'මේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අප සිරගත කිරීම පුදුමයක්‌ නොවේ'





සංජිව බණ්‌ඩාරරිමාන්ඩ් මැදිරියේ සිට
එවූ විශේෂ ලිපිය


තුරුමැද පළාත් පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර වල අක්‍රමිකතා හේතුවෙන් හා නියමිත වෙලාවට ලබා නොදීම හේතුවෙන් සිසුහු විශාල අපහසුතාවකට පත්ව ඇතැයි මාධ්‍ය ම`ගින් වාර්තා කළේය. ඊට පෙර මධ්‍යම පළාතේ පාසල් වලට ප්‍රශ්න පත්‍ර සමග පිළිතුරුද ලබා දී ඇතැයි වාර්තා විය. වාර විභාග පිළිබ`ද ප්‍රශ්න මතු වු පළමු අවස්‌ථාව මෙය නොවේ. වසර කිහිපයක්‌ තිස්‌සේ එකම වරද දිගින් දිගටම සිදු වෙමින් පවතී. සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ වැනි ජාතික මට්‌ටමේ විභාග පවා අවුල් ජාලයක්‌ කරන ලද තත්ත්වයක්‌ තුළ එක්‌ අතකට වාර විභාග පිළිබ`ද කවර නම් කතාද?

පාලකයන් මේ සෙල්ලම් කරනුයේ රටේ හා දරුවන්ගේ ඉදිරි අනාගතයත් සමගයි. එහි ප්‍රතිවිපාක ඉදිරියේදී අප කාටත් භුක්‌ති වි`දීමට සිදු වනු ඇත. එහෙත් මේ පිළිබ`දව කිසිවෙකුටවත් කතා කිරීමට අයිතියක්‌ නැත. උද්ඝෝෂණ, පාගමන් විරෝධතා නීතියෙන් තහනම්ය. කළ හැක්‌කේ සියල්ල ඉවසා වැදෑරීම පමණකි. නොඑසේ නම් අධිකරණවල රස්‌තියාදු වීමටද සිරබත රස වි`දීමටද සිදු වනු ඇත. අධ්‍යාපනය නොව කුමක්‌ විනාශ කළද නිහ`ඩව සිටිය යුතුය. රටේ නීතිය එයයි. ඒ ලංකාවේ කතාවයි.

මේ අයුරින්ම මිලිටරි බලහත්කාරය නිසා අධ්‍යාපනය අහිමිවූ පකිස්‌තානයේ මලාලා යූසµaසායි සිය 16 වැනි උපන් දිනයේ, පසුගිය 12දා එක්‌සත් ජාතීන් අමතා කළ කතාවෙන් මේ කතාව ආරම්භ කිරීමට සිතුවෙමි. ඇය සිය කතා සාරය ගෙන හැර දැක්‌වූයේ

zzලෝකය පුරා දරු දැරියන්ට නිදහස්‌ අනිවාර්ය අධ්‍යාපනයක්‌ ලබා දීම සහතික කළ යුතුයි කියා අපි සියලු ආණ්‌ඩුවලින් ඉල්ලා සිටිමු." යනුවෙනි. ඇය තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේ සිය අරගලයේ අභිප්‍රාය පිළිබ`දවය. අධ්‍යාපනය නම් අභිප්‍රාය වටා අප එක්‌ව සිටින්නෙමු. ඒ අභිප්‍රාය සාක්‌ෂාත් කර ගන්නට නම් අප දැනුමේ සවියෙන් සන්නද්ධ විය යුතුය. එක්‌සත්භාවයේ සහ සාමූහිකත්වයේ පලිහ දරා ගත යුතුය.

ආදරණීය සොයුරු, සොයුරියනි, අප අමතක නොකළ යුතුයි, දිළිඳුකමින්, අසාධාරණයෙන් සහ නූගත්කමින් මිලියන ගණනක්‌ මිනිසුන් පීඩාවට පත්වෙමින් සිටින වග අප අමතක නොකළ යුතුයි. පාසැල් නොයන මිලියන ගණනක්‌ ළමයින් සිටින වග අප අමතක නොකළ යුතුයි. අපගේ සොයුරු සොයුරියන් පැහැපත් සාමකාමී අනාගතයක්‌ වෙනුවෙන් බලාපොරොත්තු සහගතව ජීවත් වන වග.

