නිදහස් සෞඛ්‍ය සේවයක් දිනාගැනීමට හා සමසෞඛ්‍ය විද්‍යා උපාධිය රැකගැනීමට අඛණ්ඩව සටන් කරනවා -සංජීව බණ්ඩාර

නිදහස් සෞඛ්‍ය සේවයක් දිනාගනිමු! සමසෞඛ්‍ය විද්‍යා උපාධිය රැකගැනීමට පෙළගැසෙමු! යන සටන් පාඨය මුල් කරගනිමින් 2014/1/22 දින කොළඹ නව නඟර ශාලවේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් සම්මන්ත්‍රනයක් පැවැත් විය.

මෙහිදි අදහස් දක්වමින්  අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා පැවසුවේ  නිදහස් සෞඛ්‍ය සේවයක් දිනාගනීමට හා සමසෞඛ්‍ය විද්‍යා උපාධිය රැකගැනීමට කුමන බදා කිරීම පැමිනියත් කුමන අභියෝග පැමිනියත් මෙම අරගලය අත් නොහරින බවත්  ශිෂ්‍ය ව්‍යාපාරය විසින් පටන් ගත් මෙම සටන ජයග්‍රාහානයෙන් මිස කෙලවර නොවන බවත්ය.

මෙහිදී අදහස් දක්වමින් පැමින සිටි සියළු වෘතීය සමිති නායකයින් කියා සිටියේ මෙම සටනට තම වෘතීය සමිති කොන්දේසි විරහිතව සහය පල කරන බවත් අවශ්‍ය ඕනෑම මොහොතක මෙම අරගලය වෙනුවෙන් වෘතීය ක්‍රියාමර්ගවලට යෑමට ඔහුන් සුදානම් බයත්ය.   

මෙම සම්මන්ත්‍රනය සදහා පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර,සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් වෛද්‍ය ආර්.එම්.ඩබ්. රණසිංහ, සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ, රාජ්‍යසේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සමන් රත්නප්‍රිය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභපති අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචර්‍ය කාලෝ ෆොන්සේකා, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකරී කමිටුවේ කැදවුම්කරු නජිත් ඉන්දික, අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර යන මහාත්මයින් වෘතීය සමිති නියොජිතයින් හා ශිෂ්‍ය සංගම් නියොජිතයින් දෙමාපියන් හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්  සහභාගී විය. 


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>