සංජීව බණ්ඩාර වෙනුවෙන් වාමාංශික පක්ෂ අරගල බිමට

නිදහස්  අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීම වෙනුවෙන් සටන් කල සංජීව බන්ඩාර සහෝදරයා සිරගත කිරීමට විරෝධය පල කරමින් අද දින වාමාංශික පක්ෂ එකමුතුවෙන් කොලඹ නිපෝන් හොටලයේදී මාධ්‍ය සාකච්චාවක් කැදවා තිබුනි.

මෙහිදී  මාවො වාදී ලංකා කොමිනිස්ට් පක්ෂය වෙනුවෙන් අදහස් දක්වමින් සුරෙන්ද්‍ර අජිත් මහත කියා සිටියේ ශිෂ්‍ය ව්‍යාපාරය  ඓතිහාසික කාර්‍ය බාරයක් ඉටු කරමින් දිගින් දිගටම සටන් කරන බවත් එය මෙවැනි පැසිස්ට් වාදී මර්දනයෙන් කෙලවර කල නොහැකි බවය.මෙම මොහොත වන විට ශිෂ්‍ය ව්‍යාපරට නායකත්වය දුන් සංජීව බණ්ඩාර සහෝදරයා අත් අඩංගුවට ගෙන ඔහුට ඇප කොන්දේසි දමා ඔහුගේ මුලික අයිතිවාසිකම් උල්ලංගනය කර තිබෙන බවත් තවද විශ්වවිද්‍යාල සිසුන් 600කගේ පමන ගෙවල් වලට CID එකෙන් මැදිහත් වී බලපැම් කර තිබෙන බවත් ශිෂ්‍ය සංගම් 16ක් තහනම් කර තිබෙන බවද ඔහු කියා සිටියේය.

නව සමසමාජ පක්ෂය වෙනුවෙන් ධර්මසිරි ලංකාපේලි මහතා අදහස් දක්වමින් කියා සිටියේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට ශිෂ්‍ය ව්‍යාපාරය ජීවිත පුජා කර සටන් කර තිබෙනවා. ඉතිහාසය පුරා ශිෂ්‍ය ව්‍යාපාරය දනගැස්සවිමට සෑම ධනපති ආණ්ඩුවක්ම උත්සහා කරත් එය කිරිමට තිබෙනවා.මෙම අවස්තාව වන විට රාජ්‍ය ආරක්ෂක අංශ යොදාගෙන  මර්ධනය කිරීම්ට උත්සා ගන්න අතර එයින් නොනැවතී අධිකරනයද යොදා ගනිමින් සිටින බය ඔහු කියා සිටී. ලොක බැංකු හා ජාත්යන්තර  මූල්‍ය අරමුදලේ උවමනාවට අනුව අධ්‍යාපනය විකිනීමේ ප්‍රතිපත්තියක ආණ්ඩුව සිටින අතර එය පරාජය කිරීමට සියළු සටන්කමී බලවෙගයන්ට එකතුවෙන ලෙස ඔහු කියා සිටියේය.

සමාජවාදී පක්ෂය වෙනුවෙන් අදහස් දක්වමින් පී.බී. සරනපාල මහතා කියා සිටියේ මෙරට බුද්ධිමතුන් වැඩිඩෙනෙක් බිහි වූයේ නිදහස් අධ්‍යාපනයෙන් බවත් මේ වන විට ආණ්ඩුව අධ්‍යාපනය විකිනීමේ උත්සහයක නිරත වෙමින්   විශ්වවිද්‍යාල තුලින් රොබෝවරු බිහිකිරීමට උතසහා ගන්න බවත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්  හඩනගන ශිෂ්‍ය ව්‍යාපරය මර්ධනය කිරීම ආණ්ඩුවේ එකම උවමනාව බවත් ආණ්ඩුවේ මෙම ක්‍රියාව පරාජය කරවීමට සියළු බලවේග එකතු වී සටන් කරයුතු බවත්ය. 


පෙරටුගාමී සමාජවදී පක්ෂ්ය නියෝජනය කරමින් පුබුදු  ජයගොඩ මහතා කියා සිටියේ මීට මාස කිහිපයකට කලින්, හිටපු අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය ගෙනා වෙලාවේ සංවාදයක් ආවා අධිකරණය ස්වාධීනද නැද්ද කියලා. සංජීව බණ්ඩාර සහෝදරයා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ඒක දැන ගන්න ලිට්මස් පරීක්ෂාවක්.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගාල්ලේ සිට පා ගමනක් එද්දී ශිෂ්‍යයින් නුවර සිට කොළඹට පා ගමනක් ආවා. ඒ පා ගමනේ දෙවැනි දිනයේදී  සංජීවට ඇප දුන්නා, උද්ඝෝෂනවලට සහභාගි වීම තහනම් කියලා. . ඒකට චෝදනාව වුණේ ඊට කලින් උද්ඝෝෂනයකදී පොලිස් රථයකට හානි කළා කියලා.  අත්අඩංගුවට ගෙන දවස් තුනකට පස්සේ සංජීව අධිකරණයේ සිට කෙළින්ම ආවේ මෙම පාගමනට‍. එතැනදී ඔහු කතාවකුත් කළා. පොලිසියට අවශ්‍ය නම් ඒ වෙලාවේ අත්අඩංගුවට ගන්න තිබුණා, ඇප කොන්දේසි කඩ කළා කියලා. නමුත් අත්අඩංගුවට ගත්තේ නැහැ.

