Featured Posts Coolbthemes

Stay Connected Stay Connected Stay Connected Stay Connected Stay Connected

පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 02

පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න දුප්පත් අයට බැරිවෙන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් සල්ලි තියෙන කෙනෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනගත්තම තියෙන ප‍්‍රශ්නය මොකද්ද? ඒකෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වන බලපෑමක් නෑනෙ..
පෞද්ගලික විශ්වවිද්‍යාලවට අපි විරුද්ධ වෙන්නෙ අපි සල්ලි තියෙන අය ඉගෙනගන්නවට විරුද්ධ නිසා කියල කවුරුහරි හිතනව නම් ඒක වැරදියි. මොකද අධ්‍යාපනය සම්බන්ධ අපේ ස්ථාවරය තමයි, දුප්පත් පෝසත්, ජාති, ආගම්, කුල, ස්ත‍්‍රී පුරුෂ මේ කිසිඳු භේදයක් නොසලකා කාටත් අධ්‍යාපනය ලැබීමට සමාන අයිතියක් තිබිය යුතුයි කියන එක. ඒ නිසා මුදල් තියෙන අය ඉගෙනගන්නවට අපි තුළ කිසිම විරෝධයක් නෑ. නමුත් මුදල් ගෙවිය හැකි අතලොස්සකගේ වරප‍්‍රසාදයක් බවට අධ්‍යාපනය පත්කරන ක‍්‍රමයකට අපිට එකඟවෙන්න බෑ. ඒ නිසා තමයි අපි පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ. මෙතනදි වෙන්නෙ අධ්‍යාපනය වෙළඳභාණ්ඩයක් කිරීම. ඒ කියන්නේ අධ්‍යාපනය මුදල මත තීරණය කිරීම. ඒකට ඉඩදෙන්න බෑ. 
අධ්‍යාපනය කියන්නෙ සමාජ අයිතියක් මිසක වරප‍්‍රසාදයක් නෙවෙයි. අයිතියක් සහ වරප‍්‍රසාදයක් අතර තියෙන වෙනස තමයි, අයිතිය කාටත් පොදුයි. සමාජ අයිතියක් නම් ඒකෙදි ජාතිය, කුලය, ස්ත‍්‍රී/පුරුෂභාවය, ආගම, සමාජ පංතිය (දුප්පත්කම හෝ පොහොසත්කම* මේවා අදාළ වෙන්න බෑ. හැබැයි වරප‍්‍රසාදයකදි එහෙම නෙවෙයි. වරප‍්‍රසාද හිමි වෙන්නේ සමාජයේ ඉතා අතලොස්සකට විතරයි. අනෙක් අයට නැති, කෙනෙක්ට දෙන්නෙක්ට විතරක් තියෙන නිසා තමයි ඒක වරප‍්‍රසාදයක් වෙන්නේ. අධ්‍යාපනය මුදල මත තීරණය වුණාම සිද්ධවෙන දේ තමයි, මුදල් ගෙවන්න හැකියාව තියෙන සීමිත පිරිසකගේ වරප‍්‍රසාදයක් වෙන එක. අන්න ඒ නිසා තමයි අපි අධ්‍යාපනය විකුණනවට විරුද්ධ. අධ්‍යාපනය ලැබීමේදී වෙනස්කම් කිරීම නොකළ යුතුයි කියන එක, අපි නෙවෙයි එක්සත් ජාතීන්ගේ සංගමය පවා පිළිගත්ත සම්මුතියක්. ගැටලූව තමයි ඒවා පිළිගත්තට මොකද යථාර්ථයේදී ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ. 

