්න කිව්වම කියන්නේ මුදල් නෑ කියලා. අඩුම තරමේ පාසල් වල විදුලි බිල ගෙවෙන්න වත් මුදල් ලබා දෙන්නේ නෑ. අධ්‍යාපනයට කරන්නේ එහෙම. ඒවට සල්ලි නෑ කියලා ඒ විශ්වවිද්‍යාල භූමිය තුළම මේ ආණ්ඩුවේ ප‍්‍රතිරූප පුම්බන නාඩගම් නටන්න හදනවා.
අනික් පැත්තෙන් කම්කරුවන්ට වැටුප් වැඩි කරන්නේ නෑ. බදු බර අඩුකරන්නේ නෑ. බඩු මිල අඩු කරන්නේ නෑ. ධීවරයට, ගොවියට අදාළ සහනාධාර දෙන්නේ නෑ. වතු කම්කරුවට අඩුම තරමේ කාලා ජීවත්වෙන්න පුඵවන් වැටුපක් දෙන්න කිව්වම ඒවට මුදල් නෑ කියනවා. නමුත් නැති මුදලුත් තියෙනවා මේවගේ නාඩගම් වලට. රට ඇතුළෙ මේක පවත්වනවටත් අපි විරුද්ධයි. විශ්වවිද්‍යාල භූමියේ මේක පවත්වනවට අපි කොහොමත් විරුද්ධයි. ඒ නිසා තමයි අපි ‘දැයට කිරුළ’ ට විරුද්ධ වුණේ. 
තවත් පැත්තකින් විශ්වවිද්‍යාල භූමියේ තමන්ගේ ප‍්‍රතිරූප පුම්බන වැඩ කරන්න කලින් අපි ආණ්ඩුවෙන් අහන්නේ පහුගිය අවුරුදු හතරක පහක කාලය ඇතුළත ආණ්ඩුව කොහොමද මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් එක්ක කරපු ගනුදෙණුව මොනවගේද කියලා? පහුගිය අවුරුදු කිහිපය ඇතුළෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් එක්ක තිබිච්චි ආණ්ඩුවේ හැසිරීම් දිහා බලද්දි ආණ්ඩුව හිතනවනම් විශ්වවිද්‍යාල ඇතුළට ගෙනල්ල ආණ්ඩුවේ ප‍්‍රතිරූප පුම්බන මෙවැනි සංදර්ශණ කරන්න පුඵවන් කියලා, එහෙම සිතීමම ප‍්‍රශ්නයක්. පසුගිය වසර 4 ඇතුළත ශිෂ්‍යයන් ශිෂ්‍ය නායකයන් 1500කට වැඩිය පංති තහනම් කරලා, ශිෂ්‍ය භාවය අහෝසි කරල තියෙනවා. ශිෂ්‍යයන්ට විරුද්ධව ඉතාම බොරු චෝදනා එල්ල කරලා නඩු පවරලා තිබෙනවා 426ක්. සිරගත කිරීම් 74ක්. මරණ තර්ජන 218ක් දැයට කිරුළ ප‍්‍රශ්නයට ඇරෙන්න. පැහැරගෙන යාම් 3යි. ශිෂ්‍ය ඝාතන 3යි. ශිෂ්‍ය සංගම් අහෝසි කිරීම් 36යි. මේ විතරක් නෙමෙයි තවමත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ‘වේදිකාවෙන් මහපොළවට’ කෙටි නාට්‍ය උළෙල කරන්න අවසර දෙන්නේ නෑ. බොහෝ විශ්වවිද්‍යාල වල කලා කටයුතු, සංවාද වලට ඉඩ ලබාදෙන්නේ නෑ. ශිෂ්‍යයන්ට එකතුවෙලා මොනවත් දෙයක් ගැන කතා කරන්න ඉඩ දෙන්නේ නෑ. ශිෂ්‍යයන්ගේ එකතුවීමේ නිදහස පවා සීමා කරල තියෙන්නේ. මෙහෙම තත්වයක් තුළ විශ්විද්‍යාල වධකාගාර බවට පත් කරලා, නැවත ආණ්ඩුවම හිතනවා නම් විශ්වවිද්‍යාල ඇතුළෙ මහින්ද රාජපක්ෂ මහත්තයගේ කටවුට් ගහගෙන මේවා කරන්න පුඵවන් කියලා අපිට තේරෙන්නේ නෑ ඒතරමට වත් ඔවුන්ට අවබෝධයක් නැද්ද කියලා. ශිෂ්‍යයෝ ඒ හින්ද තමයි විරුද්ධ වෙන්නේ. 
