සංජීව බණ්ඩාරට සිතාසි

2012 නඩුවක දී පනවන ලද ඇප කොන්දේසි කඩ කළේදැයි සොයා බැලීම සඳහා ලබන ජනවාරි අට වැනි දා කොළඹ කොටුව උසාවියේ පෙනී සිටින ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරට අද සිතාසි නිකුත් කර තිබේ. අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය පැවසුවේ, සාමය කඩ කැරෙන දේට හවුල් නොවිය යුතුය යන කොන්දේසිය මත ඇප ලබා සිටි ඔහු පසුගිය නොවැම්බර අට වැනි දා සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයකට සහභාගි වූ බවයි.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>