උදාහරණයක් විදිහට පාසල්වලට සිසුන් බඳවාගැනීමේදී වාර්ගිකත්වය මත විශේෂ සැලකිල්ලක් දක්වනව නම් ඔබ ඒක පිළිගන්නවද? ඒ කියන්නේ එක ජාතියකට විතරක් විශේෂ සැලකිල්ලක් දක්වනව නම් ඒක අනුමත කරනව ද? විශ්වවිද්‍යාලවලට බඳවාගනිද්දි සිංහල ශිෂ්‍යයෝ 50%යි,දෙමළ ශිෂ්‍යයෝ 30%යි, මුස්ලිම් ශිෂ්‍යයෝ 20%යි මේ විදිහට බඳවාගැනීම් කරනවා කියල අපි හිතුවොත් ඔබ ඒක අනුමත කරනව ද? මේක 1971 දී ප‍්‍රමිතිකරණය නමින් සමඟි පෙරමුණ ආණ්ඩුව යටතේ කරන්න හැදුවා. අපි හිතනවා උග‍්‍ර ජාතිවාදියෝ ඇරෙන්න, ශිෂ්ඨ සම්පන්න සමාජයක කිසිවෙක් මෙහෙම ක‍්‍රමයක් අනුමත කරන්නෙ නෑ. දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් පෙනී ඉන්න, ලිබරල් යැයි කියාගන්නා මහත්තුරුන්ගෙන් මෙහෙම ක‍්‍රමයකට කැමති ද කියල අපි ඇහුවොත් දෙන පිළිතුර මොකක් වෙයි ද? අනිවාර්යෙන්ම විරුද්ධ වෙයි. මොකද මෙතනදි ඇතැම් වාර්ගික ජන කණ්ඩායම්වලට වරප‍්‍රසාද දීමක් සහ ඇතැම් කණ්ඩායම් නොසලකා හැරීමක් වෙනවා. ඒක අසාධාරණයි. 
ඒවගේම තව උදාහරණයක් විදිහට කවුරුහරි කිව්වොත් කාන්තාවො ඉගෙන ගන්න  ඕනෙ නෑ. ඔවුන්ට ගෙදර දොරේ වැඩපල ටික කරගෙන, දරුවෝ රැුකබලාගෙන හිටියම ඇති, ඒ නිසා පිරිමින් විතරක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවම ඇති කියලා. ඔබ එහෙම ක‍්‍රමයකට කැමති ද? විශේෂයෙන් අපි කාන්තාවන්ගෙන් අහනවා, ඔබේ අදහස මොකද්ද? අපි හිතනවා කාන්තාවෝ විතරක් නෙවෙයි කිසි කෙනෙක් මෙවැනි ක‍්‍රමවේදයක් අනුමත කරන්නෙ නෑ. ආගමික හෝ කුල පදනමින් වෙනස්කම් කිරීම වුණත් මෙහෙම තමයි. අපි කවුරුත් එවැනි ක‍්‍රමයක් සම`ග එක`ග වෙන්නේ නෑ. 
හැබැයි මෙවැනි පදනමකින් අධ්‍යාපනය සීමා කරනවට, විරුද්ධ බොහෝ අය මුදල් කියන සාධකය මත අධ්‍යාපනය සීමා කරනවට විරුද්ධ නෑ. වර්තමානයේ බොහෝ විට ලිබරල්වාදීන් කියන අය තමයි මෙතනදි ඉදිරියෙන්ම ඉන්නේ. හැබැයි ඔවුන් හැම තිස්සෙම කියන්න හදනවා, අපි බොහොම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මිනිස්සු, නිදහසට, සමානාත්මතාවට ගරු කරන අය කියලා. හැම තිස්සෙම මොවුන් ඉදිරිගාමීයි, ප‍්‍රගතිශීලීයි කියලා පෙන්නන්න හදනවා. හැබැයි මොවුනුයි වැඩවසම් රදළයොයි අතර කිසිම වෙනසක් නෑ. එදා රදළයෝ එක්කෝ කුලය, නැත්නම් ආගම, ලිංගය ඉස්සරහට දාගෙන අධ්‍යාපනය ලැබීමට සාමාන්‍ය ජනතාවට ඉඩ දුන්නේ නෑ. වහල් සමාජයේදී වහල් හිමියෝ විතරයි අධ්‍යාපනය ලැබුවේ. වැඩවසම් සමාජයේදී රදළ අතලොස්සක් විතරයි. භාරත සමාජේ බ‍්‍රාහ්මන, ක්ෂත‍්‍රිය, වෛශ්‍ය වගේ ඉහළ යැයි සම්මත කුල වල අයට විතරයි ඉගෙනගන්න අවස්ථාව තිබුණේ. ශුද්‍රයන්ට ඒ කියන්නේ පහළයැයි සම්මත කුලවල ජනතාවට ඒ අවස්ථාව ලැබුණෙ නෑ. මේ ඉහළයැයි සම්මත කුලවල වුණත් කාන්තාවන්ට අධ්‍යාපන අවස්ථා ලැබුණේ ඉතාම කලාතුරකින් විතරයි. එතකොට හරි පැහැදිලියි ඉතිහාසෙ හැමදාම අධ්‍යාපනය, සමාජයේ යම් වරප‍්‍රසාදිත කොටසක් විතරයි භුක්ති වින්දේ කියලා. හැබැයි ඒක මිනිස්සු සටන් වැදිලා, නිදහස් අධ්‍යාපනය දිනාගැනීමෙන් පස්සේ වෙනස් වුණා. ජාතියවත්, කුලයවත්, ආගමවත්, ස්ත‍්‍රී පුරුෂභාවය හෝ පංතියවත් නොසලකා හැමෝටම ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. හැබැයි දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? මේ සූදානම පරණ වැඬේම ආයෙත් කරන්න. ඒ කියන්නේ ජාතිය, ආගම, කුලය, ලිංගිකත්වය වෙනුවට, මුදල් කියන සාධකය ගෙනල්ල ආයෙත් අධ්‍යාපනය සමාජේ කීපදෙනෙක්ගෙ වරප‍්‍රසාධයක් කරන්න. අන්න ඒ නිසා තමයි අපි අධ්‍යාපනය විකුණනවට විරුද්ධ. 
අධ්‍යාපනය මුදල මත තීරණය වුණාම සිද්ධවෙන දේ තමයි මුදල් ගෙවීමේ හැකියාව මත අධ්‍යාපනය ලැබීම හෝ නොලැබීම තීරණය වෙන්න පටන්ගන්නවා. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වීමට පෙර අපේ රටේ අධ්‍යාපනය ලැබීම රදලයන්ගේ වරප‍්‍රසාදයක් වුණා වගේ මිලියන ගණන් ගෙවන්න පුළුවන් පිරිසකගෙ වරප‍්‍රසාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනය මුදල මත තීරණය වෙද්දී ගුණාත්මකව පිරිහෙන එකත් වළක්වන්න බෑ. අධ්‍යාපනය එහෙම විය යුතු නෑ. මොකද අධ්‍යාපනය කියන්නේ මිනිහෙක්ගෙ ජීවිතේ ඉතාමත් තීරණාත්මක කාරණයක්. අධ්‍යාපනයත් ප‍්‍රධානම කාරණයක් මිනිහෙක් කොයි වගේ කෙනෙක් වෙනවද කියන එක තීරණය වෙද්දි. 
අධ්‍යාපනය කියලා කියන්නේ දැනුමට සම්බන්ධ දෙයක්. මේ දැනුම කියල කියන්නේ මිනිස්සු ඉතිහාසයක් තිස්සේ තමන්ගේ ජීවන අත්දැකීම් තුළින් ජීවිතය ගැන, ලෝකය ගැන ලබාගෙන තියෙන අවබෝධය. ඒ විතරක් නෙවෙයි මේ අත්දැකීම් ඔස්සේ හිතල මතල, කල්පනා කරලා, සංවර්ධනය කරලා තියෙන දේවල් වලට. 
නිදසුනක් විදිහට භාෂාව කියන්නේ දැනුමක්, මේ භාෂාව මිනිසුන්ට අවශ්‍යයි. මොකද භාෂාවක් නැතුව ඔබට සමාජයත් එක්ක ගණුදෙනු කරන්න බෑ. ඔබට ඔබේ හැඟීම් අනෙකා සමඟ බෙදාහදාගන්න, අපි ජීවත්වන සමාජය, ලෝකය පිළිබඳ දේවල් දැන කියා ගන්න භාෂාව අවශ්‍යයි. එක භාෂාවක් නෙවෙයි භාෂා කිහිපයක් දැනගෙන සිටීම තුළ මිනිහෙක්ගෙ දැක්ම, පුළුල්කම වැඩියි. මොකද ඔහුට විවිධ භාෂාවන් කතා කරන මිනිසුන් සමඟ, විවිධ සංස්කෘතීන් සමඟ ගණුදෙනු කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා භාෂාව නැමති දැනුම කොයිතරම් වැදගත් ද කියලා අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. වෛද්‍ය විද්‍යාව කියන්නේ දැනුමක්. අපි විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවෙලා මැරෙන එක වළක්වගන්න නම් වෛද්‍ය විද්‍යාත්මක දැනුම අවශ්‍යයි. ඒක වෛද්‍යවරුන්ට විතරක් නෙවෙයි අපි කාටත් වැදගත්. මොකද නිරෝගී සමාජයක් වෙනුවෙන් වෛද්‍ය විද්‍යාත්මක දැනුම නැතුව බෑ. 
