ඇමති SB සහ උපකුලපතිවරු සරසවි වසා බීමතින් ජෝගී නැටීමට එරෙහි වීම නිසා පේරාදෙනිය ශිෂ්‍ය සංගම් තහනම් කරීමට යයි

 
  2013 නොවැම්බර් 9වන දින සිට දිවයිනේ සියලූ විශ්වවිද්‍යාල, සිසුන්ගේ හා ආචාර්යවරුන්ගේ විරෝධතා මධ්‍යයේ බලහත්කාරයෙන් වසාදැමීමට ආණ්ඩුව කටයුතු කරන ලද අතර ඒ සඳහා හේතුවූයේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව අතරතුර ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාකාරීත්වයට හා අධ්‍යාපනය විකිණීමට එරෙහිව ශිෂ්‍ය උද්ඝෝෂණ ඇතිවීම වැලැක්වීමයි. එසේම උද්ඝෝෂණ ඇතිවුවහොත් ආණ්ඩුව ජාත්‍යන්තරයට මවාපාන්නට හදන ව්‍යාජ ප‍්‍රතිරූපය බිඳවැටේයැයි වන බියද ලෝකයෙන් සඟවන්නට හඳන රටේ සැබෑ යථාර්තය හෙළිදරව්වේය යන බියද මෙම කාලය තුළ චාල්ස් කුමාරයාගේ අතින් විවෘතකර ආරම්භ කිරීමට නියමිත අධ්‍යාපනය විකුණන වෙළද කලාප ව්‍යාපෘතිය ශිෂ්‍ය විරෝධතා නිසා අසාර්ථකවේයැයි වන බියද වේ. 

මෙසේ විශ්වවිද්‍යාල වසාදැමීමෙන් අනතුරුව සිය මෙහෙයුම අවසන් කළ ඇමතිවරයා සහ උපකුලපතිවරු ඊයේ රාත‍්‍රියේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයට එක්ව උපකුලපති නිළ නිවසේදී ප‍්‍රීතිය සැමරීම වෙනුවෙන් සාදයක් පවත්වා ඇත. විශ්වවිද්‍යාලය පුරා ආරක්ෂක නිළධාරීන් රදවමින්ද, ඔත්තුකරුවන් ලවා ඔත්තු බලමින්ද උපකුලපති නිවස දෙවනත්කරමින්, අසල නේවාසිකාගාරවල සිසුන්ට අධ්‍යයන කටයුතු කරගැනීමට නොහැකිවන සේ  කෑකෝගසමින්ද විශ්වවිද්‍යාලය තුළ මොවුහු විකාරසහගත ලෙස හැසිරී ඇති අතර මෙයින් පෙනී යන්නේ විශ්වවිද්‍යාල වසා දමා බලධාරීන් සිසුන් 80000කගේ පමණ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් සිය පහත් අසාවන් ඉටුකරගල්නා ආකාරයයි. පැය ගණනාවක් තිස්සේ පැවති මෙම කාලගෝට්ටිය නිසා ඒකරාසිවූ සිසුන් මොවුන්ට එරෙහිව විරෝධය ඵලකර ඇති අතර එහිදී ඇමතිවරයා සාදය අතරමැද නවතා පලාගොස් ඇත.
අධ්‍යාපන බලධාරීන් රටට සමාජයට වගකියන්නේ නම් මෙහිදී මෙසේ හැසිරීම පිළිබඳව සමාවගත යුතු වුවත් ඒ වෙනුවට මෙම නොමනා හැසිරිමට විරුද්ධවූ සිසුන්ට සමාවගැනීමට බලකිරීමට හා එසේ නොවන්නේ නම් අද දවල් 12වන විට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සියලූ ශිෂ්‍ය සංගම් තහනම් කරන බවට තර්ජනය කිරීමට තරම් පහත් මානසිකනත්වයකින් පෙළීම පිළිබඳවත්, මෙවැනි බලධාරීන් නිසා මේ රටේ අධ්‍යාපනයට අත්වන කණගාටුදායක ඉරණම පිළිබඳවත් අපි දැඩිසේ කම්පනයට පත්ව සිටිමු.
එසේම ඇමතිවරයාගේ හා උපකුලපතිවරුන්ගේ මෙම පහත් හැසිරීම දැ ඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනු ලබන අතර රටේ අනාගත සංවර්ධනයේ ජීවනාලිය බඳු උසස් අධ්‍යාපනය, භාරව සිටින බලධාරීන්ගේ සැබෑ තතු සමාජයක් ලෙස අවබෝධකරගත යුතු බවත්, වහාම මෙම තත්ත්වය වෙනස්කර විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා සිසුන්ගේ අනාගතය රැකගැනීම වෙනුවෙන් පෙළ ගැසෙන ලෙසත් ජනතාවට අවධාරණය කර සිටිමු.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>