මෙය මලාලාගේ කතාවක්‌ පමණක්‌ නොව, මෙය අද අපගේද කතාව වී තිබේ. පසුගිය සමයේ චිලීය ඇතුළු ලතින් ඇමරිකානු කලාපය පුරාත් එයින් නොනැවති බ්‍රිතාන්‍ය, ග්‍රීසිය ඇමරිකාව ඕස්‌ටේ්‍රලියාව සිසාරාත් සිසුන් වීදි බැස්‌සේ නිදහස්‌ අධ්‍යාපනය වෙනුවෙනි. මේ මොහොතේත් බ්‍රසීලය තුළ නැගෙමින් තිබෙන්නේ මේ අරගලයයි.

අප අද ලංකාවේ අධ්‍යාපනයේ අර්බුදයත් ඊට එරෙහි සිසු උද්ඝෝෂණත් පිළිබ`ද කතාව ආරම්භ කළ යුත්තේ මෙවැනි ලෝක පසුබිමක තබාය.

ඒ නිසා කවුරුන් හෝ කියනවානම් අද නිදහස්‌ අධ්‍යාපනය යනු ප්‍රායෝගික නොවන මනෝවිකාරයක්‌, අධ්‍යාපනය පෞද්ගලික අංශයට භාරදී අධ්‍යාපනය මිලිදී ගන්නා වෙළ`ද භාණ්‌ඩයක්‌ කළයුතු දෙයක්‌ බව කියන්නේ නම් අප ඒ ළිං මැඩියන්ට කියන්නේ නව ලිබරල් ධනවාදයෙන් හෙම්බත් වී ඇති සිසුන් ලෝකය පුරා නගන හ`ඩට සවන්දෙන ලෙසය.

තවත් කෙනෙක්‌ මෙසේ ද කීමට පිළිවන. ලෝකයේ එහෙම උනාට අපේ රටේ නිදහස්‌ අධ්‍යාපනය තියෙනවානේ, එහෙනම් මොකටද පාරවල්වල යකා නටන්නේ, එහෙම කියන අයට අප කෙටියෙන් අපේ රටේ අධ්‍යාපනය ගැන මතක්‌ කරමු.

අද අපේ අධ්‍යාපනයේ ප්‍රධානම ගැටලුව අධ්‍යාපනයේ නිදහස අහිමි වීමයි. එනම් අධ්‍යාපනය තුළ ඇති පීඩාවයි.

සරසවි සිසුන් අධ්‍යාපනයේ පීඩාව දරා ගත නොහැකිව සියදිවි හානිකර ගනිති. කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්‌ තට්‌ටු පහකින් බිමට පැන්නාය. ජZපුරේ සිසුවෙක්‌ ලුනාව කළපුවට පැන්නේය. විවෘතයේ සිසුවෙක්‌ ආචාර්යවරියකට පිහියෙන් ඇන්නේය. සියදිවි නසා ගැනීම වෙනුවට මේ පීඩාව ආචාර්යවරයා හෝ ගුරුවරයා පිටින් පිට කර හැරීම වෙනුවට, අප කුමක්‌ කළ යුතුද?

ප්‍රතිපාදන කපා දමා පාසල් නඩත්තුව ස`දහා දැන් දෙමව්පියන්ගෙන් මුදල් අයකරයි. එහෙත් දෙමාපියන්ගේ වැටුප් හෝ ආදායම් වැඩිකර නැත. ජීවන බරද අහස උසට නැ`ග ඇත. දරුවන්ට ඉගැන්වීමට දෙමව්පියන්ට ගේ දොර පවා විකිණීමටද සිදුවී ඇත්තේය.

