ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහි රාජ්‍ය මර්දනය වාර්තාව එලි දැක්වේ


"ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහි රාජ්‍ය මර්දනය" නමින් වසර 4 ක සිදුවීම් වාර්තාව එලි දැක්වීම කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී ඊයේ (07) දින පැවැත්විණ. මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය හා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය එක්ව මෙම වාර්තාව එලි දැක්වීය. 2010 වසරේ සිට 2014 වසර දක්වා ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට අදාලව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෙරෙහි බල පැවැත්වූ රාජ්‍ය මර්දනය පිලිබඳ සවිස්තරාත්මක මෙහි ඇතුලත්ව ඇත. මෙම වසර 4 ඇතුලත අසාධාරණ හේතු දක්වමින් සිදු කෙරුණු ශිෂ්‍යභාවය අහෝසි කිරීම් , පන්ති තහනම් කිරීම්, නඩු පැවරීම්, සිරගත කිරීම්, පැහැර ගැනීම්, බිය වැද්දීම්, මරණීය තර්ජන කිරීම්, ඝාතන ඇතුළු එක් එක් විශ්වවිද්‍යාලයට අදාලව මර්දනය ක්‍රියාත්මක වූ ආකාරය මෙම වාර්තාවට ඇතුලත් කර ඇත.


මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු නීති හා මාධ්‍ය උපදේශක එච්. ඒ. සෙනවිරත්න මහතා විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතාද, කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්, ප්‍රක්සිස් සාමුහිකය වෙනුවෙන් විදර්ශන කන්නන්ගර, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය, නීතීඥ නාමල් රාජපක්ෂ යන මහත්වරු එක වුහ.


ඡායාරූප නැරබීමට


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>