වෛද්‍ය විද්‍යාව විතරක් නෙවෙයි සියලූම විද්‍යාවන් සම්බන්ධ දැනුම හැම මිනිහෙක්ටම අවශ්‍යයි. ඒ දැනුම විසින් ජීවිතයට ලොකු ආලෝකයක් ගේනවා. නිදසුනක් විදිහට අපි හිතමු ඔබට කිසියම් ලෙඩක් හැදුනා කියලා. එතකොට ඔබ විද්‍යාව දන්න කෙනෙක් නම් ඔබ කරන්නෙ වෛද්‍යවරයෙක් හමුවෙලා ලෙඬේට ප‍්‍රතිකාර ගන්න එක. එහෙම නැත්නම් ඔබ අවිද්‍යාව නම් විශ්වාස කරන්නේ මොකද්ද වෙන්නේ. කට්ටඩියෝ පස්සේ යයි, දෙහි කපයි, තොයිල් නටයි, අන්තිමේ අතේ තියෙන මුදලත් නැතිකරගෙන අසනීපයත් වැඩිවෙලා මැරිල යයි. ඉතිහාසෙ අපි හිතාගෙන හිටියා මිනිහෙක්ගෙ ජීවිතේ තීරණය වෙන්නේ ග‍්‍රහ තාරකාවලට අනුව, එහෙම නැත්නම් මොකක් හරි අදුෂ්‍යමාන බලයකට අනුව කියලා. හැබැයි විද්‍යාව විසින් ඔප්පු කරල තියෙනවා ඒක එහෙම නෙවෙයි කියලා. ජීවිතේ කොන්දේසි පාලනය කළ හැකියි කියලා. මිනිහෙක්ට තමන්ගේ ජීවිතය හොඳ අන්තයකට රැුගෙන යන්න ඒ දැනුම අවශ්‍යයි. ගණිතය කියන දැනුම අපට අවශ්‍ය නැද්ද? අපි කවුරුත් ගණිතය දන්නේ නැත්නම් මොකක් වෙයිද? ගණිතය ගැන ඉතාමත් සරල දැනුම එකතු කිරීම්, අඩුකිරීම් නැති වුණොත් කඬේකට ගිහින් බඩුවක් මිලදී ගන්නවත් අද බෑ. දැන් මේ විදිහට හැම විෂයක්ම සම්බන්ධ දැනුම අපේ ජීවිතවලට  ඕනි. අපි හිතමු කලාව අපට  ඕනි නැද්ද? කලාව රසවිඳීම තුළින් මිනිහෙක්ගෙ ජීවිතේට ලැබෙන ආලෝකය වෙන දේකින් ගන්න බෑ. ඒ නිසා කලා කෘතියක් රස විඳින්න පුළුවන් දැනුමක් හැම කෙනාටම අවශ්‍යයි. ක‍්‍රීඩාව ගත්තත් එහෙමයි. දේශපාලනය විසින් අද ජීවිතේ සියල්ල තීරණය කරනවා. ඒ නිසා දේශපාලනය පිළිබඳ දැනුම නැතිව ජීවිතය සම්බන්ධ කාලකණ්ණි අත්දැකීම් වෙනස් කරන්න බෑ. ආර්ථික විද්‍යාව දැනගෙන සිටීම වැදගත්. නැත්නම් බොරු සංඛ්‍යා විජ්ජා දාලා ජනතා අයිතීන් කොල්ලකන්න, අපිව සූරාකෑමට ලක්කරන්න පාලකයන්ට ලේසියි. අපි ආර්ථික විද්‍යාව නොදන්න නිසා තමයි, අපි කර්මාන්ත ශාලාවල දිනපතා දාස් ගණන් උපයද්දි ඉතාමත් සොච්චම් වැටුපක් දීල අපෙන් වැඩගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා අපි ඉගෙනගන්න හැම විෂයක්ම කියන්නේ ජීවිතයට අවශ්‍ය දේවල්. මේ විෂයන් සම්බන්ධ දැනුම ගලාගෙන නොගියොත් සමාජය ඉදිරියට යන්නෙ නෑ. 
දියුණු රස වින්දනයක් සහිත, පුළුල් සංස්කෘතික දැක්මක් තියෙන, ඒ වගේම මානව දයාවෙන් පිරිච්ච මිනිස්සු නිර්මාණය වෙන්න අධ්‍යාපනය අවශ්‍යයි. අපි දන්නවා පුද්ගලයා තුළ උසස් කලා රස වින්දනයක් වර්ධනය කරන්න නම් අධ්‍යාපනයක් අවශ්‍යයි. විද්‍යාවේ, කලාවේ, දර්ශනයේ, දේශපාලනයේ, ආර්ථිකයේ දියුණුව සංවර්ධනය නිකන් වෙන්නේ නෑ. අපි හිතනවා ඒ සඳහා ඒ විෂයන් පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් තිබිය යුතුයි. අපි දන්නවා අපරාධවලට පෙළඹීම වුණත් වැඩි ප‍්‍රවනතාවයක් තියෙන්නේ නූගත් ජන කොටස් අතර කියලා. ඒ නිසා තමයි එක පාසලක් වහද්දි හිරගෙවල් 10 ක් ඇරෙනවා කියලා කියන්නේ. 
දැන් අපි මේවා කියද්දි කෙනෙක් අපෙන් අහන්න බැරි නෑ අද අධ්‍යාපනය ඔය අරමුණින් ද ක‍්‍රියාත්මක වෙන්නෙ කියලා. අධ්‍යාපනය කියන්නේ රාජ්‍යයේ දෘෂ්ඨිමය මෙවලක් මිසක් ඔය කියන සමාජ අරමුණු වෙනුවෙන් භාවිතා වෙන එකක් නෙවෙයි නේද කියලා කෙනෙක් අහන්න බැරි නෑ. ඔව් අද පවත්නා අධ්‍යාපනය එහෙම තමයි. ඒක තුළ අධ්‍යාපනයක් තුළින් අපේක්ෂා කළ යුතු පුද්ගල හෝ සමාජීය අරමුණු ඉටුවෙන්නෙ නෑ. හොඳ අධ්‍යාපනයක් කියන්නේ විචාරයට නිර්මාණශීලීත්වයට ඉඩ දුන් එකක් විය යුතුයි. එහෙම අධ්‍යාපනයක් දරුවන්ගෙ ඔළුවලට පැරණි විෂය කරුණු අවිචාරයෙන් පුරවන එකක් නෙවෙයි. ඒ වෙනුවට සියලූම විෂයන් දිහා විචාරයෙන් යුතුව බලල හරිදේ රැුගෙන යන්නත් වැරදි දේ බැහැර කරන්නත් පුහුණු කළ යුතුයි. එවැනි අධ්‍යාපනයක් කියන්නේ ගුරුවරයා සර්ව සම්පූර්ණයි කියල හිතල, ශිෂ්‍යයින් ප‍්‍රශ්න කිරීමකින් තොරව ගුරුවරු කියන දේ පිළිගන්න බලකරන එකක් නෙවෙයි. ඒ වෙනුවට ප‍්‍රශ්න කරන, වාද විවාද කරන, කටපාඩම් කිරීම වෙනුවට හැදෑරීමට අධ්‍යයනට බර තබපු එකක් තමයි හොඳ අධ්‍යාපනයක් කියන්නේ. හැබැයි එවැනි අධ්‍යාපනයක් පවත්නා සමාජයට ගැලපෙන්නේ නෑ. ඒ කියන්නේ ධනවාදයට අවශ්‍ය ප‍්‍රශ්න කරන මිනිස්සු නෙවෙයි. සියල්ල කරබාගෙන බාරගන්න අය විතරයි. පාසල්වල විතරක් නෙවෙයි අද විශ්වවිද්‍යාලවල පවා තියෙන්නේ මේ තත්ත්වය තමයි. ගුරුවරයා සහ ශිෂ්‍යා අතර තියෙන්නෙ වහල් සම්බන්ධයක්. 80% දේශන අනිවාර්ය කිරීමේ ප‍්‍රතිපත්තිය තුළ තියෙන්නෙත් මෙන්න මේ සම්බන්ධය පවත්වාගෙන යාමේ වුවමනාව ප‍්‍රකාශවීමක්. ඒ ගැන අපි පුදුම වෙන්නේ නෑ. මොකද ධනවාදී සමාජයක් තුළ අධ්‍යාපනයේ ප‍්‍රධාන අරමුණක් වන වහල් ශ‍්‍රමිකයන් නිර්මාණය කරගන්න නම් එවැනි ක‍්‍රමයක් අවශ්‍යයි. ඒ වගේම තමයි සියලූ සමාජ අසාධාරණකම් විඳ දරාගන්න නම් කිසිවක් ප‍්‍රශ්න නොකරන, හැමදේම බාරගන්න විදිහේ පෞරුෂයන් හැදිය යුතුයි. 
පවත්නා අධ්‍යාපන ක‍්‍රමය තුළ පවතින මෙවැනි පංති අරමුණු අපි බැහැර කරන්නේ නෑ. නමුත් මේ සියල්ල තිබියදී පවා මේ විෂයන් තුළ පවතින වටිනාකම් අගයන් අපි වටහා ගත යුතුයි. අපේ අරගලය විය යුත්තේ මෙවැනි අධ්‍යාපනයක් වෙනුවෙන් නෙවෙයි. ඒ ගැන අපිට විවාදයක් නෑ. හැබැයි එහෙම කියලා දැන් මේ පවතින ටිකත් විකුණන්න ඉඩ දුන්නොත් අපිට වඩා හොඳ අධ්‍යාපනයක් වෙනුවෙන් අරගල කරන්නවත් කිසිවක් ඉතිරිවෙන්නේ නෑ. ඒ නිසා අධ්‍යාපනය විකිණීමට එරෙහි අරගලය, එතැනින් අවසන් නොකර ප‍්‍රශස්ත අධ්‍යාපනයක් දිනාගැනීම දක්වාම රැුගෙන යා යුතුයි. 
අධ්‍යාපනය තුළින් විය යුත්තේ ජීවත්වෙන්න අවශ්‍ය මේ දැනුම ලබාදෙන එක. මේ දැනුම කෙනෙක්ට දෙන්නෙක්ට නෙවෙයි හැමෝටම අවශ්‍යයි. හැබැයි ඒ දැනුම ලබාගැනීම මුදල මත නම් තීරණය වෙන්නේ, එතකොට ඒ අවස්ථාව ලැබෙන්නේ මුදල් ගෙවිය හැකි අතලොස්සකට විතරයි. අපි එයට ඉඩ නොදිය යුතු අතර අධ්‍යාපනයේ සම අයිතිය වෙනුවෙන් සටන් වැදිය යුතුයි.
අනිත් වැදගත්ම කාරණය තමයි, අපි ඉපදුනේ කොහේද, කොහොමද, කොයිවිදිහට ද, කියන කාරණා අදාළ කරගන්නේ නැතිව මේ මහපොළවෙ ඉපදෙන කාටත් තමන්ගේ අනාගතය කොයි වගේ විය යුතු ද කියන එක තීරණය කරන්න අයිතියක් තිබිය යුතුයි. ඔබ අනාගතයේ මොන ක්‍ෂේත‍්‍රය තුළ ද ඉස්සරහට යන්නේ, මොකද්ද කරන රැුකියාව මේවා තීරණය කරන්න අයිතියක් අපට තියෙන්න අවශ්‍යයි. හැබැයි ඒ අයිතිය තීරණය වෙද්දී අධ්‍යාපනය ඉතාමත් තීරණාත්මකයි. අධ්‍යාපනය මුදලට නම් තීරණය වෙන්නේ, ඇතැම් විෂයන් ඒ කියන්නේ අධික මිල ගණන් යටතේ විකිණෙන විෂයන් ඉගෙනගන්න හම්බවෙන්නේ ඉතාම සුළු පිරිසකට විතරයි. වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, නීතිය, මේ වගේ ඉහළ වැටුප් සහිත වෘත්තීන් සහිත අධ්‍යාපනය මිල අධික වෙන එක වළක්වන්න බෑ. සාමාන්‍ය ජනතාවට කවදාවත් එවැනි විෂයන් ඉගෙනගන්න වෙන්නේ නෑ. එතකොට වෙන්නේ මොකද්ද පැරණි රදල ක‍්‍රමය වගේ එකක් ආයෙත් ස්ථාපිත වෙනවා. ගොවියගෙ දරුවා ගොවියා, ධීවරයගෙ දරුවා ධීවරයා මේ විදිහට තමයි සමාජයේ වෘත්තීන් බෙදී යාම සිද්ධ වෙන්නේ. නිදහස් අධ්‍යාපනය හරහා මේ ක‍්‍රමය යම් පමණකට වෙනස් වුණා. ගොවියගෙ දරුවටත්, වතු කම්කරුවගෙ දරුවටත් වෙනස්කමකින් තොරව තමන් කැමති විෂයක් ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණා. මේ නිසා තමයි නිදහස් අධ්‍යාපන පනත සම්මත වුණාට පස්සේ මාටින් වික‍්‍රමසිංහ මහතා කිව්වේ බමුණු කුලය බිඳවැටුණා කියලා. දැන් මේ හදන්නේ මොකද්ද? නැවතත් එවැනි තත්ත්වයක් ස්ථාපිත කරන්න. ඒ නිසයි අපි මේවට විරුද්ධ. අපි අහනවා ඔබ කැමතිද එහෙම තත්ත්වයක් ඇති වෙනවට. අකමැති නම් අධ්‍යාපනය විකුණනවට විරුද්ධ විය යුතුයි. 