ඉන් පසුව ගෙවුණු අවුරුදු එක හමාරක විතර කාලය තුළදී විශ්වවිද්‍යාලවල උද්ඝෝෂණ විශාල ගනනක් තිබුණා.ඒ හැම එකකටම සංජීව බණ්ඩාර සහෝදරයා සහභාගි වුණා. ඒ කිසිම අවස්ථාවකදී අත්අඩංගුවට ගත්තේ නැහැ.
නමුත් ජූලි තුන්වැනිදා පා ගමනක් සංවිධානය කළාට පස්සේ, ඊට ඇප කොන්දේසි කඩ කළා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ගියා. ඔවුන්ට අවශ්‍ය වුණේ පාගමන නතර කරන්න. ඊට පස්සේ 15වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ අතරේ මිරිහාන පොලිසියත් නඩුවක් දැම්මා පාගමනක් නිසා මහජන පීඩාවක් ඇති කළා කියාල. එහෙම නම් මහ ජනතාව උසාවි එන්න  ඕන. පොලිසියයි ආවේ.
15වැනිදා ඇප දෙද්දී නැවත  ඇප කොන්දේසියක් ලෙස විශ්වවිද්‍යාල තුළට සහභාගි වීම තහනම් කර තිබෙනවා. උද්ඝෝෂණය කිරීම තහනම් කර තිබෙනවා.
උද්ඝෝෂණය කිරීමේ අයිතිය මූලික අයිතියක්. දැන් කවුරු හරි අත්අඩංගුවට අර ගෙන ඇප කොන්දේසියක් දැම්මොත්, ආහාර ගැනීම, නිදා ගැනීම  තහනම් කියලා. එහෙම කොහොමද? මේක අත්හදා බැලීමක්. ආණ්ඩුව දැන් මේ අත්හදා බැලීමක් කරනවා, කම්කරු නායකයින් අත්අඩංගුවට ගෙන, උද්ඝෝෂණය කිරීම තහනම් කියලා ඇප කොන්දේසි දාන්න පුළුවන්ද කියලා.
මේක සාර්ථක වෙන්න ඉඩ දෙන්න එපා කියලා අපි සියලූම ජනතා බලවේගවලින් ඉල්ලා සිටිනවා. උද්ඝෝෂණය කිරීම, අරගල කිරීම අයිතියක්. ඒ අයිතිය ආරක්ෂා කර ගන්න සියලූ දෙනා එකතු වෙන්න.
ඊළඟ කරුණ මහජන පීඩාව. උද්ඝෝෂණ නිසා මහජනතාව පීඩාවට පත් වුණා කියලා පොලිසිය උසාවි යනවා. මේක හේතු ඵල සම්බන්ධය පටලවා ගැනීමක්. උද්ඝෝෂණ නිසා මහජනතාව පීඩාවට පත් වෙනවා නොවෙයි, මහජනතාව පීඩාවට පත් වෙලා ඉන්න නිසා ඔවුන් උද්ඝෝෂණ කරනවා. කවුද ඔය කියන මහජනතාව. කම්කරුවොත්, ගොවියොත්, ධීවරයොත්, ශිෂ්‍යයෝත් නොවන මහජනතාව කවුද? ආණ්ඩුව මේ මහජනතාව කියන්නේ මේ රටේ පීඩිත ජනතාවට නොවෙයි.
ඇමති කෙනෙක් යන කොට පාරවල් බ්ලොක් වෙනවා. ජනාධිපතිවරයා කොහේ හරි යන කොට කිලෝමීටර් හතක් අටක් පාර වහනවා. ඒක මහජන පීඩාවක් නොවේ ද?
අද ශිෂ්‍යයින් පීඩාවට ලක් කර තිබෙන්නේ. කෑම පැය අයිතියක්. නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ට කෑම පැය නෑ. කෑම කන්න  ඕන නම් ලෙක්චර්ස් කට් කරලා යන්න  ඕන. පසුගිය දවසකට මේ පීඩනය දරා ගන්න බැරිව ශිෂ්‍යාවක් දිවි නිසා ගත්තා. එදා උදේ අටේ සිට හවස පහ වන තුරු ඇයට දේශන තිබුණා. හවස පහට විභාගයකට මුහුණ දෙන්න තිබුණා. ඒ පීඩාව දරා ගන්න බැරිව දිවි නසා ගත්තා. තවත් සිසුවෙක් විභාගය අසමත් වුණා කියලා ලූණාව කලපුවට පැනලා දිවි නසා ගත්තා. තවත් ශිෂ්‍යයෙක්ගේ නිබන්ධනය දින දෙකක් ප‍්‍රමාද වීම නිසා බාර ගන්න බෑ කීවාම ආචාර්යවරියට පිහියෙන් ඇනලා දිවි නසා ගන්න වස පෙති වර්ගයක් බිව්වා.

ජනතාවගේ උද්ඝෝෂණය කිරීමේ අයිතියට මේ බලපෑම් කරන්නේ. මීට විරුද්ධව සියලූ බලවේග එක වේදිකාවකට ගේනන කළ හැකි මැදිහත්වීම අපි කරනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, සිහින පසුපස හඹා යනවා වෙනුවට අයිතීන් වෙනුවෙන් සටන් වදින්න. සිහින යථාර්ථයක් කර ගන්න පුළුවන් වෙන්නේ අයිතීන් දිනා ගත්තොත් විතරයි. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>