අලුත්ම සිද්ධිය තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලක සභාවේ ධුරයකට පත් වීම-නජිත් ඉන්දික

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලක සභාවේ තනතුරකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමොසමේ සභාපති තුමිය පත් වීමට විරුද්ධව ඉදිරියෙදී ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා පැවසීය. ඔහු මෙම අදහස් පල කලේ මරදාන CSR ශාලාවේදී අද පවතී මාධ්‍ය හමුවකදීය.

අද දවසේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට මේ මාධ්‍ය සාකච්ඡාව කැදෙව්වේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව සමාජයේ නැවතත් කතිකාවක් ඇති වී තිබෙන අතර  ඊට අදාළ කරුණු කාරණා සම්බන්ධයෙන් සමාජයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ අදහස ලබා දීම සඳහායි.

පසුගිය දින කිහිපයේ මතු වූ ප්‍රවෘත්ති සාකච්ඡා ඇරුණම, අපි ආරම්භයට ගියොත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 2009 තමයි ආරම්භ වෙන්නේ. අපි දන්නවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අදාලව ලංකාව තුල තියෙන්නේ ඉතාමත් අපකීර්තිමත් ඉතිහාසයක්. ඒක සරල නෑ. රට ඇතුලේ දැවැන්ත විරෝධතා ඇති වෙලා ආණ්ඩුව වක්‍රාකාරව උදව් කරමින් තමයි මේක ආරම්භ කලේ.

ආරම්භයේදී පුවත්පත් දැන්වීම් පල කලා මේ වෛද්‍ය විද්‍යාල සම්බන්ධව. නමුත් ඒවායේ සඳහන් කාරනා සම්පුර්න අසත්‍ය ඒවා. ඒ දැන්වීම් වල සඳහන් එක්ක කාරණයක් තමයි මේ වෛද්‍ය විද්‍යාලයෙන් ලබා දෙන්නේ රුසියාවේ වෛද්‍ය ඇකඩමියක් සමඟ සම්බන්ධ වෙලා එහි ශාඛාවක් විදයට කියලා, අනෙක් කාරණය තමයි මේක ලංකාවේ වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබුණු වෛද්‍ය විද්‍යාලයක් කියන කාරණය. මේ කාරණා ඉදිරියට දාගෙන තමයි මේ විශ්වවිද්‍යාලය ක්‍රියාත්මක කලේ. නොබෝ දිනකින් තහවුරු වුනා ඒ දෙකම බොරුවක්, වංචාවක් කියලා. 

රුසියාවේ අදාළ ආයතනය හා තානාපතිවරයා ලිපි මඟින් දැනුම් දුන්නා ඔවුන්ගේ අනුබද්ධ ශාඛාවක් නොමැති බව. වෛද්‍ය සභාවත් කිව්වා එහෙම අනුමැතියක් දීලා නෑ කියලා. මේ විදියට ප්‍රසිද්ධියේ ජනතාව මුලාවට පත් කරමින් තමා මේක කරගෙන ගියේ. ඒ වෙලාවේ ප්‍රශ්නයක් අවා කොහොමද එහෙම කරන්න බලයක්, හයියක් තියෙන්නේ කියලා. බලලා මල්ලෙන් එලියට පාන්නට පස්සේ, ඒ ව්‍යාපෘතිය අසාර්ථක වුනාට පස්සේ 2011 අගෝස්තු 29 වනදා SB ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් ගැසට් පත්‍රයක් ගෙනත් ලංකාව ඇතුලේ MBBS උපාධි දෙන ආයතනයක් විදියට නම් කළා. රජයෙන් ණය දෙන ක්‍රමයකුත් එක්කයි මේක ගෙනාවේ. ඊළගට වෛද්‍ය පීඨයක් වෙන්න කාරනා ගොඩාක් සම්පුර්ණ වෙන්න ඕන. දේශන පුහුණුව වගේන සායනික පුහුණුවත් ඕන. ආරම්භයේදී බොරු කියලා පටන් ගත්ත මේ ආයතනයට රජයේ රෝහල් ලබා ගන්න උත්සහා කලා, නමුත් විරෝධතා හමුවේ එක හකුලා ගන්න සිද්ධ වුණා. ඊට පස්සේ පෞද්ගලික රෝහල වල සායනික පුහුණුව දෙන්න උත්සාහ කළා. නවලෝක රෝහලට දින කිහිපයක් ශිෂ්‍යයෝ යවන්නත් කටයුතු කළා. එකටත් විරෝධතා ආවම එකත් හකුලා ගත්තා. මෙහෙම හකුලා ගත්තට ආණ්ඩුව පැත්තෙන් වැඩේ අතෑරියේ නෑ. SB අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් 2013 නොවැම්බර් මාසේ තවත් ගැසට් පත්‍රයක් ගෙනාවා පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමට අදාල කරුණු සහිතව. මේ ගැසට් එකේ මුලිකව මේ ආයතනය ඉලක්ක කරලා තිබුණා. පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කරන්න මේ ගැසට් එක යටතේ කමිටුවක් පත් කරනවා මේකේ සභාපති වෙන්නේ SB ගේ පුතා. එහෙමත් කරන්න හැදුවා එත් බැරි වුනා.

ඊට පස්සේ 2014/01/31 තවත් ගැසට් පත්‍රයක් නිකුත් කළා.