විශ්වවිද්‍යාලවල දහස්‌ ගණනක්‌ පුරප්පාඩු තිබේ, එහෙත් ඒවා පුරවන්නේ නැත. උසස්‌ පෙළ සමත් වූ සිසුන් කර කියාගත දෙයක්‌ නොමැතිව සිටී. ඒ 30%ක පමණ පුරප්පාඩු මු`එ විශ්වවිද්‍යාලය පද්ධතියේම තිබියදීය. සබරගමුව ව්‍යවහාරික විද්‍යා පීඨය තුළ 178, රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය තුළ 250, රජරට කෘෂිකර්ම පීඨයේ 68, රජරට ව්‍යවහාරික විද්‍යා පීඨයේ 215කි. ඒ නිදසුන් කීපයක්‌ පමණි. මේ අතර රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඇති පුරප්පාඩු වලට ලක්‌ෂ ගණන් ගෙවා හැකිනම් උපාධියක්‌ ලබා ගන්නා ලෙස පාලකයන් ඔවුන්ට කියමින් සිටී. එසේ නැවතත් ඔබට අධ්‍යාපනය වෙනුවෙන් ගෙවන ලෙස පවසන්නේ ඊට පෙර දහස්‌ ගණන් බදු මුදල් අධ්‍යාපනය වෙනුවෙන් ඔබෙන් ලබා ගෙන ඇති තතු යටතේය.

විශ්වවිද්‍යාලවල දේපල බදුදීමටත්, නේවාසිකාගාරවලින් හා අනෙකුත් ලබාදෙන සෑම සේවාවකම ගාස්‌තු ඉහළ දැමීමටත් පාලකයන් කටයුතු කරමින් ඇත. එසේ වන්නේ අධ්‍යාපනය ස`දහා 6%ක්‌ වෙන් කරන ලෙස ජන මතයක්‌ තිබියදී පවා 1.5% දක්‌වා අධ්‍යාපනය ස`දහා ප්‍රතිපාදන කපා දැමීම හේතුවෙනි. සබරගමුව විශ්වවිද්‍යාලයේදී මෙම ගාස්‌තු ඉහළ දැමීම 500% කි. නමුත් සිසුන්ගේ මහපොළ හෝ ශිෂ්‍යාධාර අවුරුදු අටකින් වැඩිවී නැත. සිසුන් මේවා ගෙවන්නේ කෙසේද? සිසුන් රාත්‍රියේ මුර සේවාවල යෙදෙති. දවසේ කුළියට අත්උදව්කරුවන් ලෙස කොන්ක්‍රීට්‌ අනති. සිසුවියන් කරන්නේ කුමක්‌ද? සංචාරක ව්‍යාපාරය ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ බවට පත්කරන බව කියන රටක ගණිකා වෘත්තියේ යෙදෙන්නද? සිංගප්පූරුවේ නම් එසේය.

ඉතින් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නිදහස්‌ අධ්‍යාපන ක්‍රමයක්‌ ලෙස තවදුරටත් හැ`දින්විය නොහැකිය.

නිදහස්‌ අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් යළි දිනාගත යුතු බව අප පැවසූයේ ඒ නිසාය.

අප විශ්වවිද්‍යාලයට ආ නිදහස්‌ අධ්‍යාපන මාවත දිගේම අනාගතයේ අපේ නංගිලා මල්ලිලාද දූ දරුවන්ද විශ්වවිද්‍යාලයට පැමිණෙනු දැකීමට අප කැමතිය. අපේ ඒ විශ්වාසය හුදු විශ්වාසයක්‌ පමණක්‌ නොව ක්‍රියාවකි. අප පසුගිය තුන්වෙනිදා ජZපුර සිට පාගමනින් පැමිණ කීවේ මලාලා පසුගිය 12දා එක්‌සත් ජාතීන් අමතා කළ කතාවේදී කියූ කතාවේ අපේ කොටසයි. අප සරසවි ප්‍රවේශය ලබා ගත්තේ නිදහස්‌ අධ්‍යාපනයේ අංශුමාත්‍රයක හෝ අයිතියක්‌ අප සතුව තිබූ බැවිනි. එය අපගේ අත්දැකීමකි. ඒ වෙනුවෙන් අප මෙන්ම මේ රටේ ආණ්‌ඩුවට බදු ගෙවන හැම කෙනෙක්‌ම දායක වූ බව අප හො`දින්ම දනිමු. ඒ නිසා අනාගත පරම්පරාව වෙනුවෙන් අධ්‍යාපනය දිනාදීමේ යුතුකමින් අප බැ`දී සිටිමු.