එදා රදළයෝ එක්කෝ කුළය, නැත්නම් ආගම, ලිංගය ඉස්සරහට දාගෙන අධ්‍යාපනය ලැබීමට සාමාන්‍ය ජනතාවට ඉඩ දුන්නේ නෑ. වහල් සමාජයේදී වහල් හිමියෝ විතරයි අධ්‍යාපනය ලැබුවේ. වැඩවසම් සමාජයේදී රදළ අතලොස්සක් විතරයි. භාරත සමාජේ බ‍්‍රාහ්මන, ක්ෂත‍්‍රිය, වෛශ්‍ය වගේ ඉහළ යැයි සම්මත කුළ වල අයට විතරයි ඉගෙන ගන්න අවස්ථාව තිබුණේ. ක්ෂද්‍රයන්ට ඒ කියන්නේ පහළයැයි සම්මත කුළවල ජනතාවට ඒ අවස්ථාව ලැබුණෙ නෑ. මේ ඉහළයැයි සම්මත කුළවල වුනත් කාන්තාවන්ට අධ්‍යාපන අවස්ථා ලැබුණේ ඉතාම කලාතුරකින් විතරයි. 




පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 01

අවුරුද්දකට උසස් පෙළ විභාගයෙන් 150000ක් පමණ සරසවි ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා. හැබැයි විශ්වවිද්‍යාලවලට බඳවාගන්නේ 25000 කටත් වඩා අඩු සංඛ්‍යාවක් පමණයි. සෑම වර්ෂයකම තවත් ලක්ෂ ගාණකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි වෙනවා. මොවුන් වෙනුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන එකේ ඇති වැරැුද්ද මොකද්ද? 

මේ කරුණු ගැන අපිට කිසිම විවාදයක් නෑ. 2015 වර්ෂයේ උසස් පෙළින් 155457 ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න සුදුසුකම් ලැබුවා. හැබැයි බඳවාගෙන තියෙන්නේ 25000කටත් වඩා අඩු ප‍්‍රමාණයක් පමණයි. තව 130000ට වඩා වැඩි පිරිසක් ඉන්නවා උසස් පෙළ සමත් ශිෂ්‍යයෝ. හැබැයි ඔවුන්ට උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් නෑ. මේ හැමෝටම උසස් අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය අපි පිළිගත යුතුයි. ඒ විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් වැදිය යුතුයි. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල මේ ප‍්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. 