වෛද්‍ය විද්‍යාලයක් නම් වෛද්‍යවරයෙක් බිහි කරනවානම් ලංකාවේ නීතියක් තිබුනා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය තිබිය යුතුයි කියලා. 2014 ගැසට් එකේ තිබිය යුතුයි කියන shall කියන වචනේ වෙනුවට තිබුනොත් හොඳයි කියන අදහසින් may කියලා වෙනස් කලා. මේ විදියට ගැසට් පත්‍ර තුන හතරක් නිකුත් කරලත් වැඩේ කරගන්න බැරි වුණා. 

ඊට පස්සේ ශික්ෂණ රෝහලක් කියලා මාලඹේ රෝහලක් හැදුවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් කියනවා ලංකාවේ කිසිඳු පෞද්ගලික ශික්ෂණ රෝහලක් නෑ කියලා. අමාත්‍යවරයා 2012 පාර්ලිමේන්තුවේදී කියනවා මාලඹේ ශික්ෂණ රෝහලක් නෑ කියලා. නමුත් දැනටත් පුවත්පත්, රූපවාහිනීයේ ප්‍රචාරය කෙරෙනවා ශික්ෂණ රෝහලක් විදියට. 

ගමේ කෙසෙල් කම් හොරෙන් කපන, පාන් ගෙඩියක් හොරකම් කරන, පොකට් ගහන මනුස්සයාට බේරෙන්න බෑ නමුත් ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා නීති උල්ලංඝනය කරමින් ලක්ෂ ගණන් අය කරලා මේකට ශිෂ්‍යයෝ බඳවා ගන්නවා. සාමාන්‍යයෙන් එහෙම කරන්න බෑ.එහෙනම් කොහොමද එහෙම කරන්නේ? මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් තමයි එහෙම වෙන්නේ. පසුගිය අවුරුද්දේ මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් අරලියගහ මන්දිරයට සිසුන් 9 දෙනෙකු කැඳවලා මාලබේට ශිෂ්‍යත්ව දීලා තියෙනවා. 

ප්‍රශ්නය තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මොකද වෙලා තියෙන්න කියන කාරණය. දවසින් දවස ප්‍රතිපාදන කප්පාදු කරලා, විශ්වවිද්‍යාල තුලත් උපාධි විකුනන්න පටන් අරන්, ගුරුවරු නෑ, පාඨමාලා කප්පාදු කරනවා. එහෙම තත්ත්වයක් තුල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කියන ආයතනයට පුදුද්ම අනුග්‍රහයක් දෙන්නේ. 

අලුත්ම සිද්ධිය තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලක සභාවේ ධුරයකට පත් වීම. මේක ඓතිහාසික සිද්ධියක්. ව්‍යාජයක් පෙන්නේ තිබියදී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල වල වගකිවයුතු ආයතනය වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රධානියා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලක සභාව නියෝජනය කරනවා. මේ වන තෙක් කිසිඳු රජයේ විශ්වවිද්‍යාලයක පාලක සභාවක් එතුමිය නියෝජනය කරලා නෑ. හැබැයි තකහනියේ ගිහිල්ලා මාලඹේ එකේ වාදී වෙනවා. මොකක්ද මෙහෙමම කරන්න හේතුව ? දැක්ම? 

මාලඹේ වෛද්‍ය විද්‍යාලය තවදුරටත් අධ්‍යාපනයේ හෝ සෞඛ්‍යයේ යහපතට ගෙනියන එකක් නෙවෙයි. හොඳම උදාහරණය තමයි පසුගිය සති දෙකකට කලින් ශිෂයෙක් මිය යාම. වෛද්‍ය විද්‍යාලයක් රෝගියෙක් පරික්ෂා කරනවානම රෝගියාගේ අවසරය ඇතිව සුදුසු තත්ත්වයක ඉන්නවනම් තමයි පරීක්ෂා කරන්නේ, නමුත් මේක එහෙම කරලා නෑ. ඩෙංගු හැදිලා අසාධ්‍ය වෙච්ච සිසුවා දැඩි සත්කාරේ ඉද්දි දෙමාපියන් අකමැති වෙද්දී බලහතකාරයෙන් තමයි පරීක්ෂා කරන්නේ. රජයේ රෝහලකට ඇතලත් කරන්න යද්දී දෙන්නේ නෑ. අවසානයේ මිය ගියාට පස්සේ හාර ලක්ෂ හැත්තෑ එක්ක දහසක බිල ගෙවන කම් මල සිරුර දෙන්නේ නෑ බිලෙන් එක ලක්ෂ විසිනව දාහක් තියෙන්නේ රුධිරය ලබා දීමට . ලංකාවේ නීතියට අනුව ශරීර කොටස්. අවයව,පටක ඒ කිසිඳු දෙයක් විකුනන්න බෑ. මෙයාලා විකුණනවා. මේ වගේ මිනීමරු ජාවාරම් කරන තැනක පාලක සභාවේ, ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරිය වාඩි වෙනවා. 

ප්‍රශ්න නිසා ශිෂ්‍යයෝ දවස් 150 ගානක් පාරේ ඉන්නවා, පාඨමාලා කපලා,ප්‍රතිපාදන කපලා ආචාර්යවරුනටත් අරගල කරන්න වෙන තැනකට ඇදලා දාලා තියනව. මේවට මැදිහත් නොවී උපාධි කඩේට මැදිහත් වෙනවා. අපිට තේරෙන්නේ නෑ මේක පිටුපස තියෙන මුදල් ගනුදෙනුව, ජාවාරම මොකක්ද කියලා. 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විදියට මාලඹේ උපධි කඩයට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරියගේ ක්‍රියාකලාපයට එරෙහිව අරගලයක් දියත් කරනවා. මේ ජාවාරම නවත්තන්න, ජනතාවගේ ජිවිත බිලිගන්නා එක නවත්තන්න අපි කටයුතු කරනවා.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>