මෙම ගැට`එ අප පසුගිය වසර ගනනාවක්‌ තිස්‌සේ අඛණ්‌ඩව සමාජ අවධානයට යොමු කළ කරුණුය. බස්‌ රථවලට කැටයක්‌ අතැතිව නැග කරන දැනුවත් කිරීම්වල සිට මාධ්‍ය සාකච්ඡා දක්‌වා ද විශ්වවිද්‍යාල පරිපාලනයන් හා පැවැත්වූ පීඨ මණ්‌ඩල රුස්‌වීම් හා එක්‌ එක්‌ මහා ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල පරිපාලනයන් හා පැවැත්වූ අනේකවිධ සාකච්ඡා හරහාද විශ්වවිද්‍යාල ඉදිරිපිට ආසන්න නගරවල පැවැත්වූ උද්ඝෝෂණ හරහාද අප මේවා කතා කර ඇත්තෙමු. ඒ නිසා පසුගිය තුන්වනදා ජZපුරේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්‌වා පැමිණි උද්ඝෝෂණ පාගමන යනු අප මේ රටේ ආදරණීය දෙමාපියන් දැනුවත් කිරීමටත් පාලකයන්ට මේවා දැනුම් දීමටත් වහාම අධ්‍යාපන ගැට`එ වලට විස`දුම් දෙන ලෙසටත් බලකළ එක්‌ අවස්‌ථාවක්‌ පමණි.

එසේ නොමැතිව පාගමනට පෙරදින උසස්‌ අධ්‍යාපන ඇමතිවරයා මාධ්‍ය ඉදිරිපිට කී පට්‌ටපල් බොරුවේ පරිදි නවක වදය ලබාදෙන ලෙස කළ උද්ඝෝෂණයක්‌ නොවන බව එය දුටු ඔබ සියලු දෙනාට වැටහෙනු ඇතයි සිතමු. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරය යනු මාධ්‍ය ඉදිරිපිටට ඇවිත් කිසිදු විළිලැජ්ජාවක්‌ නැතිව පට්‌ටපල් බොරු කියන, රටේ ඇමතිවරු මෙන් පාරවල්වල ගොන් පාට්‌ කෙළින ව්‍යාපාරයක්‌ නොව වගකීමක්‌ සහිත ව්‍යාපාරයකි.

අනෙක්‌ කරුණ නම් මෙහිදී අපට එල්ල කරන ලද zzමහජනතාවට පීඩා කළාZZ යන චෝදනවයි. එයට කීමට ඇත්තේ මෙම උද්ඝෝෂණය පැනනැගුණේ අප මත පාලකයන් විසින් ඇති කළ පීඩාව නිසාය යන්නයි. අද වන විට පාසල් සිසුන්වද, විදුහල්පතිවරුන්වද, බලහත්කාරයෙන් හමුදා ක`දවුරු වලදී නායකත්ව පුහුණුව නමින් වද දේ. එහි ප්‍රතිඵලය ලෙස දරුවෝ අබ්බගාත වූහ. විදුහල්පතිවරයෙකුටද ජීවිතය අහිමි විය.

විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු යකා නටති. ආණ්‌ඩුවේ දේශපාලන න්‍යාය පත්‍ර සරසවිය තුළ ක්‍රියාත්මක කරති. අධ්‍යාපන නිදහසට, ශාස්‌ත්‍රීය සංවාදයට වාරණ පනවා ඇත.

