‘දැයට කිරුළ’ ට විරුද්ධ වීම නිසා රුහුණ සරසවි සිසුන්ට ආණ්ඩුවේ මැරයන් එල්ල කරන ප‍්‍රහාර පිළිකුලෙන් හෙළා දකිමු.


2015 දැයට කිරුළ ප‍්‍රදාර්ශනය පැවැත්වීමට රුහුණ සරසවි භූමිය යොදා ගන්නා බවට ආණ්ඩුව විසින් ප‍්‍රකාශයට පත් කරන ලද්දේ මීට මාසයකට පමණ පෙරය. එය ප‍්‍රකාශයට පත් කරන ලද මොහොතේ සිටම රුහුණ සරසවියේ සිසුන් පමණක් නොව ආචාර්යවරුන්ද මේ සඳහා සිය විරෝධය පළ කරන ලද්දේ හේතු කිහිපයක් මුල් කරගෙනය. මෙහිදී මූලිකම හේතුව වූයේ මේ හරහා විශ්වවිද්‍යාලයේ ස්වාධීනත්වයට ඇති වන බලපෑමයි. විශේෂයෙන්ම මෙකී දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී ප‍්‍රධාන වශයෙන්ම යොදා ගන්නා මිලිටරි මැදිහත්වීමටය. පසුගිය කාලය පුරාම රුහුණ සරසවියේ සිසුන්ට විශේෂයෙන් සිසු නායකයන්ට ආණ්ඩුවේ අධ්‍යාපන කප්පාදුවට එරෙහිව පළ කරන විරෝධයයි. මේ යටතේ පසුගිය කාලයේ සුසන්ත බණ්ඩාර, සිසිත පි‍්‍රියංකර යන සිසුන්ගේ ජීවිතද අහිමි විය. ඒ පමණක් නොව සිසුන් පමණක් විවිධ අවස්ථාවලදී ආණ්ඩුව විසින් සරසවිය තුළ ඇති කළ ගැටුම් නිසා සිසුන් නොයෙක් අවස්ථාවලදි බන්ධනාගතකිරීම් නඩුපැවරීම්ද බහුල විය. මේ සෑම විටම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින්ද මෙකී මැදිහත්වීම් වලට ආණ්ඩුව වෙත සිය විරෝධය පළ විය. එපමණක් නොව විශ්වවිද්‍යාලට රක්නා ලංකා ආරක්ෂක අංශය මැදිහත්වීමේදීද, එලෙම විශ්විද්‍යාලයේ සුද්ධ පවිත‍්‍ර කිරීමේ මුවාවෙන් හමුදා මැදිහත්වීම් වලට ගත් උත්සාහයන් හිදීද සිසුන් හා ආචාර්යවරු සිය දැඩි විරෝධය පාලකයන්ට දැක්වීය. 

දැයට කිරුළ ප‍්‍රදර්ශනයට විරුද්ධ වීමේ අනෙක් හේතුව නම් පසුගිය දැයට කිරුළ වයඹ විශ්වවිද්‍යාලය මැදිහත් කරගැනීම නිසා එම විශ්වවිද්‍යාලය මාස ගනනක් වසා දමා සිසු අධ්‍යාපනයට ඇතිවූ බලපෑමයි. එපමණක් නොව රුහුණ සරසවියේ අති සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පයන්ට හා ස්වභාවික පරිසරයට මෙවැනි ප‍්‍රදර්ශනයක් ම`ගින් වන හානියයි. 
මේවා පිළිබඳ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් ලෙස සිසුන් පරිපාලනට ලිපි ම`ගින් කරුණු පැහැදිළි කර අතර එපමණක් නොව පරිපාලනය සම`ග පැවති සාකච්ඡුාවලදීද සිය විරෝධය කරුණු සහිතව සිසුන් පළ කරන ලද්දේ සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් භාවිතා කරමිනි. මෙසේ පැවති දැඩි විරෝධතා නිසා ආණ්ඩුව මෙහිදී පත්වු තත්ත්වය ප‍්‍රකාශවූයේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතා කළ ප‍්‍රකාශයන්ගෙනි. ඔහු කියා සිටියේ මෙයට විරුද්ධ වුවහොත් සිසුන්ට පමණක් නොව දෙමාපියන්ටද හැංගෙන්න තැන් සොයගත යුතුයි යන තර්ජනාත්මක ස්වරයෙනි. කෙසේ නමුත් අවසන මෙකී ප‍්‍රදර්ශනය සරසවි භූමියෙන් පාලකයන් විසින් ඉවත් කර ගන්නා ලදී.
නමුත් ඊට පසුවදා සිටම මෙයට විරුද්ධ වූ සිසුන්ට හා ආචාර්යවරුන්ට මරණ තර්ජන එල්ල විය. මේ පිළිබඳ සිසුන් පරිපාලනය දැනුවත් කළද මෙහිදී පරිපාලනය ඔවන්ට බැන වැදී පන්නා ගන්නා ලදී. පොලීසියට කරන ලද පැමිණිළිද භාර නොගන්නා ලදී. මේ තත්ත්වය යටතේ අදාල මැරයන් මේ වන විට විශ්වවිද්‍යාලය තුළට පැණ සිසුන්ට පහරදෙන තත්ත්වයට පත්ව ඇත. ප‍්‍රාදේශීය දේශපාලඥයන් විසින් පසුගියදා සිසුන්ට විරුද්ධව පැවැත්වූ උද්ඝෝෂණ අවස්ථාවේදීද මෙවැනි ප‍්‍රචංඩ හැසිරීමක් දක්නට ලැබුන මුත් පරිපාලයනයවත් පොලීසියවත් සිසු ජීවිත පිළිබඳ තඹ සතේකට මායිම් කළේ නැත. මේ නිසා සිසුන්ට මැර ප‍්‍රහාරයන් වලට ලක්ව රෝහල් ගතවීමට පවා මේ වන විට සිදුවී ඇත. මෙකී තත්ත්වයට විරෝධය පළ කිරීමටත් සිය ආරක්ෂාව වෙනුවෙනුත් සිසුන් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලේ නතරව සිටී. මේලෙස ආණ්ඩුව විසින් සිසු ජීවිත නැවත නැවතත් පීඩාවට පත්කරමින් සිය බලහත්කාරී බලයන් යොදා ගනිමින් කරගෙන යන පහත් ක‍්‍රියාකලාපය අප දැඩි ලෙස හෙළා දකින අතර මේහිදී සිසුන්ගේ මූලික මිනිස් අයිතීන්ට සිදු වන බලපෑම පිළිබඳවත් මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවීම නිසා නිදහස් අධ්‍යාපනය සිසුන්ට එපා කිරීමේ කුමන්ත‍්‍රණයක් දියත් වන බවත් ඒ හරහා ආණ්ඩුව තම අධ්‍යාපනය විකිණීමේ වැඩපිළිවෙල දියත් කිරීමට ගන්න උත්සහය නින්දා සහගත බවත් මේ සම`ග ප‍්‍රකාශ කරන අතර මෙයට විරුද්ධව ජනතාව ඇති තතු සැබෑ ලෙස අවබෝධයෙන් මැදිහත් වන ලෙසද අප ඉල්ලා සිටිමු.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>