මේ බොහෝ දෙනෙක්ට විශ්වවිද්‍යාලවලට යන්න බැරිවෙලා තියෙන්නෙ ලකුණු ප‍්‍රමාණවත් නැති නිසා නෙවෙයි. විශ්වවිද්‍යාලවලට තේරිච්ච අයයි නොතේරුණ සමහර ශිෂ්‍යයොයි අතරේ ලකුණුවල වෙනස සමහර විට ලකුණක් දෙකක්, නැත්නම් දශමස්ථානයක් වෙන්නත් පුළුවන්. මේ අතර ශිෂ්‍යයෝ ඉන්නවා. ඔවුන්ට විෂයන් තුනටම ් සාමාර්ථ තියෙනවා. හැබැයි ඔවුන් විශ්වවිද්‍යාලවලට බඳවාගන්නෙ නෑ. අපි අහනවා, උසස් පෙළ විභාගයෙන් මීට වඩා ගන්න තියෙන සාමාර්ථය මොකද්ද? 
මොවුන් මේ තැනට එන්න කොයිතරම් නම් වෙහෙස මහන්සි වෙන්න ඇත්ද? උදේ පාන්දරම ඉස්කෝලෙට යන දරුවෝ ආයෙත් ගෙදර එන්නේ හැන්දෑවේ අඳුරත් අරගෙන. උදේට ඉස්කෝලේ, හවස් වරුව, නිවාඩු දවස් ගෙවෙන්නේ ටියුෂන්වලට. මොවුන්ට ජීවිතේ කිසිම විවේකයක් නෑ. ? තිස්සෙ නිදි කිර කිරා, කකුල් වතුර බේසම්වල ඔබාගෙන පාඩම් කරන්න දුක් විඳින හැටි අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඔවුන්ට ළමා කාලයක් නෑ. තාරුණ්‍යයක් නෑ. දරුවො විතරක් නෙවෙයි, දෙමව්පියන් ගත්තත් මේ තත්ත්වය කිසිම වෙනසක් නෑ. දරුවන්ගෙ අධ්‍යාපනයට දරන්න සිද්ධ වෙලා තියෙන බර කොයි වගේද කියල, දෙමව්පියෝ විදහට ඔබට අපි කියන්න  ඕන නෑ. මේ රටේ දෙමව්පියෝ හරි හම්බකරන්න, නොවිඳිනා තරම් දුක් විඳිනවා. ? නිදි මරාගෙන වැඩ කරනවා. පැය 8 ක් වැඩ කරලා ලැබෙන සොච්චමෙන් දරුවන්ගෙ අධ්‍යාපනයට යන පිරිවැය දරාගන්න බෑ. ඒ නිසා හැමදාම පැය දෙක තුනක්  ඕටී (දඩැර එසපැ* කරන්න වෙනවා. 
පෞද්ගලීකරණය ගැන නිතර ඇසෙන ප‍්‍රශ්න සහ පිළිතුරු 6 
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය 

විවේකය ගැන හිතන්නෙ නැතිව, සෙනසුරාදා, ඉරිදා, නිවාඩු දවස් මේ හැමදාම වැඩ කරන්න වෙනවා. එහෙම කරලා, උපයන හැම තඹ සතයක්ම වියදම් කරන්නෙ මොකටද? දරුවන්ට. ඔවුන්ගේ අධ්‍යාපනයට. අපිට අහන්න තියෙන ප‍්‍රශ්නය තමයි, දෙමාපියොයි, දරුවොයි දෙගොල්ලොම ඒ තරම් කැපකිරීම් කරලා උසස් පෙළින් විෂයන් තුනටම ් සාමාර්ථ ගත්තත් විශ්වවිද්‍යාලයකට යන්න බැරිනම් මොකද්ද ඒ දරුවන්ට තියෙන අනාගතය. මේ නිසා ඔවුන්ට මේ සමාජය ගැන වෛරයක් ඇති වෙන එක වළක්වන්න බෑ. අන්තිමේ හැම බලාපොරොත්තුවක්ම ඉවරයි කියලා හිතලා, ඇතැම් ශිෂ්‍යයෝ සියදිවි හානිකරගන්න තැනට පවා වැටෙනවා. 
අපි අහනවා ඔබෙන්, කවුද ඔබේ දරුවට මේ අසාධාරණය කළේ? කවුද ඔවුන්ව මෙතැනට ඇදල දැම්මේ? ඇයි ඔවුන්ට විශ්වවිද්‍යාලයකට යන්න බැරි? සුදුසුම් නැති නිසාද? නැත්නම් කරුමෙද? පවද? දෙවියන්ගෙ කැමැත්තද? ඔබට අවශ්‍ය නම් මේ මොකක් හරි එකක් කියලා හිතලා හිත හදාගන්න පුළුවන්. හැබැයි අපි හිතනවා, ඔබේ දරුවට මෙවැනි ඉරණමක් අත්වෙන්න හේතුව මේ එකක්වත් නෙවෙයි. 

ප‍්‍රශ්නෙ තමයි විශ්වවිද්‍යාලවලට බඳවාගන්නේ 25000යි. මොකද දැන් තියෙන විශ්වවිද්‍යාලවල ඊට වඩා ශිෂ්‍යයෝ බඳවාගන්න ඉඩ පහසුකම් නෑ. ඒ නිසා හරි පැහැදිලියි උසස් පෙළ විභාගයට ලියන සියලූම ශිෂ්‍යයෝ සියලූම විෂයන්ට ‘‘ඒ’’ සාමාර්ථ අරගෙන සමත් වුණත් බඳවාගන්න පුළුවන් 25000ම තමයි. ඉතින් අපි අහනවා ඔබෙන්, ඔබේ දරුවට යන්න විශ්වවිද්‍යාලයක් නැති එකට කවුද වැරදි? අන්තරේද?