අධ්‍යාපනය අද පාලකයන් යොදා ගනුයේ සිය පටු දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙනි. නිර්මාණශීලී, විචාරශීලී, බුද්ධිමත් මිනිසුන් තැනීම වෙනුවෙන් නොවේ. වහලුන් තැනීම වෙනුවෙනි. විෂය නිර්දේශ කප්පාදුව, ඉගැන්වීම් ක්‍රමවේදයක්‌ නැතිකම තුළ අද මේවා සිදුවේ.

මේ අධ්‍යාපන ක්‍රමයම අද දෙමව්පියන්ටද, දරුවන්ටද, ගුරුවරුන්ටද ඉමහත් පීඩාවකි. අද පාසලේ උගන්වන්නේ නැත. ඒ නිසා ටියුෂන් අධිනිෂ්චිත වී තිබේ. එහි ප්‍රතිඵලය කුමක්‌ද? එකක්‌ මව්පියන්ට දැරීමට සිදුවන පිරිවැයයි. වැටුප් හෝ ආදායම් වැඩි නොවන තත්ත්වයක්‌ තුළ දිනෙන් දින ඉහළ යන මේ පිරිවැය දැරීමට දෙමාපියන්ට වැඩියෙන් වැඩ කිරීමට සිදුව ඇත. අද දෙමාපියෝ පැය අටක්‌ නොව දහයක්‌ දොළහක්‌ වැඩ කරති. මෙම අවිවේකය අඹු සැමි සම්බන්ධතා බි`ද වැටී පවුල් අවුල් වීමටද දරුවන් නොමග යාමටද බලපා ඇත.

පාසැල් කාලය පැය 6කට සීමා කර ඇත්තේ මනෝ විද්‍යානුකූලවය. ඒ දරුවෙක්‌ට අධ්‍යාපනයේදී මනසට ඔරොත්තු දෙන හො`දම කාලයයි. එහෙත් අද පාසැල් වල ඉගැන්වීම් නිසියාකාරව සිදු නොවේ. එනිසා ටියුෂන් යාමට සිදු වීම තුළ දවසේ පැය දොළහක්‌ පමණ දරුවන්ට පන්ති කාමරය තුළ ගත කිරීමට සිදුව ඇත. ඒ නිසා ඔවුන්ට සෞන්දර්ය, ක්‍රීඩාව, නෑදෑ මිතුරුකම්, දෙමාපිය රැකවරණ, යොවුන් ප්‍රේමය ආදී සියල්ල අහිමි වී යාන්ත්‍රික ජීවිතයකට කොටු කර ඇත. මේ අනුව බිහිවන අනාගත පරපුර බුද්ධිමත් විචාරශීලී පරපුරක්‌ වේවිද?

මෙය අද විශ්වවිද්‍යාලවල බහුලව සිදු වේ. සමාසික ක්‍රමය 80% හරහා සිසුන් ඉපැරණි දේශනවල, විභාග වල කොටු කර ඔලමොට්‌ටලයන් කර තිබේ. මෙය කෙතරම් පීඩාවක්‌ ද? අඩුම තරමේ අද සිසුන්ට තම විභාගවලට සූදානම් වීම හැරුණුකොට නවකතාවක්‌ බැලීමටවත් විවේකයක්‌ නැත. මේවා විශ්වවිද්‍යාල නොව වහල් ක`දවුරුය. සිසුන්ට අධ්‍යාපනය පිළිකුල් වී ඇත. එය ෙ€දවාචකයක්‌ නොවන්නේද? එදා දාර්ශණිකයන්ට, විද්‍යාඥයන්ට දැනූම පිළිබ`ද තිබූ උද්දාමය සතුට අද සරසවි සිසුන්ට නැත්තේ ඇයි? ආකිමිඩිස්‌ නව සොයාගැනීමක්‌ කර නිරුවතින් මහම`ග දිව්වේය. එය අධ්‍යාපනයේ උද්දාමයයි. අප මතුකළ අධ්‍යාපනයේ නිදහසයි. ඒ නිසා සැබැවින්ම මහජනතාව පීඩාවට පත් කර ඇත්තේ කවුරුන්ද යන්න දැන් ඔබට පැහැදිළිවනවා ඇත.