පසුගිය 28 වෙනිදා රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ උද්ඝෝෂණයක් පැවැත්වුවා මේකට විරුද්ධව. එදාම හවස අදාල විශයභාර ඇමතිවරයා මාධ්‍යයට කිව්වා ‘දැයට කිරුළ’ රුහුණු සරසවියේ පවත්වන්නේ නෑ, හැබැයි ඒ ශිෂ්‍යයන්ගේ විරෝධතා නිසා නෙමෙයි මාර්ග තදබදය නිසා කියලා. 
හැබැයි ඊට දින කිහිපයකට කලින් SB දිසානායක ඇමතිවරයා මාධ්‍ය වලට කිව්වා. ‘‘දැයට කිරුළ රුහුණූ සරසවියේ පවත්වන්න ඉඩ නොදුන්න හොත් ශිෂ්‍යයන්ට විතරක් නෙමෙයි ශිෂ්‍යයන්ගේ දෙමව්පියන්ටත් හැංගෙන්න තැන් හොයාගන්න වෙයි’’ කියල. දැන් මේ අපි දකින්නෙ ඒක තමයි. ආණ්ඩුවේ ප‍්‍රාදේශීය දේශපාලඥයෝ මැදිහත් වෙලා, මැරයෝ විශ්වවිද්‍යාලයට පැනලා ශිෂ්‍යයන්ට ගහනවා. මේ ගමේ මිනිස්සු කියලා ඊට පස්සේ කියන්න උත්සහ කරනවා. අපි දන්නවා අපේ ගම්වල අම්මල, තාත්තලට, අක්කල, අයියලට තියෙන්නේ මේ ජනතා මුදල් නාස්ති කරන සංදර්ශණ ගම්වල තියාගන්න උවමනාවක් නෙමෙයි. ඔවුන්ට තියෙන ප‍්‍රශ්න තමයි. තුන්වේල කන්නේ කොහොමද? දරුවන්ට උගන්නන්නේ කොහොමද? වගේ ප‍්‍රශ්න. ඒ නිසා මේ විරෝධතා කරන්නේ, ගමේ මිනිස්සු නෙමෙයි. ආණ්ඩුවේ මැරයොයි, ආණ්ඩුවේ දේශපාලඥයොයි, ඔවුන්ගේ ගෝලයොයි, පොලිසිය හා විශ්වවිද්‍යාල පරිපාලනයත් මේකට මැදිහත්වුණා. ඔවුන් මැදිහත් වෙලා තමයි ගම අවුස්සල තියෙන්නේ. අඩුම තරමේ මාතර පොලිසියෙන් පැමිණිල්ලක් ලියාගන්නේ නෑ. උපකුලපතිවරයාට කිව්වම ශිෂ්‍යයන්ට බැනල එළවගන්නවා. මේ හැමෝගෙම අනුදැනුම ඇතුව තමයි පහුගිය ජුනි 2දා විශ්වවිද්‍යාලය ඇතුළට කඩා පැනලා ශිෂ්‍යයන්ට පහර දෙන්නේ. 
ආණ්ඩුව ඉස්සර දොරෙන් ඇවිත් ආයුබෝවන් කියලා. පිටිපස්සේ දොරෙන් බල්ලො ලිහලා දානව කන්න කියලා. ආණ්ඩුවේ මෙවැනි හැසිරීම් අපි බොහොමයක් දැකල තියෙනවා. ඒ නිසා අපි කියන්නේ වහාම මේ ප‍්‍රශ්නයට විධිමත් ලෙස පිළිතුරු දෙන්න. විශ්වවිද්‍යාලය වහා විවෘත කරන්න කියලා.




අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>