සංජීව බණ්ඩාර 26 තෙක් රිමාන්ඩ්

විශ්වවිද්‍යාල සිසුන් සහභාගි කර ගෙන විරෝධතා පාගමනක් පැවැත්වීමේ 'වරද'ට සංජීව බණ්ඩාර මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි මිරිහාන පොලිසිය අද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 ඒ, ඔහු අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. ඒ අනුව සංජීව බණ්ඩාර මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
මේ අවස්ථාවේදී සංජීව බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසුවේ, එම පෙළපාලියේ ඉදිරියෙන්ම හා පසු පසින් ගමන් කළේ පොලිසිය බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කළ යුත්තේ සිසුන් නොව පොලිසිය බවයි. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>