ඒ අධ්‍යාපනයේදීය. පසුගිය කාලයේ රොෂේන් චානක මරා දැමීම, ධීවර ඇන්ටනී මරා දැමීම, පසුගිය ආචාර්ය අරගලයට සමගාමී සිසු පාගමනේදී මියගිය සිසිත, ජානක සොයුරන්ගේ රසපරීක්‌ෂක වාර්තා අදාල සිදුවීමෙන් වසරකට ආසන්න කාලයක්‌ ගෙවී ගියත් තවමත් උසාවියට නොලැබීම, කරුණා අම්මාන්ලට පිල්ලයාන්ලට කේ. පී ලාට ඇති නිදහස සාමාන්‍ය එල්.ටී.ටී සැකකරුවන්ට නොමැති වීම, වෙනත් ජාතික ප්‍රජාවන් වෙත එල්ල කර ඇති පීඩනයට වග කිව යුත්තේ කවුරුන්ද යන්න සිතා බැලුවහොත් මෙකී මහජන පීඩාවට මුල ඔබට සොයා ගත හැකි වනු ඇත. බලහත්කාරය, නීති කැඩීම ඇත්තේ කොතැනද යන්න ඔබට සොයා ගත හැකි වනු ඇත.

පසුගිය තුන්වනදා පැවති උද්ඝෝෂණයට පැමිණි සියලු සිසුන් තමන් කරන්නේ කුමක්‌ද යන්න ගැන හො`දම අවබෝධයෙන් සිටි බව පැහැදිළිය. උසස්‌ අධ්‍යාපන බලධාරියෙක්‌ සියලු මාධ්‍ය හරහා මෙම උද්ඝෝෂණයට නොපැමිනෙන ලෙස සිසුන්ට පමණක්‌ නොව වාහන අයිතිකරුවන්ටද තර්ජනය කර තිබිණි. අද වන විට එසේ පේරාදෙණියේ සිසුන් පැමිණි වාහන කීපයක බලපත්‍රද අහෝසි කර ඇත. ඒ පමණක්‌ නොව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් සිසුන්ගේ නිවෙස්‌ වලට දුරකතන ඇමතුම් ලබා දුනි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විශ්වවිද්‍යාලයේ ආරක්‌ෂක අංශය ලවා සිසුන්ට අත්පත්‍රිකා බෙදා තිබුණි. ඒ පමණක්‌ නොව සිසුන් නේවාසිකාගාර වලට දමා ඉබි යතුරු දා සිරකර තිබුණි. බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහය ලැබුණද සමහර සු`එ පිරිසක්‌ දේශන අනිවාර්ය කර තිබුණි. නිබන්ධන අනිවාර්ය කර තිබුණි. මේවා සිසුන්ගේ මූලික අයිතීන් කඩවීම් නොවන්නේද? සැබැවින්ම බලහත්කාරය, ත්‍රස්‌තවාදය, නීති කැඩීම ඇත්තේ කොතැනද?

