සම සෞඛ්‍ය සත්‍යග්‍රහයට අධිකරණ නියෝගයක්

සම සෞඛ්‍ය උපාධිය කප්පාදු නොකරන ලෙස ඉල්ලමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ගලහ හන්දියේ ආරම්භ කර ඇති සත්‍යග්‍රහය පවත්වාගෙන යන අට්ටාලය ගලවා ඉවත් කරන්නැයි අධිකරණය නියෝග කර තිබේ.

දින 41 ක් තිස්සේ සිසුහු තම උපාධියේ වටිනාකම බාල්දු නොකරන ලෙස ඉල්ලමින් මෙම සත්‍යග්‍රහය පවත්වාගෙන ගිය නමුත් කිසිදු බලධාරියකු ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීය.

එම සත්‍යග්‍රහය නිසා ජනතාව පීඩාවට පත් වන්නේ යැයි පවසමින් පොලිසිය විසින් කරනලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝගය කර තිබේ.

මෑත කාලයේ උද්ඝෝෂණවලට විරුද්ධව ආණ්ඩුව අධිකරණ නියෝග ලබා ගැනීම සම්බන්ධයෙන් රට තුළ සංවාදයක් නිර්මාණය වී තිබේ. බොහෝ දෙනා පවසන්නේ උද්ඝෝෂණ පැවැත්වීම මූලික අයිතිවාසිකමක් බැවින් ඊට එරෙහිව කටයුතු කිරීම ගැටලු සහගත බවයි

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>