දැන් හු`ගක් අය අහනවානෙ අපෙන්, මේ දරුවෝ ඉගෙනගන්න එපාද කියලා. අපි ඔබෙන් අහන්න කැමතියි, ඒ ප‍්‍රශ්නය අහන්න  ඕන අපෙන් ද නැත්නම් ආණ්ඩුවෙන් ද? රටේ දරුවන්ගෙ අනාගතය ගැන හිතන එක රජයේ වගකීම. ඒක කරන්න  ඕන ආණ්ඩුව මිසක් අපි නෙවෙයි. ඒක නොකරනව නම් අපිට සිද්ධ වෙනවා, ආණ්ඩුවට බල කරන්න, අපිට ඉගෙනගන්න දෙන්න කියලා. ආණ්ඩුවට  ඕනකමක් තියෙනව නම් මේ ප‍්‍රශ්නය විසඳන්න බැරි නෑ. විශ්වවිද්‍යාලවලට ප‍්‍රතිපාදන වැඩි කරලා, පහසුකම් පුළුල් කරා නම්, දැනට තියෙන විශ්වවිද්‍යාලවලට අමතරව අළුතෙන් විශ්වවිද්‍යාල පටන්ගත්තා නම් මේ ප‍්‍රශ්නය එන්නෙ නෑ. මේ හැමෝටම ඉගෙනගන්න අවස්ථා හදන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවට දැනට වෙන් කරන ප‍්‍රතිපාදනත් කපලා විශ්වවිද්‍යාල වහන්න හදද්දි, ඉඩ තියෙන ප‍්‍රමාණයටවත් බඳවා නොගද්දි මෙවැනි තත්ත්වයක් ඇති වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ නිසා අපේ දරුවොත් ඉගෙනගත්තම මොකද කියල අන්තරෙන් අහල වැඩක් නෑ. අපි ඔක්කොම ඒක ආණ්ඩුවෙන්, පාලකයන්ගෙන් අහමු. මොකද ඔවුන් තමයි මේවට වගකියන්න  ඕන. 
දැන් මෙන්න මේ ප‍්‍රශ්නයට තමයි ආණ්ඩුව කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල අරින්න  ඕන කියලා. එතකොට අන්න ඒකට විරුද්ධවෙන අය, අන්තරේ, වමේ පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් ක‍්‍රියාකාරිකයින් මේ කාට වුණත් අන්තිමේ ද්‍රෝහී ලේබලය ඇලවෙන එක වළක්වන්න බෑ. මේ රටේ හැම දරුවෙක්ටම මුදල් ගෙවීමකින් තොරව, හොඳ අධ්‍යාපනයක් ලබාගැනීම වෙනුවෙන් පෙනී ඉන්න අපි ද, නොමිලේ ලබාදිය හැකි අධ්‍යාපනයටත් මිලක් නියම කරලා, ධනපතියො කීප දෙනෙක්ට අධ්‍යාපනයත් විකුණන්න අවස්ථාව හදලා, අධ්‍යාපනය හරහාත් මේ රටේ ජනතාව කොල්ලකන්න හදන අය ද සැබෑ ජනතා ද්‍රෝහීන් කියන එක ඔබ තීරණය කළ යුතුයි. 
අධ්‍යාපනය විකුණනවට අපි විරුද්ධයි. හැබැයි සමහරු කියන්න උත්සාහ කරනවා වගේ අපි විරුද්ධ වෙන්නේ උසස් පෙළ සමත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලයක් දෙන්න හදනවට නෙවෙයි. අපි ඉල්ලන්නෙත් මේ ශිෂ්‍යයින් සරසවියට බඳවාගන්න.. ඔවුන්ටත් ඉගෙනගන්න දෙන්න.. අපි ඒකට විරුද්ධ නෑ. හැබැයි එහෙම කියලා පෞද්ගලික විශ්වවිද්‍යාල දානවට අපිට එකඟවෙන්න බෑ. 
මොකද අපි මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ වෙන්නෙ මේ ප‍්‍රශ්නයට උපාධි කඩ අරින එක උත්තරයක් නොවෙන නිසයි. මේ අරින උපාධි කඩවලට උසස් පෙළ සමත් වුණා කියලා ඔබේ දරුවට යන්න බෑ. මේවට බඳවාගැනීමේ මූලික සුදුසුකම උසස් පෙළ සමත්වීම නෙවෙයි. අයකරන ගාස්තු ගෙවන්න පුළුවන් ද කියන එක. ඒ නිසා ගෙවන්න බැරි කාටවත් මේවගෙ ඉගෙනගන්න තියා පස් පාගන්නවත් අවස්ථාව ලැබෙන්නේ නෑ. 
නිදසුනක් විදිහට, ඔබ නිකමට හිතන්න ඔබේ දරුවා උසස් පෙළ ඉහළින්ම සමත්. විද්‍යා අංශයෙන් සියලූම විෂයන්ට ් සාමාර්ථ ලබාගත්ත කියලා. කොහොම හරි ලකුණක් දෙකක් මදිවෙලා රජයේ විශ්වවිද්‍යාලවල කිසිම වෛද්‍ය පීඨයකට යන්න බෑ. ඒ ලකුණු මදි නිසා නෙවෙයි. මේ පීඨවල ඉඩ පහසුකම් මදි නිසා. දැන් ඔන්න මාලඹේ සයිටම් එක තියෙනවා. ඒක පටන්ගත්තේ ඔබේ දරුවා වගේම උසස් පෙළ සමත්, රජයේ ඒවට යන්න බැරි අයට යන්න කියලනේ. දැන් අපි අහන්න කැමතියි, ඔබේ දරුවට මාලඹේ සයිටම් එකට ගිහින් වෛද්‍ය වරයෙක් වෙන්න පුළුවන් ද? ඔබ කම්කරුවෙක් නම් ඔබේ මාසික ආදායම කීය ද? උපරිම වුණොත් රු. 30000 ක් වෙයි. ඉතින් ඔබට පුළුවන් ද ඒ වැටුපෙන් ලක්ෂ 120 ක් ගෙවලා ඔබේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න.. සාමාන්‍ය රජයේ සේවකයෙක්ට, පෞද්ගලික අංශයේ සේවයෙක්ට, ගොවියෙක්ට, ධීවරයෙක්ට පුළුවන් ද ඔවුන්ගෙ දරුවෝ සයිටම් එකට යවන්න. ලක්ෂ 120 ක් ගෙවන්න මේ කාටවත් පුළුවන් කියලා 
අපි හිතන්නේ නෑ. 
අපි හිතමු ඔබ වැඩ කරන්නෙ මාස් හෝල්ඩින් කම්පැණි එකේ කියලා. මේක ඇඟළුම් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ සමාගමක්. ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන්වන විදිහට, මේ සමාගමේ සේවක සේවාවිකාවෝ 79000 ක් පමණ සේවය කරනවා. මේ පිරිසෙන් වැඩිම පිරිස සමාන්‍ය වෙළඳ සේවක සේවිකාවෝ කියන එක හරි පැහැදිලියි. මොවුන්ගේ අවම වැටුප 15000 යි. කම්කරු නීතිවලට අනුව සතියකට කරන්න පුළුවන් උපරිම අතිකාල සේවා ප‍්‍රමාණය පැය 12 යි. මේ පැය 12ත් කරලා, හැමදාම ඇවිත් ඒ කියන්නේ මළ ගෙදරක්, ම`ගුල් ගෙයක්, තමන්ගෙ දරුවගෙ පාසලේ රැුස්වීම මේ ඔක්කොම අත ඇරල වැඩට ඇවිත් පැමිණීමේ දීමනාවයි, හොඳටම වහලෙක් වගේ වැඩකරාම හම්බවෙන තරුයි ඔක්කොම අරගෙන අන්තිමේ 25000 - 28000 ක් අතර වැටුපක් ගන්න පුළුවන්. මේ ටිකක් හොඳයි කියලා සමහරු හිතාගෙන ඉන්න ගාමන්ට් පැක්ටරි එකක තත්ත්වය. අනෙකුත් ඒවගෙ තත්ත්වය මීටත් වඩා අන්තයි. මුළු මාසයක් වැඩකරත් රු. 25000 ක් ගන්න බෑ. ඇතැම් ඒවගෙ කම්කරුවෝ අතිකාල පැය 30 - 40 ක් විතර වැඩ කරලත් 30000ක් ගන්න බෑ. සතියකට පැය 30ක්  ඕ.ටි කරා කියලා හිතුවොත් දවසකට පැය 3 ක් 4 ක් පැය 8ට අමතරව වැඩ කරල, සෙනසුරාදා ඉරිදා, නිවාඩු දවස් මේ හැමදාම වැඩ කරල තමයි මේ සොච්චම් පඩිය ගන්න පුළුවන්. ගාමන්ට් පැක්ටරි 280 ක, මේ විදිහට වැඩකරන කම්කරුවෝ 375000 ක් විතර ඉන්නවා. ඔබ හිතනව ද මේවගේ කම්කරුවෙක්ට තමන්ගෙ දරුවා ලක්ෂගාණක් ගෙවල උගන්වන්න පෞද්ගලික විශ්වවිද්‍යාලවලට දාන්න පුළුවන් කියලා. අඩුම තරමේ මෙවැනි කම්කරුවන්ට මේ ලැබෙන සොච්චමෙන් මාසෙ අවම නඩත්තුව වත් කරගන්න බෑ. හැබැයි මේවගෙ අයිතිකාරයන්ට පුළුවන් ඔවුන්ගේ දරුවෝ මේවට යවන්න. ආණ්ඩුව කා වෙනුවෙන් ද පෞද්ගලික විශ්වවිද්‍යාල අරින්නේ. ගාමන්ට්වල වැඩකරන 375000ක් වෙච්ච කම්කරුවො වෙනුවෙන් ද? නැත්නම් මේ සියලූ කම්කරුවන්ගෙ ශ‍්‍රමයේ වටිනාකම් කොල්ලකන ධනපතියො කීපදෙනා වෙනුවෙන් ද කියන එක හරි පැහැදිලියි. 
ලංකාවෙ වතු කම්කරුවො ඉන්නවා 193000ක්. මොවුන්ගේ දෛනික වැටුප කීයද? රු. 500 ක් වත් නෑ. මාසෙකට ලැබෙන්නේ දින 30ම වැඩ කරත් රු. 15000 යි. එක දවසක් හරි නිවාඩු ගත්තොත් මේ ගාන ලැබෙන්නෙත් නෑ. අපි අහනවා මොවුන්ට පුළුවන් ද ඔවුන්ගේ දරුවෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවන්න. වතු සමාගම් තියෙනවා 26 ක්. 22 ක් පෞද්ගලික අංශයේ, 4 ක් ආණ්ඩුවේ. අන්න මේවගෙ අයිතිකාරයන්ටයි, කළමනාකරුවෝ තුන්හතර දෙනෙක්ටයි පුළුවන් තමන්ගේ දරුවො මේ අරින පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවන්න. එහෙම නැතුව වතුකම්කරුවන්ට නම් බෑ. ආණ්ඩුව 193000ක් වතුකම්කරුවන්ගෙ දරුවන්ට යන්න හරිහමන් පාසලක්වත් හදන්නේ නැතිව වතු කොම්පැනි හිමිකරුවො කීපදෙනෙක් වෙනුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල අරිනවා. වතුකම්කරුවන්ට විතරක් නෙවෙයි ගොවියගෙ, ධීවරයගෙ තත්ත්වය ගත්තත් මීට වැඩි වෙනසක් නෑ. ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 20 ක් පමණ ඉන්නේ ගොවියෝ. මේ ප‍්‍රමාණෙන් වැඩි ප‍්‍රමාණයක් ඉන්නේ වී ගොවියෝ. වී ගොවියන්ගෙන් 90 ක්ම අක්කර 2 ක් විතර වගා කරන අය. අක්කර 2 ක හොඳටම ගොයම් පැහුණොත් වී කිලෝ 5000 ක් ගන්න පුළුවන්. අපි හිතුවොත් වී කිලෝ එකක් රු. 40ට දුන්න කියලා (මේ ගාන කවදාවත් ලැබෙන්නේ නෑ* ලක්ෂ 2 ක් ගන්න පුළුවන් වෙයි. මේ ආදායම ගන්න වියදම යනවා 90000 ක් 100000 ක් විතර. අපි හිතුවොත් ට‍්‍රැක්ටරයක් තියෙන ගොවියෙක් කියලා, එහෙම වුණත් 80000ක් විතර යනවා. එතකොට ලාභය කීයක් ගන්න පුළුවන් වෙයි ද? උපරිම වුණොත් ලක්ෂයක් ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මාස 6 කට තමයි ලක්ෂය. මාසෙකට කීයද, 20000ක වත් ආදායමක් නෑ. අපි අහනවා මේ රටේ ගොවි ජනතාවගෙන් ඔබට පුළුවන් ද ඔබේ දරුවා ලක්ෂ 120 ක් දීල මාලඹේට නෙවෙයි අඩුම තරමේ ලක්ෂයක් දෙකක් ගෙවන විශ්වවිද්‍යාලයකටවත් දාන්න. අපි හිතුවොත් අල වගාකරන ගොවියෙක් ගැන. සාමාන්‍යයෙන් අල ගොවියො වැඩ කරන්නෙ අක්කරයයි. නැත්නම් අක්කර භාගයයි. අක්කරයක් වැඩ කරන ගොවියෙක් කියලා අපි හිතුවොත්, අක්කරයකට අල කිලෝ 800ක් විතර හැදෙනවා. හොඳටම අස්වැන්න තිබුණොත් බීජ අල කිලෝ එකකකට අල කිලෝ 8 - 10 ක් ගන්න පුළුවන්. හැබැයි මේ ගාන එන්නෙ කලාතුරකින් තමයි. මේ කාලෙ කිලෝ එකකට අල කිලෝ 4 කවත් අස්වැන්නක් නෑ. අපි හිතුවොත් බීජ අල කිලෝ එකකට කිලෝ 5 ක අස්වැන්නක් තිබුණ කියලා, එතකොට අස්වැන්න අල කිලෝ 4000 යි. අල කිලෝ එකක් රු. 80 ට දුන්න කියල හිතුවොත් (හැබැයි අපි දන්නවා අල කිලෝ එක 50ටවත් දෙන්න බැරි වෙලාවල් තියෙනවා* ගන්න පුළුවන් ආදායම 320000යි. බීජවලට විතරක් ලක්ෂයකට වඩා යනවා දේශීය බීජනම්. ආනයනික බීජ ගත්තොත්, 150000ක් වත් යනවා. තෙල් බෙහෙත් පොහොර, මේ ඔක්කොම එක්ක ගත්තම 260000ක් විතර යනවා වියදම විතරක්. එතකොට ලාභයක් කියල ලැබෙනව නම් ලැබෙන්නෙ කීය ද කන්නයකටම 170000 යි. එතකොට අල ගොවියට මාසෙකට 30000 ක් වත් ගන්න බෑ. එළවළු පළතුරු මේ මොනදේ වගා කරන ගොවියව ගත්තත් මේක තමයි පොදු තත්ත්වය. අපි අහනවා මාසෙකට 30000කවත් ආදායමක් නැති මොවුන් කාට ද පුළුවන් ලක්ෂ ගණන් දීල ඔවුන්ගේ දරුවන්ට උගන්වන්න. 
ඒ විතරක් නෙවෙයි රජයේ, පෞද්ගලික අංශයේ හා අනෙකුත් වෘත්තීන් කරන අයගේ තත්ත්වය ගත්තත් මීට වැඩි වෙනසක් නෑ. ගුරු වෘත්තියේ ඉහළම වැටුප ඒ කියන්නේ ‘‘ඒ’’ ශ්‍රේණියේ ගුරුවරයෙක්ට ලැබෙන්නෙත් 42000 - 43000 ක් අතර වැටුපක්. සාමාන්‍ය ගුරුවරයෙක්ට 32000කට වැඩිය ගන්න බෑ. ඒ ශ්‍රේණියේ ගුරුවරයෙක්ටවත් පගා ගැහුවෙ නැත්නම් තමන්ගේ දරුවෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යවන්න බෑ. ඒ විතරක් නෙවෙයි අනෙකුත් සාමාන්‍ය රජයේ සේවකයෝ සැලකුවත් මාසෙකට රු. 40000ක් ගනියි උපරිම වුණොත්. කුලී වැඩ කරන, ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ වැඩ කරන, බස් රියදුරන්ගේ, කොන්දොස්තරලගෙ, සාප්පු හා කාර්යාලවල මාසෙකට දහ පහළොස් දාහක සොච්චම් වැටුපකට වැඩ කරන මේ කාගේ වුණත් ආර්ථික තත්ත්වය මේකම තමයි. 
ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව ජනගහනයෙන් 42%ක්ම දෛනිකව ලබන්නෙ ඇමරිකන් ඩොලර් 3කට වඩා අඩු ආදායමක්. ඒ කියන්නෙ දවසකට රු. 500ක් වත් ලැබන්නෙ නෑ. මේ තමයි රටේ ජනගහනයෙන් 90%කම ජීවිතවල සැබෑ තත්ත්වය. ඉතින් අපි අහනවා මේ කාටද පුළුවන් මිලියන ගණන් දීල දරුවන්ට උගන්වන්න. ඔබ මේ කුමන තරාතිරමක කෙනෙක් වුණත් ඔබට මේ ඉදිවන පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉඩක් නෑ. ඔබේ දරුවට විෂයන් තුනටම ඒ සාමාර්ථ තිබුණා වුණත් මාලඹේ සයිටම් එකට ඔබේ දරුවා යවන්න බෑ
මොකද ඔබට ලක්ෂ 120 ක් හොයන්න බෑ. නමුත් ඔන්න ඔබ වැඩ කරන කම්පැණි එකේ ලොක්කගෙ දරුව ඉන්නවා. එයාට වැඩ තුනටම සාමන්‍ය සාමාර්ථ (s) තියෙන්නේ. නැත්නම් වැඩ තුනම ෆේල්. හැබැයි එයාට පුළුවන් ලක්ෂ 120 ක් ගෙවන්න. ඉතින් අන්න එයා සයිටම් එකට යනවා වෛද්‍යවරයෙක් වෙන්න, ඔබේ දරුවට වඩා අඩු සාමාර්ථ තිබිලත්. හැබැයි ඔබේ දරුවට ඉහළම සාමාර්ථ තිබිලත් යන්න බෑ. දැන් අපි දන්නවා බස් ඩ‍්‍රයිවර්ලගෙ, කොන්දොස්තරලගෙ දරුවො ඇති  ඕන තරම් උසස් පෙළ සමත් වෙච්ච හැබැයි සරසවි යන්න බැරි. ඒ කවුරුවත් මාලඹේට ගිහින් නෑ. හැබැයි බස් ගැමුණුගෙ දරුවා මාලඹේට යනවා. අපි මේ කියන්නෙ ගාමන්ට්, වැවිලි මේ මොන ක්‍ෂේත‍්‍රයේ වුණත් සමාගම් අයිතිකාරයන්ගෙ දරුවො හරි බස් ගැමුණුගෙ දරුවො හරි ඉගෙනගන්න එක වැරදියි කියන එක නෙවෙයි. ඔවුනුත් අධ්‍යාපනය ලැබිය යුතුයි. හැබැයි ඔවුන් විතරක් නෙවෙයි, මේ රටේ හැම දරුවෙක්ටම ඒ අවස්ථාව තිබිය යුතුයි. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්නේ මේ අතලොස්සක් වෙච්ච ලක්ෂ 120 ක් ගෙවන්න පුළුවන් පිරිසක් සහ අධ්‍යාපන කඩ දාල ලාභ උපයන්න පුළුවන් ධනපතියො වෙනුවෙන් මිසක් පොදු ජනතාව වෙනුවෙන් නෙවෙයි. ඒ කියන්නෙ මේකෙන් උසස් පෙළ සමත් වෙච්ච ඒත් සරසවි යන්න බැරි අයට සරසවි යන්න ඉඩ ලැබෙනවා කියන එක මිථ්‍යාවක් විතරයි. 
උසස් පෙළ සමත් කාටත් උපාධියක් ගන්න පුළුවන් තත්ත්වයක් හදන්න නම් අවශ්‍ය ඒකට තියෙන්නෙ එක උත්තරයයි. ඒ තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පුළුල් කරලා, අලූතෙන් තව විශ්වවිද්‍යාල පටන්ගෙන බඳවාගැනීම් වැඩි කරන එක. හැමෝටම උසස් අධ්‍යාපනට ඉඩකඩ හදන එක. ඉතින් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි, ඔබ තීරණය කරන්න ඔබ මෙතනින් මොකක් වෙනුවෙන් ද පෙනී ඉන්නෙ කියලා. උසස් පෙළ සමත් වැඩි පිරිසකට සරසවි යන්න බැරි ප‍්‍රශ්නයට උත්තරය, පෞද්ගලික විශ්වවිද්‍යාල නෙවෙයි. ඒක ව්‍යාජ විසඳුමක්. රැුවටීමක් විතරයි. ඒ නිසා අපි කළ යුත්තේ අධ්‍යාපනය මුදලට තීරණය කරන උපාධි කඩ දාන එක වෙනුවෙන් පෙනී ඉන්න එක නෙවෙයි. ඒකට විරුද්ධ වෙන එක. විරුද්ධ වෙන ගමන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කරන බඳවාගැනීම් වැඩිකරන්න බලපෑම් කරන එක. නොමිලේ කාටත් පොදු ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් සටන් වදින එක. ඒ ඇර වෙන් උත්තර නෑ. 