මේ අතර අපට එරෙහිව ගොනු කළ නඩු වාර වලට උපකුලපතිවරුන්, සිසු නායකයන් විශ්වවිද්‍යාල සිසුන් නොඑන බව දන්වා ලිපි එවා තිබුණි. පසුගිය තුන්වන දා පැවැත්වූ උද්ඝෝෂණය ප්‍රචණ්‌ඩකාරී එකක්‌ බවත් සිසුන් බලහත්කාරයෙන් සහභාගී කරගත් බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා උසාවියට දන්වා තිබුණි. එය පිළිගැනීම හෝ නොපිළිගැනීම උසාවියේ වැඩකි. කවුරු පිළිගත්තත් නැතත් ඔහුගේ හැටි දන්නෝ දනිති.සැබැවින්ම මේවා නම් හාස්‍යයට කරුණුය. සිසුන්ට ගහනව පන්ති තහනම් කරනවා යෑයි ප්‍රසිද්ධියේ පවසන ඇමතිවරයෙකු යටතේ සිටින පරිපාලකයන් ලෙස ඔවුන්ට ඊට වඩා කළ හැකි දෙයක්‌ නොමැති බව අප දනිමු. නමුත් ඔවුන්ගේ ලිපි තුළින්ද නැගෙන සැබෑ තර්කය වන්නේ සිසු මර්දනයේ තරම මිස අන් කිසිවක්‌ නොවන්නේය. පසුගිය කාලයේ කිසිම සිසු නායකයකුට යහතින් අධ්‍යාපනය ලබා උපාධිය ගන්නට පාලකයන් ඉඩ නොදුන් බව ඉන් ප්‍රකාශ වන සත්‍යයයි. අනෙක්‌ අතට ඔවුන් පත්කරන්නේ ජනාධිපතිවරයා නිසා ශිෂ්‍ය නායකයන්ද ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු යෑයි ඔවුන් සිතනවා වන්නට පිළිවන. ඔවුන් බලාපොරොත්තු වන ප්‍රජාතන්ත්‍රවාදය යනු එවැනි දෙයකි. නමුත් අප කතා කරන්නේ නිදහස්‌ අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් පිළිබ`ද වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිබ`දවය.

නීතියට අප ගරුකරන අතරම යුක්‌තිගරුක සමාජයක්‌ පිළිබ`දවද අපි සිහින දකිමු. නීතිය අධිකරණයෙන් අධිකරණයට හෝ පොලීසියෙන් පොලිසියට හෝ සිද්ධියෙන් සිද්ධියට වෙනස්‌ නොවිය යුතුය. උද්ඝෝෂණ පිළිබ`ද පොලිසිය ක්‍රියාකර ඇති අයුරු අප කවුරුත් දනිමු. ආණ්‌ඩු විරෝධී උද්ඝෝෂණ වලට එරෙහිව වාරණ නියෝග ගන්නා පොලීසිය ආණ්‌ඩු පාක්‌ෂිකයන්ට මහමග යකා නැටීමට ඉඩදී බලා සිටිති.

මේ පිළිබ`ද හො`දම නිදසුන මාධ්‍ය සංවිධාන විසින් 2012 ජනවාරියේ පැවැත්වූ කලු ජනවාරිය උද්ඝෝෂණයයි. එදින එය කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වීමට සංවිධානය කර තිබූ අතර පොලිසිය එයට එරෙහිව වාරණ නියෝගයක්‌ ලබා ගත්තේය. මාධ්‍යවේදීන් ලිප්ටන් වටරවුමට උද්ඝෝෂණය ගෙන ගිය අතර වාරණ නියෝග ගත් තැනම ආණ්‌ඩුවේ උද්ඝෝෂකයෝ යකා නැටූහ.

මේ අප රටේ පාලකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ නිසා ඒ යටතේ අප සිරගත කිරීම ගැන පුදුමවන්නට හේතුවක්‌ නැත. අප එයින් මොහොතකුදු පසුබට නොවෙමු. මලලා කී පරිදි අපද මෙසේ කියමු.

"හැම දරුවෙකුගේම අනාගතය දීප්තිsමත් වන්නට නම් අපට පාසල් සහ අධ්‍යාපනය අවශ්‍යයි. සියල්ලන්ටම සාමය සහ අධ්‍යාපනය ලැබීම අපේ ගමනාන්තයයි. එමග අපි යන්නෙමු. කිසිවෙකුට අප වළකාලිය නොහැකිය. අප අපේ අයිතීන් වෙනුවෙන් හඬ නගන්නෙමු. අපේ හඬ නැගීම් මගින් වෙනසක්‌ උදාවෙනු ඇත. අප අපේ වචන වල බලය සහ ශක්‌තිය විශ්වාස කළ යුතුමය. අපේ වචන වලට ලෝකය වෙනස්‌ කළ හැකිය."

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>