අ.වි.ශි.බ.ම. කැදවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයාට එරෙහි මහේස්ත්‍රාත් අධිකරනයේ නඩුව අත්හිටුවයි

B 1219/2012 දරණ අංකය යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරනයේ අ.වි.ශි.බ.ම. කැදවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයාට එරෙහිව පනවා ඇති ඇතැම් ඇප කොන්දේසි මඟින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට කොළඹ අංක 4 මහා අධිකරනයේ ගොනු කර තිබූ පෙත්සම සලකා බලමින් මහ අධිකරන විනිසුරු ලලිත් ජයසූරිය මහතා විසින් මෙම අත්හිටුවීමේ නියෝගය ලබා දෙන ලදී. 

2012 වර්ශයේ අගෝස්තු 29 දින ආචාර්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දැමීමට එරෙහිව හා අධ්‍යාපනය විකිනීමට එරෙහිව කොටුව දුම් රිය පොළ ඉදිරිපිට සිට ජනාධිපති මන්දිරය දක්වා යාමට විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කරන ලද පාගමනක් පදනම් කර ගෙන මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මුලින්ම පවරන ලදී. ඒ අනුව නීති විරෝධි උද්ඝෝශනයක් පවත්වා මහජන පීඩණයක් ඇතිවන අයුරින් කටයුතු කලේයැයි යන චෝදනාවත්, උද්ඝෝශනය අතරතුර වතුර බවුසරයකට අලාභහානි කලේ යැයි යන චෝදනාවත් ඔහුට එරෙහිව එල්ල කෙරුනි. මෙම චොදනා යටතේ 2012/09/19 දින ඔහු අත් අඩංගුවට ගන්නා ලද අතර 25 දින ඇප කොන්දේසි ගනනාවක් මත නිදහස් කරන ලදී.

එහිදී පනවන ලද ප්‍රධාන ඇප කොන්දේසිය වනුයේ නිතී විරෝධී උද්ඝෝශන වලට සහභාගි නොවීමත් සහා මහජන පීඩාවක් ඇති වන අයුරින් කටයුතු නොකිරීමත්ය. පසුව 2013/6/26 වන දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට නුගේගොඩ නඟරය දක්වා පා ගමනක් සංවිධානය කිරීම හෙතුවෙන් ඉහත ඇප කොන්දේසි කඩකලායැයි කියන චෝදනාව මත 2013/07/08 වන දින සංජීව බණ්ඩාර සහෝදරයා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. ඉන් අනතුරුව දින 18ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඔහු නිදහස් කරන ලදී. එහිදීද තවත් ඇප කොන්දේසි ගනනාවක් සමඟ උද්ඝෝශන වලට සම්බන්ධ වීම වැලැක්වීම සදහාද, ඇප කොන්දේසි පනවන් ලදී. ඒ අනුව මෙම තීන්දුව හරහා ඔහුගේ දේශපාලන නිදහස මුලුමනින්ම අහුරා දමනු ලැබින.

ඉන් අනතුරුව මෙම ඇපකොන්දේසි හේතුවෙන් ඔහුගේ මුලික අයිතිවසිකම් කඩවීම සම්බන්ධව පෙත්සමක් මහා අධිකරනයට ඉදිරිපත් කලේය. ඒ අතරතුර 2013/11/8 වන දින කොළඹ කොටුව දුම් රියපොළ ඉදිරිපිට පැවැත් වු උද්ඝෝෂනය ව්‍යාපාරයක් සම්බන්ධයෙන්ද ඇප කොන්දේසි කඩකලේය යන චෝදනාව මත 2014 ජනවාරි 8 වන දින උසාවියේ පෙනී සිටීමට දැනුම් දෙමින් සිතාසි නිකුත් කරන ලදී. එදිනට මහා අධිකරනයේ පෙත්සමක් සලකා බැලීමට තිබු අතර මහේස්ත්‍රාත් අධිකරනයට සම්බන්ධ නොවන බව දැනුම් දෙමින් සංජීව බණ්ඩාර සහෝදරයා මහා අධිකරනයේ සිය පෙත්සම වෙනුවෙන් පෙනී සිටි අතර එහිදී ඔහු විසින් ඉල්ලා සිටින ලද්දේ මෙම ඇප කොන්දේසි ඉවත් කරන ලෙස හා මහා අධිකරණයේ පෙත්සම විභාග වී අවසන් වන තුරු මහේස්ත්‍රාත් අධිකරනයේ නඩුව අත්හිටුවන ලෙස නියෝග කරන ලෙසයි. 20,21,23 යන දිනයන්හිදී මෙම පෙත්සම සලකා බලන ලද අතර ඔහු වෙනුවෙන් පෙනි සිටි නීතීඥ මහත්වරුන්ගේ ඉල්ලීම මත මෙම පෙත්සම විභාග කර අවසන් කරන තුරු මහේස්ත්‍රාත් අධිකරනයේ නඩුව අත්හිටුවීමත් නැවත විභාගය සඳහා පෙබරවාරි 05 දින නියම කිරීමත් මහා අධිකරනය කටයුතු කරන ලදී.

මෙම පෙත්සම වෙනුවෙන් නීතීඥ උපුල් කවරක්පෙරුම මහතා ඇතුළු නීතීඥ වරුන් පිරිසක් පෙනී සිටියහ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>