මාතලන්, එයාල නඩරාසව මරලා

මාතලන්, එයාල නඩරාසව මරලා

එය මුළින්ම මාධ්‍ය හමුවේ දිග හැරුණේ රිය අනතුරක් ලෙසය. නමුත් එම ස්ථානයේ තිබූ වෙඩි උණ්ඩත් සමග සැගවිය නොහැකි ලෙස එය ඝාතනයක් බව පැහැදිලි විය. මෝටර් බයිසිකල් අනතුරක් පිළිබද ප‍්‍රචාරය, ඝාතනය, සරසවි සිසුන් දෙදෙනෙක් මේ වදන් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ හදවත් මොහොතකට සසළ කරවන ආදරණීය සටන් සගයන් දෙදෙනෙකුගේ වෙන්වීම සිහිකරයි. ඒ ජනක සිසිත ඝාතනයයි. මිලියන විස්සක් සිටින රටක මිනිසුන් දෙදෙනෙක් මියගිහින් ලෙස අපට මේ මරණයන් කාලයේ අවකාශයේ දියව යන්නට දිය හැක. නමුත් ඉතිහාසය තුළ අපිට ඒ පිළිබදව අත්දැකීම් ඇත. රට පුරාවූ අතුරුදහන්වීම් ඝාතන හමුවේ අපිද මුනිවත රැුක්කෙමු. තම ක‍්‍රමයට අභියෝග කරන්නන්ට ධනපති මර්දන යාන්ත‍්‍රණයන් භේද නොමැතිව තම බයිනෙත්තු කට හරවන බව අපට මග ඇරුණි. අවසන ඒ මර්දනයේ හස්තයන් අප පසුපස ලූහුබදින්නට විය. මාතලන්ලා ටොක්කලා ඒ මර්දනයේ අදුරු සෙවණැලි අතර සගවා ගන්නා ලදී. අද යාපනයෙන් එම ඝාතන සංස්කෘතිය බෞතීස්ම ලැබුවහොත් හෙට අපේ දොරටද එය තට්ටු කරණු ඇත. එබැවින් බසයකට බලූ පැටියෙක් යටවී මිය ගියා සේ අනේ අපොයි කියා මනුෂ්‍ය ඝාතනයකට සැහැල්ලූ වන්නට ඉඩදිය නොහැක. ඒ මනුෂ්‍ය ජීවිත වලට හිමි වටිනාකම හිමිකර දිය යුතුව ඇත.
අනෙක් අතින් මේ ඝාතනය සිදුවන්නේ යාපනයේදීය, එසේම ඒ තමිල් සහෝදරයන් දෙදෙනෙක්ය. කෙනෙකුට අසන්නට පුලූවන් දෙමළ මිනිස්සු මැරුණම විතරද දැන් ප‍්‍රශ්නෙ? එයාල විශේෂද වගේ දෙයක්. ඇත්තටම ඔවුන්ට අපට වඩා සුවිශේෂී තත්වයන් ඇත. දශක ගණනාවක් යුද්ධයෙන් පීඩාවට පත් සමාජයක ඔවුන් යුද්ධයෙන් පසුව පරාජිත හැගීමකින් පසුවෙයි. යුද්ධය දකුණේ ජයග‍්‍රහණයක් නොවේ අපි හැමෝගෙම ජයග‍්‍රහණයක් වැනි දේවල් කියමින් අප මොනතරම් හයියෙන් බෙරිහන් දුන්නද ඵලක් නැත. එය ඔවුන්ට පරාජයක් ලෙස දැනෙයිනම්. ජාතිවාදී බෙදුම් ඉරි මත යැපෙන ධනේෂ්වර දේශපාලන න්‍යාය පත‍්‍රයගෙන් ඔබ්බට ගොස් උතුරේත් දකුණේත් පීඩිතයින් එකට එක්ව මෙතෙක් කල් වැරදි දෙසට යොමුවූ සටන තම නිවැරදි සතුරා දෙසට දිශාගත කරන්නට කාලය පැමිණ ඇත. වෙනත් තරුණියක සමග පෙම්කරමින් සිට හසුවී වේදනාවෙන් හඩන තම පෙම්වතියට තමන් ඇයට අවංකව ආදරය කරණ බවට පෙම්වතා කට වචනයෙන් කියූ පමණින් ඇගේ වේදනාව නැතිවී යන්නේවත් ඇයගේ සිතෙහි ඔහු ගැන විශ්වාසයක් ගොඩ නැගෙන්නේවත් නැත. එලෙසට අපිද යාපනයේ තමිල් සහෝදර සහෝදරියන්ට එන්න අපි එකතුවෙලා සටන් කරමු කියූ පමණින් ඔවුන්ට තකහනියේ අප වෙත දිව එන්නට තරම් පිරිසිදු අතීතයක් අපට නැත. එබැවින් ඒ අහිමි කරගත් විශ්වාසය දකුණ දිනාගත යුතුව ඇත. එසේ නොමැතිව යාපනයට යන පාර කාපට් කර අයිස් කීී‍්‍රම් කඩ දැම්මාට ප‍්‍රශ්න විසදෙන්නේ නැත.
එවන් කාල සමයක මෙවැන් ඝාතනයන් තවත් එක් මරණයකට වඩා වැඩි දෙයකි. ඒ මරණයන් මත ජාතිවාදී දේශපාන පිසාචයින් නැගී නොසිටින්නට අප එම අවකාශයන් වෙත නිවැරදිව ප‍්‍රවේශ විය යුතුව ඇත. විශේෂයෙන් ලාංකීය ශිෂය ව්‍යාපාරය ලෙස අපටද එම වගකීම ඇත. ශිෂ්‍ය ව්‍යාපාරයට අදාලව යාපනය තමිල් ජනයාගේ එක්තරා සළකුණකි. යම් යම් සබදකම් පැවතියද, යම් යම් සාමූහික කි‍්‍රයාමාර්ග ගත්තද තාම කැළණියට ජපුරට හෝ වෙනත් විශ්ව විද්‍යාලයකට යාපනය භෞතිකව ඇති කිලෝමීටර් දෙතුන්සීයකට වඩා බොහෝ දුරය. ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපට ඔවුන්ද අපේ කරගත යුතුව ඇත. එයට අපිට කොළඹට වී උතුරට අත වනනවාට වඩා දෙයක් කරන්නට වනු ඇත. සරළව ඔවුන් වෙනස් වන්නටනම් අපද වෙනස් විය යුතුය. යාපනයෙන් කොළඹට නොව කොළඹින් යාපනයට පළමු පියවර එසවිය යුතුව ඇත. ඉතිං අප යාපනය සරසවියේ  සහෝදරයින් දෙදෙනාගේ ඝාතනය හෙළා දකින්නෙමු. ඔවුන්ට යුක්තිය ඉටුවීම වෙනුවෙන් පෙනී සිටින්නෙමු. හුදු උපයෝගීතා අර්ථයේ කණගාටුවකින් විරෝධයකින් ඔබ්බට ගොස් ජනක සිසිත මෙන්ම නඩරාසා හා පුවන්රාජා වෙනුවෙන්ද අපි සසළ වන්නෙමු.

අත්අඩංගුවට ගත් සිසු ක්‍රියාකාරීන්ගේ නිවෙස් වලට පොලිසියෙන්

ඊයේ (08) දිනයේ ගලගමුව ප්‍රදේශයේ දනුවත් කිරීම් වල නිරතව සිටී විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 10 දෙනෙකු ගලගමුව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අනුව මේ වනවිට ඔවුන්ගේන් ප්‍රකාශ සටහ කර ගැනීමෙන් අනතුරුව එළඹෙන 13 වනදා ගලගමුව උසාවියේ පෙනී සිටින ලෙසට ද අවුන්ට නියෝග කර ඇත. මෙසේ අත්අඩංගුවට පත්වූ සහෝදරවරුන් දෙදෙනෙකුගේ නිවෙස් වලට අද(09) පොලිස් නිලධාරීන් ගොස් ඔවුනට තනිව පොලිසියට පැමිනෙන ලෙස දැනුම් දී ඇත.
ප්‍රකාශය සටහන් කරගැනීමේදී ඇඟිලි සලකුණු ඇතුළු ශරීර තොරතුරු පවා  ලබා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත. උසාවියට පැමිනෙන ලෙස දැනුම් දී තිබියදී පවා නැවත නැවත පොලිසිස්ය් මෙලෙස නිවෙස් වලට ගොස් දැනුවත් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැතිව තිබියදී පවා පොලිසිය මෙලෙස කටයුතු කරනුයේ නිවෙස් වලට තර්ජනය කර බියවැද්දීමේ අරමුණෙනි.

