නිදහස් සෞඛ්‍ය සේවයක් දිනා ගනිමු, සිව් අවුරුදු සමසෞඛ්‍ය උපාධිය රැකගැනීමට පෙළගැසෙමු

 සිව් අවුරුදු උපාධි පාඨමාලාවක් ලෙස  සමසෞඛ්‍ය උපාධි පාඨමාලා ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල 2005 වසරේදී ආරම්භ කරන ලදී. නමුත් එම උපාධි පාඨමාලාවන්හි අධ්‍යයන කාලසීමාව වසරකින් අඩු කිරීමට උසස් අධ්‍යාපන බලධාරීන් ගනු ලැබූ අසාධාරණ තීරණය නිසා සෑම පාඨමාලාවකම අත්‍යවශ්‍ය විෂය කොටස් රාශියක්  බහුතර සිසුන් ප්‍රමාණයකට අහිමි විය.  සායනික පුහුණුවෙන් වැඩි ප්‍රමාණයක් සහ පර්යේෂණ අංශය මුළුමනින්ම පාහේ අහිමි විය. මෙම හේතුන් මත උපාධියේ ගුණාත්මකභාවය බරපතළ ලෙස හෑල්ලුවට ලක්වීමක් සිදුවූ අතර උපාධියට තිබූ ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීම පවා අහිමි විය. එමෙන්ම මෙම තීරණය නිසා සමසෞඛ්‍ය උපාධිධාරීන්ගෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාගත හැකිව තිබූ උපරිම සේවාවද අහිමිව යනු ඇත.

මේ අසාධාරණයට එරෙහිව සියළු සමාජ බලවේග පෙළගැස්වීමේ අරමුණින්  "නිදහස් සෞඛ්‍ය සේවයක් දිනා ගනිමු සිව් අවුරුදු සමසෞඛ්‍ය උපාධිය රැකගැනීමට පෙළගැසෙමු  ” යන තේමාව යටතේ අධ්‍යාපනික,සෞඛ්‍ය ඇතුළු රටේ අනෙකුත් සියළු ක්ෂේත්‍රයන්හි ප්‍රධාන වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නායකයින්ගේ සහභාගිත්වයෙන් 2014/01/22 දින ප.ව. 3.00 ට කොළොඹ නව නගර ශාලාවේදී ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක්  අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>