රජරට සිසු අරගලයට ජන බලවේග එක් වෙයි...

අසාධාරණ ලෙස විශ්වවිද්‍යාල පරිපාලනය මඟින් ලබාදී ඇති පන්ති තහනම් 27 ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයීය සිසුන් ආරම්භ කර අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට(28) දින 50 ක් සපිරේ. නමුත් මේ වන තෙක් අදාළ ගැටළු විසඳා විශ්වවිද්‍යාලය තුල උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය අවසන් කිරීමට කිසිඳු උත්සහයක් ගෙන නොමැත. 

මෙම පන්ති තහනම් ලබා දීමට මුලික කාරණය නම් අධ්‍යාපනය විකිණීමට විරුද්ධ වීමයි. ඒ අනුව මෙය විශ්වවිද්‍යාල ශිෂ්‍යාට පමණක් බලපාන කාරණක් නොව සමස්ත සමාජයටම බලපාන කාරණයකි. 


එම නිසා සමාජයේ සටන් කරන බලවේග ඒකරාශී කිරීමට මහා ශිෂ්‍ය සංගමය කටයුතු කල අතර, ආගමික නායකයින්,වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමඟ කල සාකච්ඡාවකින් අනතුරුව කිසිඳු කොන්දේසියකින් තොරව සහය දැක්වීමට එකඟ විය. එහි පළමු පියවර වශයෙන් අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 50 ක් ගෙවෙන අද දිනයේදී ආගමික නායකයින්,වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සත්‍යග්‍රහය සඳහා සහභාගී විය. ඒ සඳහා

ලංකා ගුරු සංගමය, අපි පුරවැසියෝ, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවක සංගමය, ආසනික් විරෝධී ජාතික ගොවි ව්‍යාපෘතිය, සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති බලමණ්ඩලය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, අනුරාධපුර මහ රෝහල සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් පිරිසක් සහභාගී විය.



අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>