රාජ්‍ය විරෝධී වැඩ

විශ්වවිද්‍යාල සහෝදර සහෝදරියන් මේ දින වල සිටින්නේ තමන්ගේ ගම වලය. ඒ විශ්වවිද්‍යාල නිවාඩු නිසා නොව.අධ්‍යාපනය විකිණීමට එරෙහි අරගලය පිලිබඳ ජනතාව දැනුවත් කිරීමට සහ ඊට එරෙහි වීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීම සඳහාය. එම දැනුවත් කිරීම් වල ප්‍රතිපලයක් ලෙස අද(08) වන විට ජනතා උද්ඝෝෂණ 23 ක් සිදු වී හමාරය.
මෙසේ අරගලය ඉදිරියට ගමන් කරද්දී ආණ්ඩුවේ නිල මර්දන යාන්ත්‍රණය සේම නිල නොවන මර්දන යාන්ත්‍රණ හරහා ද මෙකි උත්සාහයට අකුල් හෙලන්නට විය. ආණ්ඩුවේ නොනිල බලවේග වලට මෙම උත්සාහය යනු ආරම්භ කිරීමටත් පෙර කල නොහැක්කක් විය. අන්තරේ ජනතාව අතරට යාම අන්තරේ හුදකලා කිරීමක් ලෙස ඇතැමුන් හැදින්විය. එකී නොකී මෙකි කතන්දර විශාල ප්‍රමාණයක් කියවිණි. මතවාදීව ආණ්ඩුවට සහය දක්වන මෙවැනි කතා අතරතුර ආණ්ඩුවේ නිල මර්දනයද ක්‍රියාත්මක කෙරිණ. ඒ අනුව ගම වලට ගොස් ජනතාව දැනුවත් කරන පිරිස රාජ්‍ය විරෝධීන් ලෙස හංවඩු ගැසීම ආරම්භ වුයේ රජයේ බුද්ධි අංශ නිලධාරීන් ගම වටේ යවමිනි. ඉන් පසු පොලිසිය කෙලින්ම නිවෙස් වලට ගොස් තර්ජනය කරන්නට වුයේ උද්ඝෝෂණ වලට නොයන ලෙසත් එලෙස ගියහොත් එම පුද්ගලයින්  පිලිබඳ ඉහලට තොරතුරු සපයන බවත්ය. අද(08) ගල්ගමුව ප්‍රදේශයේ දැනුවත් කිරීම් සිදු කල සහෝදරියක් හා සහෝදරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය කරුණු දක්වන්නේ අනන්‍යතාව තහවුරු නොකළ බවට චෝදනා කරමිනි. පොලිසියට තොරතුරු දීමෙන් අපේ ආරක්ෂාවට වන්නේ අගතියකි. එ සඳහා  අත්දැකීම් අපට ඕනෑතරම් ඇත. පොලිසියට තොරතුරු දීම ප්‍රතික්ෂේප කිරීමට අපට ඕන තරම් හේතුද ඇත. එසේම ගම වල දැනුවත් කිරීම් සිදු කල සහෝදර සහෝදරියන් දැනුවත් කිරීම් සිදු කලේ අධ්‍යාපනය විකිණීමට විරුද්ධ වීම සම්බන්ධවයි. ආණ්ඩුවට අනුව එය රාජ්‍ය විරෝධී ක්‍රියාවකි. එසේනම් සෞඛ්‍ය විකිණීමට එරෙහි වීමද අයිතීන් ඉල්ලීම රාජ්‍ය විරෝධී ක්‍රියාවන්ය. නමුත් අප සියලු දෙනාට යහපත් ජිවිතයක් ගත කිරීමට නම් සියලු දෙනාට අයිතීන් සමානව හිමි වීම අත්‍යවශ්‍ය කාරණයකි. එසේ නම් එම අයිතීන් ඉල්ලීම රාජ්‍ය විරෝධී ක්‍රියාවක් ලෙස ආණ්ඩුව සලකන්නේ නම් අපට කීමට ඇත්තේ එකම එක දෙයකි ඒ ඔව් අප ඒ රාජ්‍ය විරෝධී ක්‍රියාවන් වල නිරත වන බවයි.
අද අපගෙන් තොරතුරු ඉල්ලා සිටියේ බලහත්කාරයෙනි.නමුත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනතට අනුව අපගේ ඇඟිලි සලකුණු වල සිට සියලු තොරතුරු ලබා ගත හැක. විද්‍යුත් හදුනුපත් ලැබුණු පසුව පොලිසිය අපෙන් තොරතුරු ඉල්ලා කරදර කරන්නේ නැත. ඔබ කොහේ කොතැනක කුමක් කලද ඔබ අපරාද කරුවෙකු බවට පත්කොට අත්අඩංගුවට ගත හැක. මෙරට නීතියට අනුව අයිතීන් ඉල්ලීම අපරාධයක් බව පිළිගෙන හමාරය. SAITM හි තිබී හොර බඩු රහස් පොලිස් භාරයට ගැනින. හොර බඩු අයිතිකාරයට කිසිම අවුලක් නැත. මේ නීතිය එහෙමය. උසාවිය නිහඩය. එ නිහඩ බව කී නිසා උසාවිය නිහඩයි තහනම් කෙරිණ. එසේ නම් දැන් නීතියේ ආධිපත්‍ය ගැන කතා කියූ ඇත්තන් දැන්ද මේ ගැන කතා කිවයුතුය. ඇඟිලි සලකුණු පනතට පාර්ලිමේන්තුවේ කිසිඳු විරෝධයක් එල්ල වුයේ නැත. එසේ නම් හෙට අප සියලු දෙනා ආරක්ෂක අංශ වලට ඇඟිලි සලකුණේ සිට සියල්ල ලබා දිය යුතුය. මේවාට එරෙහි වීම රාජ්‍ය විරෝධී නම්? අප රාජ්‍ය විරෝධී නොවී කුමක් කරන්නද?

අධ්‍යාපනය විකිණීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීම් සිදු කල විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 10 දෙනෙකු අත්අඩංගුවට



අන්තර් විශ්වවිද්‍යාලයීය  ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නියෝජනය කරමින් ගලගමුව ප්‍රදේශයේ දැනුවත් කිරීම් සිදු කරමින් සිටි විශ්වවිද්‍යාල සිසුවියක් සහ සිසුන්  නව දෙනෙකු ගල්ගමුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
අද(08) උදෑසන ගල්ගමුව ප්‍රදේශයේ දැනුවත් කිරීම් වල නිරත ව සිටියදී ගල්ගමුව පොලිසියේ නිලධාරීන් පැමිණ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ඇත. ඒ අනුව අදාළ ප්‍රදේශයේ සහෝදරයෙකු තොරතුරු ලබා දීමෙන් අනතුරුවත් පොලිසිය දිගින් දිගටම සියලු දෙනාගේ තොරතුරු ඉල්ලා තර්ජනය කර ඇත්තේ තොරතුරු ලබා නොදෙන්නේ නම් අත්අඩංගුවට ගන්නා බවයි. ඉන් අනතුරුව ගල්ගමුව ප්‍රදේශයේ එම සිසු සිසුවියන් නවාතැන්  ගෙන සිටි නිවෙසට ගොස් එහි සිටි සහෝදරියක් හා සහෝදරවරු නව දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අධ්‍යාපනය විකිණීමට එරෙහිව පසුගිය මස 30 වනදා සිට මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක ගම්මාන ඉලක්ක  කරගනිමින් සිදු කරනුයේ විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන්  විසිනි. මෙම දැනුවත් කිරීම් වල ප්‍රතිපලයක් ලෙස අද(08) දවස වන විට අධ්‍යාපනය විකිණීමට එරෙහිව ජනතා උද්ඝෝෂණ  22ක් සිදු කර ඇත. මෙම උද්ඝෝෂණ අතරතුර විශේෂයෙන් බිබිල,බදුල්ල,අම්පාර,කුරුණෑගල,පොළොන්නරුව ප්‍රදේශවලදී පොලිසිය නිවෙස් වලට ගොස් උද්ඝෝෂණ සඳහා සහභාගී නොවන ලෙස තර්ජනය කිරීම් සිදු කර ඇත. එසේම රාජ්‍ය බුද්ධි අංශ වල පිරිස් එම ගම්  ප්‍රදේශ වලට ගොස් සහෝදර සහෝදරියන් පිලිබඳ අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරමින් තර්ජනය කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කෙරිණ.
ගල්ගමුවේදී අත්අඩංගුවට ගත සහෝදර සහෝදරියන්ගෙන් තොරතුරු ඉල්ලා සිටින්නේ අන් කිසිවකට නොව නිවෙස් වලට ගොස් තර්ජනය කිරීම් සිදු කිරීමට හා අභූත චෝදනා එල්ල කරමින් නිරන්තර පොලිසි වලට කැඳවීම් කිරීම් සඳහායි.
අධ්‍යාපනය විකිණීමට එරෙහි වීම අද අවන විට මෙරට පාලකයන්ට අනුව අපරාධයක් බවට පත් කොට ඇති අතර මෙවැනි ක්‍රියා හරහා එය තවදුරටත් තහවුරු වේ. මෙය පොලිසිය හිතුමතේ සිදු කල අත්අඩංගුවට ගැනීමක් නොව ආණ්ඩුවේ අණට කීකරු වී සිදු කල අත්අඩංගුවට ගැනීමකි. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකින අතර ඊට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමටද අප සුදානමින් සිටින්නෙමු.

උද්ඝෝෂණ වලට නොයන්නැයි පොලිසින් ජනතාවට තර්ජන

මේ දිනවල ක්‍රියාත්මක කෙරෙන අකුරට වින කල ක්‍රමයට එරෙහිව සිසු ජන අරගලය ගමින් ගමට වැඩසටහන යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක් ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක  කෙරේ. 
එහිදී අධ්‍යාපනය විකිණීමට එරෙහිව ජනතාව උද්ඝෝෂණ ව්‍යාපාර වල නිරත වීමද සිදු විය.
ඒ අනුව උද්ඝෝෂණ  සඳහා සම්බන්ද නොවන්නැයි  ප්‍රදේශ කිහිපයක ජනතාවට පොලිසියෙන්  නිවෙස් වලට පැමිණ තර්ජනය කර ඇත. බිබිල දොඩම්ගහලන්ද  ජනතාවට සහ බදුල්ල දික්කුබුර ජනතාවට මෙලෙස තර්ජනය කර ඇත. බිබිල පොලිසිය හා කන්දෙකැටිය පොලිසියේ නිලධාරීන් පැමිණ නිවෙස් වලට යමින් මෙලෙස තර්ජනය කර ඇත්තේ උද්ඝෝෂණ වලට සහභාගී නොවන ලෙසත් එසේ සහභාගී වුවහොත් ඔවුන්ගේ ඡ යාරුප ඉහලට යවන බවත් පවසමිනි. 
රටේ ජනතාවට මෙලෙස උද්ඝෝෂණය කිරීමට, විරෝධය පෑමට ඇති අයිතියට පොලිසිය මැදිහත් වී බාධා එල්ල කිරීම කිසිසේත්ම සිදු කල හැකි කාර්යයක් නොවේ. නමුත් ඉතා නින්දිත අකාරයෙන් සිදු වන මෙම සිදු වී පොලිස් නිලධාරීන්ම හඳුන්වන්නේ ඉහලින් එන අණ  ලෙසටයි. එසේම මේ අවන් විටත් පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ද අදාළ ගම වලට ගොස් දැනුවත් කිරීම් වල නිරත් වන සහෝදර සහෝදරියන් පිලිබඳ මඩ  අවලාද  ප්‍රචාරය කරමින් සිටී.