සිවු අවුරුදු උපාධිය ලබා දෙනතුරු සමසෞඛ්‍ය සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක

සෞඛ්‍ය සේවාවේ උන්නතිය උදෙසා ආරම්භ කරනලද සිව් අවුරුදු විශේෂවේදී සමසෞඛ්‍ය උපාධි පාඨමාලාවන්හි අධ්‍යන කාලසීමාව වසර තුනක් දක්වා කප්පාදු කිරීමට විරෝධය පළකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුහු අද(23) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබුවා. එහිදී සිසුන් විශාල පිරිසක් විරෝධතා පුවරුද අතැතිව කොඹ නුවර ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර කරමින් පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේද නියැලුනා.අදාල ගැටළුව විසදනවා වෙනුවට සෞඛ්‍ය අධ්‍යාපන බලධාරීන් දිගින් දිගටම නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීමට එරෙහිව උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ රුවට සමාන අයුරින් නිර්මාණය කරනලද පඹයෙකුද පුළුස්සා සිසුහු සිය විරෝධය පළකළහ. ඔවුන් උසස් අධ්‍යාපන බලධාරීන්ට බලකර සිටියේ තම අනාගතයත්, සෞඛ්‍ය සේවාවේ හෙට දිනයත්  බරපතළ ලෙස අනතුරේ හෙළන මෙමෙ අදුරදර්ශී අසාධාරණ තීරණය වහාම හකුලාගනිමින් සියලු සිසුන්ට නැවතත් පෙර තිබු ආකාරයටම සිව් අවුරුදු උපාධිය ස්ථාපිත කරන ලෙසයි.


මෙහිදී අදහස් දක්වූ සමසෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති රාජිත ප්‍රසාද් සිසුවා කියාසිටියේ තම ඉල්ලීම් වලට පිළිගතහැකි මට්ටමේ සාධාරණ විසදීමක් බලධාරීන් විසින් ලබාදෙනතුරු මෙ සත්‍යග්‍රහය නතර නොකරන බවයි. තවද මෙම සත්‍යග්‍රහය වෙනුවෙන් සිසුන් විසින් විශ්වවිද්‍යාලය තුල සිදුකරනලද සැරසිළි කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේදී විනාශකර දමා තිබුණි. ඒ පිලිබදව අදහස් දක්වමින් ඔහු පැවසූයේ කවර බාධක හමුවේ වුවද සැමට සිව් අවුරුදු උපාධිය ලබාගන්න තුරු තම අරගලය නොනවත්වන බවත් ඉදිරියේදී සියළු සෞඛ්‍ය වෘත්තීය සමිති සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සකලවිධ බලවේග ඒකරාශී කරගනිමින් ඒ සදහා දැවැන්ත ක්‍රියාමාර්ග වලට එළබෙන බවත්ය.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>