සබරගමුව සරසවියේ කෘෂි පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සහෝදරයට එල්ල කල මැර ප්‍රහාරය තරහේ හෙළා දකිමු

sabaragamuwa
sabaragamuwa 
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුළ සිසුන්ගේ ජීවිත තව දුරටත් අනාරක්ෂිත බව තහවුරු කරමින් අද දින (2013.08.07) අලුයම 1.30 ට පමණ කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති නිස්සංක ජේ. මාපා සහෝදරයාට කිසියම් නාදුනන කණ්ඩායමක් විසින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මේ වන විට ඔහු අසධ්‍ය තත්වයෙන් බලංගොඩ මූලික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියි.

ශ්‍රී ලංකා සබරගමුව සරසවි ශිෂ්‍ය එකමුතුව ලෙස මෙම ම්ලේච්ච ප්‍රහාරය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් ලාංකීය දූ පුතුනට උරුම කර දීම වෙනුවෙන් හඩ නගන ශිෂ්‍යයින් සහ ශිෂ්‍ය නායකයින් ඉලක්ක කර ගනිමින් සිදු කරන්නා වූ සියලුම ආකාරයේ බලපැම් සහ පහරදීම් වහාම නවත්වා විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍යයන්ගේ ආරක්ශාව තහවුරු කර අධ්‍යාපනය හැදැරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙන මෙන් අදාල බළධාරීන්ට තරයේ අවධාරනය කර සිටිමු..!

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>